{"title":"Books by Jayasena Jayakody","description":null,"products":[{"product_id":"pichcha-mala-පිච්ච-මල-by-jayasena-jayakody","title":"Pichcha Mala | පිච්ච මල by Jayasena Jayakody","description":"\u003cp\u003e\u003cspan\u003eමම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්, නිරතුරුවම මම ඒ බව සිතනවා. ඒ අනුව ක්‍රියා කරන්න උත්සාහ කරනවා. අන් අය කෙසේ සිතනවා ද, ක්‍රියා කරනවාදැ යි මම දන්නෙ නෑ. ඒ ගැන සොයන්න වෙහෙසෙන්නේ කුමකට ද මහත්තයා? ඒ හැර, මං පණ්ඩිතයෙක් ය, තරුණයෙක් ය, සැලකිය යුතු ධනයක් ඇති පන්සලක දෙවැන්නා ය, පන්සලේ අධිපතියා වූ කල කරන්නේ මේවා ය යනුවෙන් නිකමකට අනුවණ අදහස් මම වැළඳ ගන්නේ නෑ. මට හැම මොහොතක ම වගේ සිතෙන්නේ බුදුරජාණන් වහන්සේගේ යහපත් ශ්‍රාවකයින් වන සාරිපුත්ත මොග්ගල්ලාන මහා කාශ්‍යප වැනි ශ්‍රාවකයින් වහන්සේලා මා හා සසඳන කල, මා කොතරම් නිවට හිස් භික්ෂුවක් ද කියායි. බෝධිසත්ව චරිතවල සිද්ධෝර්ථ චරිතයේ බුද්ධ චරිතයේ අතිශයෝක්ති ආටෝප බුද්ධියෙන් හඳුනාගෙන, ඒවා බැහැර කර ගත්තාම අපිට බුදුරජාණන් වහන්සේ දැකගත හැකියි. ඊට පසු උන්වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මය අවබෝධකර ගැනීමටත් ඒ අනුව පැවැතීමටත් පහසුයි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e~රාහුල තෙරුණුවොඑ~\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58014273208651,"sku":"9789556863406","price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9937.jpg?v=1785627363"},{"product_id":"there-tharanaya-තෙර-තරණය-by-jayasena-jayakody","title":"There Tharanaya | තෙර තරණය by Jayasena Jayakody","description":"\u003cp\u003e\u003cspan\u003e\"අනේ නායක හාමුදුරුවනේ, රාහුල නායක හාමුදුරුවෝ විහාර මළුව පල්ලමේ පඩි පෙළෙන් වැටුණා! මම උස්සාගෙන ඇවිත්....\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමෙනවා? කවුද උන්නාන්සේව කන්දට දොක්කාගෙන ගියේ?\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"උන්නාන්සේ ම යි මට කතාකළේ. මම පරෙස්සමෙන් එක්කං ගියා. බුදුපිළිම වහන්සේට බිම දිගාවෙලා යි වන්දනාමාන කළේ. බුදුන් වහන්සේගෙන් සමුගත් බවකුත් මට කියාසිටියා! ඇඳිරියත් සමග යි පල්ලම බැසීම ඇරඹුවේ. විහාර මළුවේ දි බොහෝ දෙනා සමග කතාබහේ යෙදුණු නිසා එහි පැයකටත් වැඩි වේලාවක් රැඳීසිටීමට සිදුවුණා.\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"සිංහ නොවෙයි, මොකද දැන් නායක හාමුදුරුවන්ට, තුවාල ද?\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"පේන්න තුවාලයක් නම් නැහැ. ඒත් අංගයක් පණ නැහැ වගේ. කතාකරන්නත් බැහැ.\"\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58014342644043,"sku":"9789556863451","price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9942.jpg?v=1785628695"},{"product_id":"pinketha-පින්කෙත-by-jayasena-jayakody","title":"Pinketha | පින්කෙත by Jayasena Jayakody","description":"\u003cp\u003e\u003cspan\u003e\u003cstrong\u003eනමුත් හාමුදුරුවනේ ස්වල්ප පිරිසක් හැර, සමස්තයක් හැටියට ගත් කල අද අපේ මිනිසුන් දෙස බලා කිසිසේත් සතුටුවීමට පුළුවන්කමක් නෑ. දූෂිතම තත්වයේ පසුවන්නේ පාලක පක්ෂය යි. තත්ත්වය මේ ආකාරයට දිගින් දිගට වර්ධනය වුණොත් අනාගතය ඉතා භයානක යි. මම අපේ පොඩි හාමුදුරුවො එක්කත් කතාකරකර හිටියෙ ඒ ගැන යි.”