{"title":"Books by James Rollins","description":null,"products":[{"product_id":"amazonia-ඇමසෝනියා-translated-by-manjula-dissanayake","title":"Amazonia | ඇමසෝනියා translated by Manjula Dissanayake","description":"\u003cp\u003e\u003cspan\u003eඇමසන් ඝන වනාන්තරයට ඇතුළු වූ කාල් රෑන්ඩ්ගේ විද්‍යා ගවේෂක කණ්ඩායම සලකුණකුදු නොමැතිව අතුරුදන් වේ. වසර ගණනකට පසු, එකී කණ්ඩායමේ විශේෂ බලකා සෙබල සාමාජිකයකු වනයෙන් මිදී නැවත මිනිස් ශිෂ්ටාචාරය කරා පැමිණීමට සමත් වේ. තුවාල කැළලින් ද අංග ඡේදනයෙන් ද, බියෙන් ද පීඩාවට පත්ව සිටි ඔහු දැවැන්ත අබිරහසක් ලෝකය හමුවේ ඉතිරි කරමින් පැය කීපයක් තුළ දී මරණයට පත් වේ. එක අතක් අහිමිව වනයට පිවිසි ඔහු ට නැවත වනයෙන් පිටතට පැමිණෙන විට දෑතම හිමිව තිබුණි! මෙම ගුප්ත සිදුවීම වටහා ගැනීමට නොහැකි වූ අමෙරිකානු රජය; නේතන් රෑන්ඩ්, මෙකී ගුප්ත අබිරහස් සැඟවුණු වනය කරා පිටත් කර හරින්නේ අතුරුදන් වූ ඔහුගේ පියා පිළිබඳ තොරතුරක් ද සෙවීම සඳහා ය. මේ අතර අමෙරිකාවට ගෙන එන විශේෂ බලකා සෙබලාගේ මළ සිරුරෙන් නිකුත් වන මාරාන්තික රෝගකාරකයක් හේතුකරණයකොටගෙන අමෙරිකාවේ ප‍්‍රාන්ත කීපයක්ම ආසාදනයට ලක්වේ. පිරිසක් මරණයට පත්වේ. සිතිය නොහැකි වේගයෙන් මාරාන්තික රෝගය අමෙරිකාව ආක‍්‍රමණය කරයි. නූතන වෛද්‍ය විද්‍යාවට පවා අභියෝග කරන මෙම මාරාන්තික රෝගයට ප‍්‍රතිකාරයක් සොයා ගැනීම ද නේතන් හමුවේ ඇති අභියෝගයක් බවට වේ. එහෙත් එහි දී නේතන්ටත්, ඔහු සමඟ ගවේෂණයට සහභාගී වන විද්‍යාඥයන්ට සහ අමෙරිකානු සෙබලුන්ටත් නොසිතූ විරූ අනතුරුවලට සහ සතුරන්ට මුහුණ දීමට සිදුවේ. මිනිස් පරිකල්පනයෙන් පවා ඔබ්බට දිවෙන බියකරු සිදුවීම්වලට මුහුණ දෙමින්, රුධිර ගංගාවන් මතින්, අවසානයේ දී ඇමසන් වනයට භීතිය ගෙනාවූත් ඇග ලොමුදැහැගන්වනසුලු වූත් යමක් සොයා ගැනීමට ඔවූහු සමත් වෙති. ඇමසන් වනයේ අඳුරු ලෝකය තුළ මානව ශිෂ්ටාචාරයෙන් වෙන්ව හුදෙකලාව සිදුවන මේ බියකරු සිදුවීම කුමක් ද? මිනිසාට කිසිවිටෙක පැරදවිය නොහැකි ස්වභාවධර්මයේ නියමයට පිටුපෑමට නේතන් ඇතුළු පිරිසට හැකි වේ ද? \u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56218921271627,"sku":null,"price":14.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1161.jpg?v=1767410251"},{"product_id":"altar-of-eden-by-james-rollins-used","title":"Altar of Eden by James Rollins | Used","description":"\u003cp\u003e\u003cspan class=\"a-text-bold\"\u003eThe fate of a new global terror lies in an ancient biblical mystery from the Book of Genesis... A breathtaking thriller from the NEW YORK TIMES bestselling author of MAP OF BONES and THE DOOMSDAY KEY.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eLouisiana veterinarian Lorna Polk stumbles upon a shipwrecked fishing trawler carrying a caged group of exotic animals, clearly part of a black market smuggling ring. Yet, something is wrong with these beasts, disturbing deformities that make no sense. They also all share one uncanny trait - heightened intelligence.