{"title":"Books by Lakshini Dilrukshi","description":"\u003cp\u003eBooks by Lakshini Dilrukshi available at UK Sinhala Poth Kade.\u003c\/p\u003e","products":[{"product_id":"alu-as-අළු-ඇස්-by-lakshini-dilrukshi","title":"Alu As | අළු ඇස් by Lakshini Dilrukshi","description":"\u003cp\u003eඑක් දෙයක් හොදින්ම තහවුරුය. එනම් ඇගේ ඇස් අළු පාටින් පේන්නෙ මටම පමණක් වගය. එය විස්වාස කළ හැකිද? මා මේ සිහිනයක් දකිනවා විය හැකිද? මෙය වෙනත් පුද්ගලයෙකුට පැවසිය හැකිද? එසේ පැවසුවොත් ලැබෙන ප්‍රතිචාරය කුමක් විය හැකිද?\u003c\/p\u003e\n\u003cp\u003eවර්ණ හදුනා ගැනීම පිළිබඳව ගැටලුවක් මට නොමැති බව හොදින්ම විස්වාසය. මෙය සාමාන්‍ය ලෝකයේ සිදුවිය හැකියැයි විස්වාස කිරීමට අපහසු බව සැබෑය. නමුත් මා මේ වන විට එවැනි අසාමාන්‍ය සිදුවීමකට මුහුණ දෙමින් සිටින බව දන්නා එකම පුද්ගලයා මා පමණි…\u003c\/p\u003e\n\u003cp\u003eප්‍රබන්ධ චිත්‍රපටයක් තුළ අතරමංව සිටින්නාක් බඳු හැඟීමක් මට දැනෙයි. ඇය කුමක් හෝ දෙයක් සඟවාගෙන ජීවත් වන ගුප්ත චරිතයක් වග මෙහි පැමිණි දිනම මා වටහා ගතිමි.\u003c\/p\u003e\n\u003cp\u003eඅශ්වින්ගේ අභිරහස් මරණය.. මටම පමණක් පෙනෙන අළු පාට ඇස්.. පාරම්පරික වෙද හෙදකම් ගුරුකම් වලට ප්‍රසිද්ධ පවුලක්.. යශෝරාගේ ගුප්ත හැසිරීම… එකිනෙකට සම්භන්ධ හෝඩුවාවල් විය හැකිද? “අළු යට හැංගුනු ගින්දරක් තියෙන්නම ඕනිනේ.. ඔය අළුපාට ඇස් අස්සේ හැංඟුන ගින්දර එලියට අරගෙනමයි මං මෙහෙන් යන්නෙ…..” මා ජනේලයෙන් පිටත බලමින් මටම පොරොන්දු වුණෙමි.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57825481097547,"sku":"978-624-94870-0-0","price":10.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9047.jpg?v=1783698162"},{"product_id":"kala-bandhana-කාල-බන්ධන-by-lakshini-dilrukshi","title":"Kala Bandhana | කාල බන්ධන by Lakshini Dilrukshi","description":"\u003cp\u003eඅභිමන්ත්‍රාගේ කාමරය තුළ ඇය නොසිටි බැවින් මා වේගයෙන් තරප්පු පෙල බැස පහලට පැමිණෙන විටම මහා හඬක් නංවමින් අකුණක් පුපුරා ගිය අතර ඊටත් තත්පරයකට පමණ පසු මා හට ඇසුණේ සාරධා යටිගිරියෙන් නැගූ විලාප හඩකි.\u003c\/p\u003e\n\u003cp\u003eඒත් සමගම ඇය දෙසට දිව ගියේ සිදුවූයේ කුමක්දැයි සිතාගැනීමට නොහැකිවය. මා ඇය දෙසට කිට්ටු වූ විට දුටුවේ ඇය සුදුමැලි වූ මුහුණින් ගෙමිදුලේ කෙළවරක් දෙස බලා සිටින අයුරුය. නමුත් පැවති දැඩි අඳුර නිසාවෙන් එම ඉසව්වේ තිබූ කිසිවක් නොපෙනිණි.\u003c\/p\u003e\n\u003cp\u003e“සාරා..” මා ඇය අමතන විට ඇය එක් අතකින් මාගේ අතින් අල්ලාගෙන අනෙක් අත දිගු කලේ ගෙමිදුලෙහි අදුරු කෙළවරක් දෙසටය. ඇය පෙන්වූ ඉසව්ව දෙස බැළුවද අදුර හා වර්ෂාව හේතුවෙන් මා හට කිසිවක් නොපෙනණි.\u003c\/p\u003e\n\u003cp\u003eඒත් සමගම නැවතත් උස් හඩින් අකුණක් පුපුරාගියේ පලාතම ඒකාලෝකමත් කරමිනි. එම ආලෝකයේ උදව්වෙන් මා හට ඇය පෙන්වූ ඉසව්ව පැහැදිලිව පෙනුණු අතර එවිට මා දුටු දසුන හේතුවෙන් මාද සාරධාගේ අත තද කොට අල්ලා ගත්තේ ඇය තවත් මා වෙත වාරු වන විටය.