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\u003cstrong\u003e“ඉහළ පහළ මැද කොතැන පසුවුවත්, අතළොස්සක් දෙනා හැර සෙසු සියලු මනුෂ්‍යයෝ අඩු වැඩි වශයෙන් කෙලෙසුන්ගෙන් ආතුරවූවෝ නොවැ. අනුකම්පා කටයුතු යි. එදා හොඳ ය, අද නරකය කියා කම්පා විය යුතු නැහැ මහත්තයා. එයින් තැළෙන්නේ තම සිතයි. බොහෝ කාරණා කටයුතු සම්බන්ධයෙන් මහත්තයා ප්‍රඥාවන්ත යි. අඳුරට දොස් නොනඟා එයට පහනක් වනු නම් අගේ නොවැ.”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58014450024779,"sku":"9789555517959","price":5.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9947.jpg?v=1785629525"},{"product_id":"ambu-daruwo-අඹු-දරුවො-by-jayasena-jayakody","title":"Ambu Daruwo | අඹු දරුවො by Jayasena Jayakody","description":"\u003cdiv class=\"product attribute overview\"\u003e\n\u003cdiv class=\"value\" itemprop=\"description\"\u003e\"ඔන්න අම්මේ තෙමුවා. පුතා දෙන්න මගෙ අතට.\" බබුන් කීවා ය. \u003cbr\u003e\"කෑනොගහ ඉඳිං. පොඩි එව්වො වුණාම තෙත දාන්නෙ නැද්ද?\"\u003cbr\u003e\"ඔය රෙද්ද ගලෝල දෙන්න අම්මෙ නංගිට අව්වට දාන්න.\" බබුන් නැවත යෝජනා කරයි. \u003cbr\u003e\"පිස්සු නැතිව හිටහං, මට ඕවා හුරුයි පුතා අතට ගන්නකොට ම හිතුවා තෙත් කරයි කියල. තෙත නෙමෙයි, කැත දැම්මත් මං රෙද්ද ගලවන්නෙ නෑ. මේ වෙලුන් පොඩිකාලෙ දණගාගෙන ඇවිල්ලා මගෙ බත් මැටි කෝප්පෙට එක දහදොළොස් වතාවක් තෙත දාන්න නැතැයි. මං බත් ටික අහක දැම්මැයි?\"\u003cbr\u003eඉහ වහාගිය දයාවෙන් මව දෙස බලාහුන් වෙලුන් මහ ආඩම්බරයකින් යුතුව ගෙනා පසෙ ඔසවාගෙන නැනදනිය වෙත ගොස් එය ඇය ඉදිරියේ තැබුවේ ය.\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58014492557643,"sku":"9789556863345","price":6.59,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9952.jpg?v=1785630614"},{"product_id":"upeka-උපේකා-by-jayasena-jayakody","title":"Upeka | උපේකා by Jayasena Jayakody","description":"\u003cp\u003e\u003cspan\u003eපද්මාවතී ළිප ළඟ බංකු පොඩ්ඩේ හිඳගෙන තේමිය කුමාරයා සිහිපත් කළා ය.පැවදීව හුදකලාව වනයෙහි වාසය කරන පුත් කුමරා බලන්නට පිය රජතුමා දිනක් ගියේ ය.ඔහු බලාපොරොත්තු වූයේ රළු වනයෙහි වන ඵල අහරකොට ගනිමින් ජීවත්වන තම පුත් කුමරා අතිශයින් කෘෂව ජරාජීර්ණව දුකය පත්ව ඇතැ යි කියාය.එහෙත් බොහෝ පැහැපත්ව ප්‍රබෝධමත්ව ඔහු එහි පසුවන බව දුටු රජතුමා මවිතයට පත්ව මේ කටුක වනයෙහි මෙසේ පැහැපත්ව පසුවන්නේ කෙසේ දැ යි.ප්‍රශ්න කළේ ය.අතුරනලද කොළ ඇතිරියෙහි තනිව නිදමි.කඩුගත්තාවූ රාජාරාක්ෂයෝ මා වටා නැත්තෝය.අතීතය ගැන සිතා ශෝක නොකරමි.අනාගත ප්‍රාර්ථනා ද නැත.වර්තමානයෙන් යැපෙමි.