{"title":"Books by Damitha Nipunajith","description":null,"products":[{"product_id":"vismitha-sihina-dakinna-විස්මිත-සිහින-දකින්නා-by-damitja-nipunajith","title":"Vismitha Sihina Dakinna | විස්මිත සිහින දකින්නා by Damitja Nipunajith","description":"\u003cp\u003e\u003cspan\u003eඓන්ද්‍රීය සංවේදන පරාසයෙන් ඔබ්බෙහි නොනැවතී රළ නඟන අනන්ත අපරිමාණ රහස් සාගරයෙන් බිඳක් පමණක් වත් හෙළි කරන්නට වෙර දරණ පරිකල්පනයේ සාහිත්‍යමය විද්‍යා ගවේෂණය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57315809493323,"sku":null,"price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-7217.jpg?v=1778789495"},{"product_id":"kalawakashaye-sirakaruwa-කාලාවකාශයේ-සිරකරුවා-by-damitha-nipunjith","title":"Kalawakashaye Sirakaruwa| කාලාවකාශයේ සිරකරුවා by Damitha Nipunajith","description":"\u003cp\u003e\u003cspan\u003eකාලාවකාශයේ සිරකරුවා - හිස මදක් ඔසවා බැලූ විට ඔහුට පෙනී ගියේ ලී ගැබලිති ගල් කෑලි වර්ෂාවක් ඔහු වටා වසිමින් තිබෙන බවයි. එහෙත් ඒ වැටෙනා දේ වලට සිදුවන දෙය ඔහුව පුදුමයට පත් කළේය. වැටෙනා සියලු දෙය ඔහු වැතිර හුන් පොළොව මතට වැටුණු සැණින් මීදුමෙන් කළ මතුපිටක් මතට වැටුණාත් මෙන් ඒ තුළ සම්පූර්ණයෙන්ම ගිලී නොපෙනී ගියේය. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003eසංචාරක නියෝජිතයෝ - කෙසේ වෙතත් මා ඔහුව දුටු බව හඳුනාගත් සැණින් තඩි හිනාවකින් කට පුරවාගත් මේ චීනා, හීනයේ සිටියදී පවා මා පුදුමයට පත් කරන්නට හේ තු වූ පරිදි හොඳ සිංහලෙන් කතා කළේය.\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\"කරුණාකරලා ඔය කණ්ණාඩියෙන් ඉස්සරහ ඉන්න වෙලාවක මාව මතක් කරනවද?\"\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eගෞරවය - අද මම ඔබව රැගෙන යන්නේ ඒ මාවත් දෙක අතරින්ම විහිදුනු අපූරු මානයක් ඔස්සේයි. ඒ ගමන ඇරඹෙන්නේ බොහෝ දෙනකුට අසන්නට අමතක වූ, බොහෝ දෙනකුගේ සිතට කිසිදාක නොනැඟුණු ප්‍රශ්නයක් ඔස්සේයි.\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\"පිටසක්වළ ජීවීන් යනු, අන් කවරකුවත් නොව කාලයාත්‍රිකයන්ම නම්?\"\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබාගැනීමෙන් පසුව විද්‍යා සන්නිවේදකයෙකු ලෙස විදුසර පුවත්පතට සම්බන්ධ වූ දමිත 2010 වසරේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය විසින් පිිරිනමනු ලබන දිවයිනේ හොඳම විද්‍යා සන්නිවේදකයාට හිමි සම්මානය ගැනීමට සමත් විය. පරිපාලන සේවා විභාගය සමත් වී ශ්‍රී ලංකා පරිපාලන සේවයට තේරී පත්ව කලක් සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කළ දමිත පසුව ඉන් ඉවත්ව යෝගාවචරයෙකු ලෙස අධ්‍යාත්මික ගවේෂණයක නිරත විය. ඉන් අනතුරුව නැවතත් විදුසරට සම්බන්ධ වී කරන ලද විද්‍යා සන්නිවේදන කටයුතු වෙනුවෙන් ඔහුට 2015 වසරේදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් පිරිනමන වසරේ හොඳම සෞඛ්‍ය විද්‍යා සන්නිවේදකයාට හිමි සම්මානය හිමි විිය. 'විස්මිත සිහ දකින්නා ' නමින් පළවු ඔහුගේ කුළුඳුල් විද්‍යා ප්‍රබන්ධ කෘතිය 2008 වසරේ හොඳම ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධ කෘතිය සඳහා වූ රාජය සම්මානය හිමි කරගන්නා ලදි. ලේඛකත්ව හා ජනසන්නිවේදනය පිලිබඳ රාජ්‍ය පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකු වන දමිත දැනට බෞද්ධ අ්‍යයනය පිළිබඳ තම ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටියි.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57315886432587,"sku":"978-955-656-365-8","price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-7221.jpg?v=1778790026"},{"product_id":"thahanam-rahas-rakinna-තහනම්-රහස්-රකින්න-by-damitha-nipunajith","title":"Thahanam Rahas Rakinna | තහනම් රහස් රකින්න by Damitha Nipunajith","description":"\u003cp\u003eමා හිතාදර විශ්ව වැසියනි…😊👋\u003c\/p\u003e\n\u003cp\u003eවසර ගණනාවක් තිස්සේ සිතේ කොඳුරමින්, පොරබදිමින් සිටි රසාලිප්ත කතා ගොන්නක් තහනම් රහස් රකින්නා නමින් ඔබ හමුවේ ගෙන හැර තබමි. මෙතෙක් මගේ සිත් සීමාවේ හිඳ සතුට දැනවූ මේ වෘතාන්තයන් ඔබේ සිත් අවකාශයට ද ගෙන රසවිඳින්නැයි මෙයින් ආරාධනා කර සිටිමි. අතීතය, අනාගතය ගැන මෙන් ම අද ජීවත් වන ඔබ ගැන ද, ඔබේ දෘෂ්ටි කෝණයන් උඩු යටි කුරු කළ හැකි රහස් රැසක් මෙහි වෙයි. ඒවා මෙතෙක් ඔබ සංචාරය නොකළ, අසිරිමත් ඉසවුවකට ඔබගේ පරිකල්පනය කැඳවාගෙන යාමට සමත් වෙනු ඇතැයි විශ්වාස කරමි.\u003c\/p\u003e\n\u003cp\u003eවිද්‍යා ප්‍රබන්ධ ඇත්තේ විද්‍යාව දන්නා අය වෙනුවෙන් නොවේ. විද්‍යා ප්‍රබන්ධ ඇත්තේ අලුත්,වෙනස් දේ ගැන සිතන්නට කැමති අය වෙනුවෙනි. ඉතින් ඔබ අලුත්, වෙනස් දේ ගැන සිතන්නට කැමති අයෙක් නම් මේ කතන්දර ගොන්න ඔබ අමන්දානන්දයට පත් කරනු ඇතැයි මම සහතික වෙමි.\u003c\/p\u003e\n\u003cp\u003eඔබගේ විශ්වයේ සිටින අනෙකුත් මිත්‍රවාසීන් සමග ද මේ සුබාරංචිය බෙදා හදා ගනිත්වා. ඔබට තුති! ඔබට ජය! ❤️✌️\u003c\/p\u003e\n\u003cp\u003eතහනම් රහස් රකින්නා\u003cbr\u003eස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධ කෙටි කතා සංග්‍රහය\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57884971270475,"sku":"9786246881306","price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9328.jpg?v=1784249127"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-damitha-nipunajith.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}