\u003c\/p\u003e\n\u003cp\u003eමා දුටුවේ අභිමන්ත්‍රා වග මා හට හොඳින්ම විශ්වාසය. නමුත් අකුණෙහි ආලෝකයෙන් එක්වරම විශාල කළු පැහැති කොටියෙකුගේ ඡායාවක් ඇදී මැකී ගියේ යාන්තමින් පෙනෙණ නොපෙනෙණ මට්ටමට ය.\u003c\/p\u003e\n\u003cp\u003eඑම සත්ත්වයාගේ ස්වරූපය කොතරම් බිහිසුණු දැයි පැවසුවහොත් මා එම සත්වයාව දුටුවේ එක් නිමේෂයකට පමණක් වුවද එක්වරම ඇඳී මැකී ගිය එම ඡායාව දැකීමෙන් මා හට දැනුණේ කශේරුකාව ඔස්සේ විදුලි දහරාවක් ගමන් කරනවාක් මෙන් හැගීමකි. මොහොතින් ඇදී මැකී ගිය එම සත්වයා සිටි ස්ථානයේ ඉන්පසුව මා දුටුවේ ඇද හැලෙන මහා වර්ෂාව මධ්‍යයෙහි ඒ පිළිබඳ වගක් හෝ නොමැතිව සිටින අභිමන්ත්‍රාවය.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57829762400587,"sku":"978-624-94870-1-7","price":12.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9052.jpg?v=1783701703"},{"product_id":"chandra-horawa-චන්ද්‍ර-හෝරාව-by-lakshini-dilrukshi","title":"Chandra Horawa | චන්ද්‍ර හෝරාව by Lakshini Dilrukshi","description":"\u003cp\u003eරටේ නම් දැරූ ඇගලුම්\u003c\/p\u003e\n\u003cp\u003eකම්හලක්..\u003c\/p\u003e\n\u003cp\u003eනේවාසිකාගාර වටා සැරිසරනා\u003c\/p\u003e\n\u003cp\u003eඅද්භූත රුවක්..\u003c\/p\u003e\n\u003cp\u003eඑම අද්භූත භයානක රුවට තරුණියන් වශී වන බවට\u003c\/p\u003e\n\u003cp\u003eසැකයක්..\u003c\/p\u003e\n\u003cp\u003eතරුණ සේවිකාවන්ගේ හදිසි\u003c\/p\u003e\n\u003cp\u003eමරණ කිහිපයක්..\u003c\/p\u003e\n\u003cp\u003eහිස ප්‍රතිවිරුද්ධ දෙසට හරවා ගෙල කඩා ඇති බවත්,\u003c\/p\u003e\n\u003cp\u003eමරණයට පත් වූ තරුණියන්ගේ හදවත් අතුරුදහන් බවත්, මරණ පරීක්ෂණ වාර්ථා වලින් භයානක හෙළිදරව් වීම් රැසක්.. සත්‍ය සොයා යන තරුණ ආයතන ප්‍රධානියාට\u003c\/p\u003e\n\u003cp\u003eසේවිකාවන්ගේ මරණයට හේතු සොයා ගැනීමට හැකිවේවිද….\u003c\/p\u003e\n\u003cp\u003eසන්නාලියන්ගේ මරණ පිටුපස\u003c\/p\u003e\n\u003cp\u003eසැඟවුණු හේතුව\u003c\/p\u003e\n\u003cp\u003eශාපයක්ද…\u003c\/p\u003e\n\u003cp\u003eබිලිගැනීමක්ද..\u003c\/p\u003e\n\u003cp\u003eඅපරාධයක්ද…\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57829876826443,"sku":"978-624-94870-5-5","price":9.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9056.jpg?v=1783702811"},{"product_id":"purawathaka-shesha-පුරාවතක-ශේෂ-by-lakshini-dilrukshi","title":"Purawathaka Shesha | පුරාවතක ශේෂ by Lakshini Dilrukshi","description":"\u003cp\u003eඉතිහාසයෙන් සැගව ගිය පුරාණ නුවරක් සොයා යන,\u003c\/p\u003e\n\u003cp\u003eවිශ්ව විද්‍යාල සිසුන් පිරිසක්…\u003c\/p\u003e\n\u003cp\u003eබිහිසුනු සිදුවීම් දාමයක්…\u003c\/p\u003e\n\u003cp\u003eජීවිත බිලිගැනීමක්? සියදිවි නසා ගැනීමක්? මිනීමැරුමක්?