{"title":"Books by Apoorva Mandaram","description":null,"products":[{"product_id":"kadawara-කඩවර-by-apoorwa-mandaram","title":"Kadawara | කඩවර by Apoorwa Mandaram","description":"\u003cp\u003e\u003cspan\u003eඋඹට බෑ මයේ අවසරය නැතිව මැරෙන්ටවත්. මං උඹව උස්සාන ඇවිත් වෙදකම් නොකළා නම්, මෙලහකටත් උඹ තනිපංගලමේ අර ගුබ්බෑයමට වෙලා මියැදිලා. අන්න ඒකයි මම උඹව මෙහෙට ගෙනැව්වේ . උඹේ හිතුවක්කාරකම් අඩු වෙනකන්ම උඹව මයෙ පැලට ගෙන්නගන්ට නෙවෙයි මම උන්නේ. ඒත් දැන් මට කොරන්ට දෙයක් නෑ සුදු මැණිකෙ. උඹට මයේ පැලේ වසන්ට වෙනවා. හැබැයි එකක්... උඹ අර කලින් උන්න හිතුවක්කාර, මේ කඩවරව තඹේකට මායිම් නොකරන, බයක් කියන එකක් ගෑවිලාවත් නැති පරණ සුගන්දි වෙනකන් මම උඹට අතක් තියන්නෙ නෑ. මයෙ කඩවර අප්පච්චි පල්ලා, මම උඹට අත තියන්නෑ. සිහියක් නැතිව මෙතන දපලා ඉන්න උඹයි. මට අකමැතිව උන්න උඹයි දෙන්නාම මට එකයි. උඹ දැන් මේ මයෙ ළඟ ඉන්නෙත් උඹවත් නොදැන නෙව. කවදහරි උඹ ගුණ වෙලා උඹේ කැමැත්තෙන් උඹම මයෙ ලඟට එන්ට ඕනේ. ඒකයි උඹයි මායි අතර හැමදාම තිබුණ වචනෙ... ස්ථිරයි.ඒ වචනෙ උඹ මැරුණත් එහෙමමයි. හොඳින් හරි,නරකින් හරි, එක පාරකට හරි උඹ මයෙ ළඟට එන්ට ඕනේ. ඔව්, උඹ එනවාමයි..- අනිවාර්යයෙන්ම උඹ දවසක මයෙ ළඟට එනවාමයි...\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56218075038027,"sku":"978-624-5558-58-2","price":15.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1123.jpg?v=1767400084"},{"product_id":"kambili-කම්බිලි-by-apoorva-mandaram","title":"Kambili | කම්බිලි by Apoorva Mandaram","description":"\u003cp\u003eඇයට දැනුනේ තමාගේ ගෙල පිටුපසට තද වී ඇති ඔහුගේ අතෙහි උණුහුමය. කෙස් වැටියෙහි ඉසකෙයි ගස් අතරින් රිංගා ඇති ඔහුගෙ ඇඟිලිවල පහසය. ඇගේ මුහුණ මතට වේගයෙන් වැටෙන ඔහුගේ හුස්මෙහි සුවඳය. මත් විලාක් මෙන් ඇය කම්බිලි දෙසම බලා උන්නාය.\u003c\/p\u003e\n\u003cp\u003eපිච්චිගේ සිතුවිලි දැන වුන් කම්බිලි ඔහුගේ ශක්තිමත් වම් අත පිච්චිගේ බඳ වටා යවා තදින් ඇයව තමාගේ සිරුරට තද කරගෙන ඇගේ උරහිසේ සිට ගෙල දිගේ කන දක්වාම තදින් සිපගන්නට විය. එක් ක්ෂණයෙන් ඇගේ සිරුරෙහි හිරිගඩු පිපීමට තරම් ඉහළට ගත් හුස්ම නැවතීමට තරම් කම්ඹිලිගේ ඒ සිප ගැනීම ප්‍රබල විය. පිච්චි තවත් තදින් දෑස් වසා ගත්තේ ඔහුගේ ඒ උණුසුම ඇයට තව තවත් විඳීමට ඇවැසි වූ නිසාවෙනි. ඔහුගේ දිගැටි ඇඟිලි පිච්චිගෙ ගත පුරා සිතුවම් අඳිද්දී කම්බිලි බලා වුන්නේ දෑස් වසාගෙන තදින් හුස්ම ගන්නා ඇය දෙසය. හිතයි ගතයි දෙකම ඇවිලුනු ගැහැනියක් මත් කිරීම කොහොමටත් පිරිමියෙකුට එතරම් අපහසු දෙයක් නොවේය. තිස් තුන් අවුරුද්දට ගිණිය නොහැකි තරමට ගැහැණුන්ගේ පහස විඳි කම්බිලිට මදයෙන් ඇවිස්සී ඇවිලී හුන් පිච්චිව තමාට නතු කරගැනීමට අමුතුවෙන් වෙහෙස වීමට වුවමනා වූයේ නැත.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56504305910091,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2700.jpg?v=1770898800"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-apoorva-mandaram.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}