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eTo uncover the truth about the origin of this strange cargo and the terrorist threat it poses, Lorna must team up with Jack Menard, a man who has a dark and bloody past. Together, they must hunt for a beast that escaped the shipwreck while uncovering a mystery that traces back to mankind's earliest roots...\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57977101386059,"sku":"9781407244228","price":2.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9809.jpg?v=1785327952"},{"product_id":"excavation-එක්ස්කැවේෂන්-translated-by-manjula-dissanayake","title":"Excavation | එක්ස්කැවේෂන් translated by Manjula Dissanayake","description":"\u003cp\u003eඇන්දීස් හි ඉහළ තැනකදී, ආචාර්ය හෙන්රි කොන්ක්ලින් වසර 500ක් පැරැණි මමියක් සොයා ගනී.\u003c\/p\u003e\n\u003cp\u003eමේ අතර දකුණු අමෙරිකානු වනාන්තරයේ ඈත, ඝන අභ්‍යන්තරයේ දී, කොන්ක්ලින්ගේ බෑණනුවන් වන සෑම්, උස් ශිඛර දෙකක් අතර පිහිටා ඇති, වසර දහස් ගණනක් තිස්සේ මිනිස් ඇස්වලින් වසන් ව තිබූ අපූරු භූමියකට පිවිසෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eඑහිදී, සියවස් ගණනාවක් තිස්සේ සැඟවී තුබූ රහස් සහ නිධානයන් සඳහා වූ පිවිසුමක්, මුද්‍රා තැබූ දොරටුවක් සොයාගැනීමට ඔහු සමත් වෙයි. සෑම් සහ ඔහුගේ කැණීම් කණ්ඩායම නටබුන්වලට පහළින් වූ කුටිවලට ඇතුළුව ඉදිරියට ගමන් කරති.\u003c\/p\u003e\n\u003cp\u003eනොසිතූ විරූ අවස්ථාවන් හි දී, ඉතා සූක්ෂ්ම ලෙස හසු කර ගැනීම සඳහා දක්ෂ ලෙස අටවා ඇති උගුල්වලට සෑම්ගේ කැනීම් කණ්ඩායමේ සාමාජිකයෝ බිලි වෙති. නොසිතූ විරූ අන්දමේ භීෂණයන්ට මුහුණ පාමින්, දිවි ගලවාගනිමින් ඉදිරියට යන්නට ධෛර්යය ඇතියවුන්ට අවසන ලැබෙන ත්‍යාගය සිතාගත නොහැකි තරමේ වස්තු සම්භාරයක් විය හැකිය.\u003c\/p\u003e\n\u003cp\u003eනමුත් අභ්‍යන්තරයට විහිදෙන අනතුරුදායක ගමන හදිසියේම අවසන් වන්නේ සම්පූර්ණයෙන්ම මග අවහිර කරන්නා වූ පුරාතන සොහොන් පිටියකිනි…!\u003c\/p\u003e\n\u003cp\u003eඑහි සිටිනුයේ තමන් පමණක් නොවන වග සෑම් කොන්ක්ලින් සහ ඔහුගේ ගවේෂණ කණ්ඩායම ඉක්මනින් ම වටහා ගනිති..!\u003c\/p\u003e\n\u003cp\u003eඔවුන් වෙනුවෙන් කුහර අභ්‍යන්තරයේ ඈත කෙළවර තවත් දෙයක් බලා සිටී….\u003c\/p\u003e\n\u003cp\u003eමිනිසා විසින් නිර්මාණය කරන ලද නමුත් මිනිසා විසින් නිර්මිතයයැයි සිතාගත නොහැකි පුදුම දෙයක්…! භයානක දෙයක්..!\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57985502576971,"sku":"9789553727596","price":12.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9866.jpg?v=1785406481"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-james-rollins-1.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}