\u003c\/p\u003e\n\u003cp\u003eතරුණයෙකුගේ මතකය අහිමි වීමක්…\u003c\/p\u003e\n\u003cp\u003eපැරණි හෙල වෙදකමට ප්‍රසිද්ධ තරුණ වෙදැදුරෙක්….\u003c\/p\u003e\n\u003cp\u003eඅතීතයේ සිට අනාගතයට කතා කරන,\u003c\/p\u003e\n\u003cp\u003eඅභිරහස් තරුණයෙක්….\u003c\/p\u003e\n\u003cp\u003eසත්‍ය සොයා යන තරුණ නීතිඥවරියට,\u003c\/p\u003e\n\u003cp\u003eඅතීතයත් වර්ථමානයත් අතර සම්භන්ධයක් ඇති කල,\u003c\/p\u003e\n\u003cp\u003eඡීවිතයක් බ්ලිගත් මෙම භයානක අභිරහස විසදා,\u003c\/p\u003e\n\u003cp\u003eසොයුරාගේ පියවි සිහිය ලබා ගත හැකි වේවිද… අපරාධයක සාක්ෂි තුලින් මතුවන, සැගවී ගිය අතීත උරුමයක අභිරහස….\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57829921587531,"sku":"978-624-94870-3-1","price":13.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9060.jpg?v=1783703365"},{"product_id":"shwetha-nidrawa-ශ්වේත-නිද්‍රාව-by-lakshini-dilrukshi","title":"Shwetha Nidrawa | ශ්වේත නිද්‍රාව by Lakshini Dilrukshi","description":"\u003cp\u003eනැවත අවධි විය නොහැකි නිද්‍රාවකට පන්වන\u003c\/p\u003e\n\u003cp\u003eරෝගයක්.\u003c\/p\u003e\n\u003cp\u003eරෝගයට ගොදුරුවන සියල්ලන් සම විරූපී වී\u003c\/p\u003e\n\u003cp\u003eනිද්‍රාව තුලම මිය යාමේ තත්වයත්.\u003c\/p\u003e\n\u003cp\u003eවෛද්‍යවරුන්ට හෝ මරණ පරීක්ෂණ වලින් හෝ\u003c\/p\u003e\n\u003cp\u003eතහවුරු කර ගැනීමට නොහැකි අභිරහසක්.\u003c\/p\u003e\n\u003cp\u003eදාම ඝාතන රැල්ලක් බවට සැකයක්.\u003c\/p\u003e\n\u003cp\u003eඅපරාධ කරුගේ ලිපි රැගෙන එන අත්භූත\u003c\/p\u003e\n\u003cp\u003eභයානක පෙනුමැති බකමූණෙක්.\u003c\/p\u003e\n\u003cp\u003eඅභිරහස විසදීමට භාරගන්නා දක්ෂ තරුණ\u003c\/p\u003e\n\u003cp\u003eCID නිලධාරීන් දෙදෙනෙත්.\u003c\/p\u003e\n\u003cp\u003eවිමර්ශන අතරතුර හෙලිවන තවත් අභිරහස්\u003c\/p\u003e\n\u003cp\u003eරැසක්..\u003c\/p\u003e\n\u003cp\u003eතරුණ CID නිලධාරීන් දෙදෙනාට මේ අභිරහස\u003c\/p\u003e\n\u003cp\u003eවිසදා භයානක දාම ඝාතකයාව කොටු කර\u003c\/p\u003e\n\u003cp\u003eගැනීමට හැකි වේවිද\u003c\/p\u003e\n\u003cp\u003e“වියරු දාම ඝාතන රැල්ලක හෝඩුවාවන් තුල\u003c\/p\u003e\n\u003cp\u003eසැඟවුනු කළු සුදු සාක්ෂිය”\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57830893977931,"sku":"978-624-94870-4-8","price":11.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9064.jpg?v=1783704293"},{"product_id":"bhawa-dwara-භව-ද්වාර-by-lakshini-dilrukshi","title":"Bhawa Dwara | භව ද්වාර by Lakshini Dilrukshi","description":"\u003cp\u003eඑසේ නම් මගේ අනුමාබ නය නිවැරදිය. හිස මත මහා බරක් පටවා ඇති බවක් හා අවට අඳුරු වන බවක් දැනෙන විට මා සයනය මතින් අසුන් ගත්තේ දැතින්ම හිස බදාගෙනය.