මේ නිසා පියරජතුමනි මට මැනැවින් නිදි ලැබේ.ශරිර වර්ණය පැහැපත් වේ. සෝ තැවුන් නැත තරුණ තේමිය තවුසා පිළිතුරු දුන්නේ ය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58014512447819,"sku":"9789556863420","price":6.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9956.jpg?v=1785630968"},{"product_id":"araliyamal-aramaya-අරලියමල්-ආරාමය-by-jayasena-jayakody","title":"Araliyamal Aramaya | අරලියමල් ආරාමය by Jayasena Jayakody","description":"\u003cp\u003e\u003cspan\u003eඋන්නාන්සේ තොට මේ අහවල් වැඩේ කළා නම් මෙතෙන්ට වඩීද? උන්නාන්සෙගෙ මූණ දැක්ක ගමන් මාව දැපනයය වැටුණා.”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e“ඒක තමයි මට උනෙත්…”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e“මේකි කන්න එපැයි මේ කියන කතාවට. තොට හෙණ හත ගහනව බොල”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e“අම්ම ඉතින් හාමුදුරුවන්ගෙන් අහල බලන්නකො ඇත්ත. ඉවරයිනෙ”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e“තෝ අපිට පටලෝනවා. නූල් බෝලෙ වගෙ පටලෝනවා.”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e“පටලවාගෙන තියෙන්නෙ අම්මලානෙ. මම ඔව් කියනවා. අම්මල නෑයි කියනවා. හාමුදුරුවන්ගෙන් අහන්නෙ නැතිව. මම නෙ දන්නෙ වෙච්ච දේ. ඒ වෙලාවල්වල හාමුදුරුවන්ගෙ ඔය සිල් මොකුත් තිබුනෙ නෑ.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58014524899659,"sku":"9789556863413","price":7.39,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9960.jpg?v=1785631684"},{"product_id":"sil-suwanda-සිල්-සුවඳ-by-jayasena-jayakody","title":"Sil Suwanda | සිල් සුවඳ by Jayasena Jayakody","description":"\u003cp\u003e\u003cstrong\u003e\u003cspan\u003e“ඔබ බ්‍රහ්මචරියාව රකින බවට හා සත්‍යවාදී වන බවටත් ප්‍රතිඥා දී තිබෙනවා?”\u003c\/span\u003e\u003c\/strong\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cstrong\u003e\u003cspan\u003e“මම පින්තූරය බැලූවා පමණයි ලොකු හාමුදුරුවනේ.”\u003c\/span\u003e\u003c\/strong\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cstrong\u003e\u003cspan\u003e“බලා එය සිතින් හැලුවා නම් කම් නැහැ. එය මගෙන් වසංකොට මුසා බස් ද දෙඩුවා නොවැ? මම ඔබට සෙසු බොහෝ උපාධ්‍යයන් වහන්සේ මෙන් නිරතුරුව කෙවිටිකරන්නේ, දොසක් දුටු විට බැණවදින්නේ නැහැ නොවැ? මම ඔබට සපයා ඇත්තේ අවවාදයට වඩා ආදර්ශය යි. ඔබ නොසංසුන්. සංසුන්වන්න ආනන්ද. සිත පැවිදි කරන්න. පැවිද්ද බන්ධනයකැ යි සිතෙනවා ඇති? ගිහි ජීවිතය සුන්දර යයි මිහිරි යයි හැගෙනවා ඇති? ඒ හා ඇලෙන්නත් ආසාවෙන් පසුවනවා ඇති? එසේ නොවේ ද ආනන්ද?\"\u003c\/span\u003e\u003c\/strong\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58014539612491,"sku":"9789556863437","price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9964.jpg?v=1785632070"},{"product_id":"mahamera-මහමෙර-by-jayasena-jayakody","title":"Mahamera | මහමෙර by Jayasena Jayakody","description":"\u003cp\u003e\u003cstrong\u003e \u003cspan\u003e“අර ගෑනි මහ හදිස්සියකට වාගේ දුවගෙන ඇවිත්, කවුරු එනවා කියල ද කිව්වේ හාමුදුරුවනේ?”