{"title":"Books by Manjula Dissanayake","description":null,"products":[{"product_id":"amazonia-ඇමසෝනියා-translated-by-manjula-dissanayake","title":"Amazonia | ඇමසෝනියා translated by Manjula Dissanayake","description":"\u003cp\u003e\u003cspan\u003eඇමසන් ඝන වනාන්තරයට ඇතුළු වූ කාල් රෑන්ඩ්ගේ විද්‍යා ගවේෂක කණ්ඩායම සලකුණකුදු නොමැතිව අතුරුදන් වේ. වසර ගණනකට පසු, එකී කණ්ඩායමේ විශේෂ බලකා සෙබල සාමාජිකයකු වනයෙන් මිදී නැවත මිනිස් ශිෂ්ටාචාරය කරා පැමිණීමට සමත් වේ. තුවාල කැළලින් ද අංග ඡේදනයෙන් ද, බියෙන් ද පීඩාවට පත්ව සිටි ඔහු දැවැන්ත අබිරහසක් ලෝකය හමුවේ ඉතිරි කරමින් පැය කීපයක් තුළ දී මරණයට පත් වේ. එක අතක් අහිමිව වනයට පිවිසි ඔහු ට නැවත වනයෙන් පිටතට පැමිණෙන විට දෑතම හිමිව තිබුණි! මෙම ගුප්ත සිදුවීම වටහා ගැනීමට නොහැකි වූ අමෙරිකානු රජය; නේතන් රෑන්ඩ්, මෙකී ගුප්ත අබිරහස් සැඟවුණු වනය කරා පිටත් කර හරින්නේ අතුරුදන් වූ ඔහුගේ පියා පිළිබඳ තොරතුරක් ද සෙවීම සඳහා ය. මේ අතර අමෙරිකාවට ගෙන එන විශේෂ බලකා සෙබලාගේ මළ සිරුරෙන් නිකුත් වන මාරාන්තික රෝගකාරකයක් හේතුකරණයකොටගෙන අමෙරිකාවේ ප‍්‍රාන්ත කීපයක්ම ආසාදනයට ලක්වේ. පිරිසක් මරණයට පත්වේ. සිතිය නොහැකි වේගයෙන් මාරාන්තික රෝගය අමෙරිකාව ආක‍්‍රමණය කරයි. නූතන වෛද්‍ය විද්‍යාවට පවා අභියෝග කරන මෙම මාරාන්තික රෝගයට ප‍්‍රතිකාරයක් සොයා ගැනීම ද නේතන් හමුවේ ඇති අභියෝගයක් බවට වේ. එහෙත් එහි දී නේතන්ටත්, ඔහු සමඟ ගවේෂණයට සහභාගී වන විද්‍යාඥයන්ට සහ අමෙරිකානු සෙබලුන්ටත් නොසිතූ විරූ අනතුරුවලට සහ සතුරන්ට මුහුණ දීමට සිදුවේ. මිනිස් පරිකල්පනයෙන් පවා ඔබ්බට දිවෙන බියකරු සිදුවීම්වලට මුහුණ දෙමින්, රුධිර ගංගාවන් මතින්, අවසානයේ දී ඇමසන් වනයට භීතිය ගෙනාවූත් ඇග ලොමුදැහැගන්වනසුලු වූත් යමක් සොයා ගැනීමට ඔවූහු සමත් වෙති. ඇමසන් වනයේ අඳුරු ලෝකය තුළ මානව ශිෂ්ටාචාරයෙන් වෙන්ව හුදෙකලාව සිදුවන මේ බියකරු සිදුවීම කුමක් ද? මිනිසාට කිසිවිටෙක පැරදවිය නොහැකි ස්වභාවධර්මයේ නියමයට පිටුපෑමට නේතන් ඇතුළු පිරිසට හැකි වේ ද? \u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56218921271627,"sku":null,"price":14.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1161.jpg?v=1767410251"},{"product_id":"the-tomb-of-hercules-hercules-ge-sohona-හර්කියුලස්ගෙ-සොහොන-translated-by-manjula-dissanayake","title":"The Tomb of Hercules | Hercules ge Sohona | හර්කියුලස්ගෙ සොහොන translated by Manjula Dissanayake","description":"\u003cp\u003e\u003cspan\u003eඉපැරැණි ලියවිල්ලක් අධ්‍යයනය කරන නීනා වයිල්ඩ් නමැති පුරාවිද්‍යාඥවරියට, පුරාවෘත්තවල සඳහන් හර්කියුලස් වීරයාගේ සොහොන් ගැබ සත්‍ය ලෙසම පවතින්නක් බව දැනගැනීමට ලැබෙයි. එය සොයාගැනීමට ලැබුණොත් මානව ඉතිහාසය එතෙක් මෙතෙක් සිදුකළ විශිෂ්ටතම ඓතිහාසික සොයාගැනීම එය වන බව නීනා වටහාගනියි.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eතම පෙම්වතා වූ හිටපු විශේෂ බලකා සෙබළ එඩී චේස් සමඟ එක්වන නීනා, සොහොන් ගැබ සෙවීමේ ගවේෂණය අරඹයි. මේ අතර තවත් පිරිසකට එහි ඇති මිල කළ නොහැකි ධනය ලබාගැනීමට අවශ්‍ය වෙයි.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eදූෂිතබවේත්, රහස් කුමන්ත්‍රණවලත් ගොදුරු බවට පත්වෙමින් ස්විට්සර්ලන්තයේ සිට ෂැන්හයි දක්වාත්, බෝස්ට්වානාවල සිට ලන්ඩනය දක්වාත් සොහොන් ගැබ සොයමින් යන නීනා සහ චේස්, සොහොන් ගැබ වඩාත් දූෂිත දෑත්වලට හසුවීමට පෙර එය සොයාගැනීමේ අභියෝගයට මුහුණදෙති.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඑහෙත් ඒ ප්‍රචණ්ඩ, වියරු දූෂිතයන්ගේ අරමුණ හර්කියුලස්ගේ සොහොනේ ඇති අසීමිත ධනය පමණක්ම නොවන බව වටහාගන්නා විට නීනා සහ චේස් ඔවුන්ගේ ග්‍රහණයට හසු වී හමාරය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eබලකාමී වියරු දූෂිතයන්ගේ උත්සාහය ව්‍යර්ථ කර, ලොව විශිෂ්ටතම පුරාවිද්‍යාත්මක සොයාගැනීම ලෝකයට පවසන්නට ඔවුන්ට හැකිවේද?\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඅත්‍යන්ත ධන නිධානයක් සොයා කෙරෙන වික්‍රමාන්විත ගවේෂණයේ අවසන් ප්‍රතිඵලය කුමක් වේද?\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56811240489291,"sku":"978-624-6570-23-1","price":12.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-4623.jpg?v=1773667090"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-manjula-dissanayake.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}