\u003c\/p\u003e\n\u003cp\u003eඑවන් දෙයක් සිදුවේදැයි කියා විශ්වාස කිරිමටද අපහසුය. මා ඉක්මනින් ඇමතුමක් ලබා ගත්තේ සංදේශ්ටය.\u003c\/p\u003e\n\u003cp\u003e“භූමික…. කියහං… මං මේ උබ ගන්නකං බලං හිටියේ… මට තාම හිතාගන්න බෑ සෙනාලි සල්ලි අරන් මොකද්ද කරේ කියලා…” මා කිසිත් පැවසීමටත් පෙර සංදේශ් පැවසුවේ මා ඇඟිලි තුඩුවලින් නළල තෙරපවා ගන්නා විටය.\u003c\/p\u003e\n\u003cp\u003e“සෙනාලි නෙවෙයි සල්ලි අරන් තියෙන්නේ…” මා එක්වරම එසේ පැවසුවේ මෙය තවදුරටත් මාගේ සිත තුළ රඳවාගෙන සිටීමට අපහසු බව දැනුණු බැවිනි.\u003c\/p\u003e\n\u003cp\u003e“මොකක්…? සෙනාලි නෙවේ නම් කවුද කල්ලි අරගත්තේ…? අර බෑන්ක් එකෙන් ගත්ත විස්තරවල පැහැදිලිවම තියෙනවා ඒ එකවුන්ට් එක සෙනාලිගෙ කියලා…” සංදේශ් පුදුමයෙන් පිළිතුරු ලබාදුන් අතර ඔහුගේ හඬ සාමාන්‍ය ස්වවරයට ඩා උස් වූවා යැයි පැවසුවහොත් නිවැරදිය.\u003c\/p\u003e\n\u003cp\u003e“මට සීයට දාහක් විශ්වාසයි සල්ලි අරන් තියෙන්නේ සෙනාලි නෙවෙයි කියලා. මං ඒ කොහොමද කියලා හරියටම කියන්නම්. උඹ මට කියහං සෙනාලි නැති උනේ හරියටම කවද්ද කියලා…” මා ලේ දන්දීම වෙනුවෙන් ලබාදෙන කාඩ් පත අතෙහි තබාගෙන සංදේශ්ගේන් විමසුවෙමි.\u003c\/p\u003e\n\u003cp\u003e“සෙනාලි වැවේ ගිලිලා තිබබේ මාර්තු විස්ස. එදා රෑ වගේ වෙනකොට තමයි මටත් පණිවිඩය ලැබුනේ. මං එවලෙම මෙහෙන් පිටත් වුණා. උඹ දන්නවනේ එදාම මිනිය හම්බුනේ නෑ කියලා.” සංදේශ්ගේ ස්වරය සිහින් හා දුක්මුසු ස්වරූපයක් ගනු ලැබීය.\u003c\/p\u003e\n\u003cp\u003e“දැන් අර විස්තරවල බලහං සල්ලි අරගෙන තියෙන්නේ කවද්ද කියලා…” මා පැවසුවේ සුසුමක් හෙලමිනි.\u003c\/p\u003e\n\u003cp\u003eඉන්පසු ගත වූයේ නිහඬ කෙටි තත්පර කිහිපයකි. සංදේශ් තොරතුරු පරික්ෂා කඑනු ඇතැයි මා අනුමාන කළෙමි.\u003c\/p\u003e\n\u003cp\u003e“මාර්තු විසි තුන..” සංදේශ්ගේ හඬ යන්තමින් වෙවුලන ස්වරූපයකින් යුතුවිය. එය එසේ නොවූවානම්ද පුදුමය. සෙනාලි වැවට බිලි වූයේ මාර්තු විසි වන දින නම් ඇය විසි තුන්වන දින මුදල් ලබා ගැනීමේ යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීම කිසිසේත් සිදු විය නොහැක්කකි.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57831272350027,"sku":"978-624-94870-2-4","price":14.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9068.jpg?v=1783705142"},{"product_id":"dwandha-ද්වන්ධ-by-lakshini-dilrukshi","title":"Dwandha | ද්වන්ධ by Lakshini Dilrukshi","description":"\u003cp\u003eDwandha | ද්වන්ධ by Lakshini Dilrukshi\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57833561325899,"sku":"978-624-94870-6-2","price":14.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9072.jpg?v=1783707100"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-lakshini-dilrukshi-1.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}