\u003c\/span\u003e\u003c\/strong\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\u003cstrong\u003e“පාදිලිතුමෙක්”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\u003cstrong\u003e“මොනවා හාමුදුරුවනේ… පාදිලියො පන්සල්වලට එනවැයි?”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\u003cstrong\u003e“කාරි නෑ නොවැ. ඉස්සර මේ අපේ උන්නාන්සේලයි ඒ ඇත්තොයි අතර වාද භේද වාද විවාද බොහොමයි. දැන් ඒවා සමනය වෙලා ඇයි හොඳයිකම් පවා පවත්වනවා. මම ඒ ඇත්තොත් එක්ක තවමත් කතාබහ කර නැහැ. නමුත්, ඒ ඇත්තො දැනුම් තේරුම් තිබෙන යහපත් උදවිය බව අසා තියෙනවා.”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\u003cstrong\u003e\"ඕකනෙ කියන්නෙ… ඕනෑ වසවර්තියෙක් හාමුදුරුවන්ට හොඳයි. මං අහගෙනයි, පියදාසයටත් එන්නෙයි කියලා කියනවා? ඌ එදා කියාපුවා හාමුදුරුවන්ට මතක නම් එන්නෙයි කියලා කියනව ද එහෙම?”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\u003cstrong\u003e“මට ඒවා අමතක යි සිංඤප්පු උන්නැහැ.”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58014546067787,"sku":"9789555517942","price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9968.jpg?v=1785632479"},{"product_id":"sudu-neluma-සුදු-නෙළුම-by-jayasena-jayakody","title":"Sudu Neluma | සුදු නෙළුම by Jayasena Jayakody","description":"\u003cp\u003e\u003cspan\u003e\"මායිම් ගම්මානෙක අනාථ දැරියක බව සොයිසා මහතාගෙනුයි දැනගන්න ලැබුණෙ.\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"ඒ වගත් හාමුදුරුවොත් දන්නව එහෙනම්? මගේ මහත්තයා මේකිට අනුකම්පාකරලා උස්සාගෙන ආවෙ නැත්නම් මෙලහට මේකිගෙ ඇටකටුත් නෑ. කරුමදණ්ඩක් හාමුදුරුවනේ! මේකිගෙ පවට වෙන්න ඇති පවුලෙ ඔක්කොම කොටි මරාදාන්න ඇත්තෙ. මේකි ඉන්න ගමකටවත් හොඳක් වෙන්නෙ නෑ. හෙට අනිද්දා ළමොස්සි වුණාම මට මුරදාන්නයි වෙන්නෙ.\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"මහත්මියගෙ කැමැත්ත මේ දැරියගෙන් අත්මිදීම ද?\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"මේකිට මා අතින් මොනව වෙයි ද දන්නෙ නෑ.\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමෙතෙක් වෙලා දොර මුල්ලේ ගුලි ගැසී හුන් දැරිය තෙරණුවන් වෙත දණගාමින් පැමිණ පෙරැළුණාය. \"අනේ හාමුදුරුවනේ මේ නෝනා ළඟට මට යන්න බෑ! මට කවුරුවත් නෑ. මාව මරාවි! මේ පන්සලේ මාව තියාගන්න හාමුදුරුවනේ.\"\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58014548459851,"sku":"9789556863444","price":7.59,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9972.jpg?v=1785632748"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-jayasena-jayakody.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}