{"title":"Books by Chintha Lakshmi Sinha Arachchi","description":null,"products":[{"product_id":"aranakata-pem-benda-අරණකට-පෙම්-බැඳ-by-chintha-lakshmi-sinha-arachchi","title":"Aranakata Pem Benda |  අරණකට පෙම් බැඳ by Chintha Lakshmi Sinha Arachchi","description":"\u003cp\u003e\u003csmall\u003eමිනිසා සහ පරිසරය අතර  තිබෙන්නා වූ අධ්යාත්මික  සබඳතාව හා එහි අසිරිය පරිපූර්ණ අයුරින්ද ළගන්නා සුළු රිද්මයකින්ද මේ රමණීය ගද්ය කාව්යයෙන් වර්ණිතය. \u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eවිභූතිභූෂණ සිංහල පාඨකයා අභිමුවට පැමිණියේ මාවතේ ගීතය අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය නම් වූ නවකතාත්රයෙනි. එම කෘති සිංහලයට නැගූ චින්තා ලක්ෂ්මී සිංහආරච්චිගේ තවත් විශිෂ්ට පරිවර්තනයක් ලෙස \"අරණකට පෙම් බැඳ\" හැඳින්විය හැකිය.\u003c\/small\u003e\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53333076574539,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1759.jpg?v=1768949624"},{"product_id":"apuge-lokaya-අපූගේ-ලෝකය-translated-by-chintha-lakshmi-sinha-arachchi","title":"Apuge Lokaya | අපූගේ ලෝකය translated by Chintha Lakshmi Sinha Arachchi","description":"\u003cp\u003e\u003cspan\u003eඅපූ\" අප හඳුනා ගත්තේ \"මාවතේ ගීතයෙනි\". \"අපරාජිත ජීවිතයක්\" වූ කලී ඔහුගේ ගැටවර විය නිරූපණය කළ කෘතිය වේ. \"අපූගේ ලෝකය\" අපූ නම් වූ ස්වාමි පුරුෂයාගේ - පියාගේ පමණක් නොව හසකුත් දුක්ඛ දෝමනස්සයන් මැද අකම්පිතව ජීවත් වූ පැසුණු මිනිසාගේ ජීවන වෘතාන්තයේ අවසන් භාගය වේ. අපූගේ ජීවන ධාරිතාව පෘථුල කළ සුන්දර බිරිඳ අපර්ණා - ජීවත් වීමේ ආශාව දැල්වූ පුත් කාජල් ජීවනයේ මිහිරි සුවඳ විදහා පෑ ලීලා පාඨක සිත් සතන් තුළ සදා අමරණීය චරිත ලෙස අපූගේ ලෝකයේ සිතුවම් වී ඇත. පාඨකයාගේ ජීවිතාබෝධය ගැඹුරු කරන මේ තුන් ඇඳුතු රමණීය ගද්‍ය කාව්‍යය අසාමාන්‍ය මුනිවරයකුගේ චරිතාපදානයක් වැන්න.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56501523120459,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2676.jpg?v=1770846446"},{"product_id":"aparajitha-jeewithayak-අපරාජිත-ජීවිතයක්-translated-by-chintha-lakshmi-sinha-arachchi","title":"Aparajitha Jeewithayak | අපරාජිත ජීවිතයක් translated by Chintha Lakshmi Sinha Arachchi","description":"\u003cp\u003eවිභූති භූෂණ බන්ද්‍යොපාධ්‍යාය භාරතීය සාහිත්‍යාම්ඹරය ප්‍රභාමත් කළ ප්‍රතිභා සම්පන්න මහා ලේඛකයෙකි. ඔහුගේ නිර්මාණ භාරත දේශයේ පමණක් නොව ලෝක සාහිත්‍යයේද උස් අසුන්වල වැජඹේ. අපරාජිත ජීවිතයක් වූ කලී ඔහුගේ \"අපරාජිතෝ\" නම් වූ නවකතාවේ සිංහල පරිවර්තනයයි. වංග බස පිළිබඳ මනා පරිචයක් ඇති චින්තා ලක්‍ෂ්මී සිංහආරච්චි මුල් කෘතියේ සාරය, රස නුසුන් කොට සිංහල පාඨකයා හමුවට පමුණුවාලීමට සමත් වී තිබේ .\u003c\/p\u003e\n\u003cp\u003eඈ විසින්ම පරිවර්තනය කරන ලද (මේ ශ්‍රේෂ්ඨ ලේඛකයාගේම) මාවතේ ගීතය නම් වූ කෘතියෙන් සහෘද මනසට පිවිසුණු \"අපූ\" නම් වූ සදානුස්මරණීය චරිතයෙහි ගැටවරවිය අපරාජිත ජීවිතයක් නවකතාවට විෂය වී ඇත. සෑම ගැටවරයෙකුටම ජීවන අරගලයට මුහුණ දීමට අවශ්‍ය ආත්ම විශ්වාසය පිළිබඳ ගැඹුරු අරුතක් කු ගන්වන මේ නවකතාව සත්‍යජිත් රායිගේ සිනමා කාව්‍යයක් බවටද පත් විය.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56501530526027,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2680.jpg?v=1770846737"},{"product_id":"mawathe-geethaya-මාවතේ-ගීතය-translated-by-chintha-lakshmi-sinha-arachchi","title":"Mawathe Geethaya | මාවතේ ගීතය translated by Chintha Lakshmi Sinha Arachchi","description":"\u003cp\u003eබටහිර බෙංගාලයේ පිටිසර ගමක ජිවත් වූ දිලිදු බ්‍රාහ්මණයෙකු වූ හරිහරගේ චරිතය,\u003c\/p\u003e\n\u003cp\u003eඔහුගේ දරු දෙදෙනාගේ චරිතය,\u003c\/p\u003e\n\u003cp\u003eබිරිඳගේ හා ඥාති සොයුරියගේ චරිතය මෙම කෘතියෙන් නිරූපණය වේ.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56501537603915,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2684.jpg?v=1770847049"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-chintha-lakshmi-sinha-arachchi.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}