{"title":"Books By Martin Wickramasinghe","description":null,"products":[{"product_id":"gamperaliya-ගම්පෙරළිය-by-martin-wickramasinghe","title":"Gamperaliya | ගම්පෙරළිය by Martin Wickramasinghe","description":"\u003cp\u003eසේවකයා මිනී කාමරයෙහි දොර හැර ඉවතට වී තමා අතෙහි වූ පහන, කාමරයෙහි උස් කොට තනන ලද පිල් කඩ උඩ තිබුණ මළ කඳන් දෙක දෙසට හැරෙවුවේ ය. ගෝනි දෙකක් තුළ දමන ලද කෙසෙල් කැන් දෙකක් සේ දළ රෙදි කඩ දෙකක් ඔතන ලද මළ කඳන් දෙකෙහි මුහුණු ද හිස් ද පහන් එළිය නිසා නන්දාට පෙනිණ. එයින් එක මළ කඳක බුරුසුවක කළු අශ්ව කෙඳි සිහි කරවන දළ රවුළකින් ද වැසුණ මුහුණ නන්දා වහා හැඳින ගත්තා ය. ඒ මළකඳ හැඳින ගත් ඇගේ දෙනෙතින් කඳුළු ගැලූ නමුත් ඈ තම හද තුළ වූ තියුණු වේදනාව හා කම්පනය ද දැක්වෙන අනිත් පිටත්තර ලකුණකුදු නොකොට බිත\u003cspan class=\"text_exposed_show\"\u003e්තියට අත ගසා ගත්තා ය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\"දොස්තරට වැරදිලා, අපේ මහත්තයා කොළඹ නැති නම් දියතලාවේ සනීපෙන් ඇති\" යි රියකරු සිනාසෙමින් කීවේ ය.\u003c\/p\u003e\n\u003cp\u003e\"ඔව්- අපි යං\"\u003c\/p\u003e\n\u003cp\u003eනන්දා තව වරක් මළකඳෙහි මුහුණ බලා කරබා ගෙන දෙනෙතට නැඟුණු කඳුළු පිස දැමුවා ය.\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan itemprop=\"articleBody\"\u003eගම්පෙරළිය ඉතා උසස් මට්ටමින් රසවිදිය හැකි ගද්‍ය කාව්‍යක් ලෙස හැදින් විය හැකි.ගම්පෙරළිය විවිධ මට්ටමින් රසවිදිය හැකි සංකේත භාවිතය නිසා සංකීර්ණ කලාත්මක ලක්ෂණ ගැබ් වූ උසස් ගද්‍ය කාව්‍යක් ඇත තත්වයට පත්වේ.කලාත්මක අයුරින් සංවිධානාත්මක ලෙස සංකේත භාවිතය නවකතාවට හදුන්වා දීමට වික්‍රමසිංහ සිංහලයෙන් ගත් පළමු උත්සාහය සාර්ථක වී ඇත.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56283866628427,"sku":"978-955-0201-36-5","price":7.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1556.jpg?v=1768179274"},{"product_id":"madol-doowa-මඩොල්-දූව","title":"Madol Doowa | මඩොල් දූව by Martin Wickramasinghe","description":"\u003cp\u003e\u003cspan\u003eඅඩ සියවසකට අධික කාලයක් මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත් මඩොල්දූව නවකථාවේ මෙම මුද්‍රණය අලුත් සැකැස්මකින් හා නව සිත්තම්වලින් සැරසී තිබේ.ශ්‍රී ලංකාවේ පමණක් පිටපත් දශලක්ෂයකට වැඩියෙන් අලෙවි වී ඇති මඩොල් දූව,මෙරට සිංහල හා දෙමළ දරුවන් වැඩිපුරම කියවන පොත ලෙස සැළකේ.රුසියන්,රුමේනියන්,චීන,බල්ගේරියන්,ඉංග්‍රීසි,ලන්දේසි,ජපන් ආදී භාෂා ගණනකට පරිවර්තනය වී ඇති මඩොල් දූව,එම රටවල ද බෙහෙවින් ජනප්‍රිය නවකථාවකි\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56283894808907,"sku":"978-955-0201-39-6","price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1565.jpg?v=1768180157"},{"product_id":"kaliyugaya-කලියුගය-by-martin-wickramasinghe","title":"Kaliyugaya | කලියුගය by Martin Wickramasinghe","description":"\u003cp\u003eඅනුලා දරුවන් බලා සොයා ගැනීම නිසා නන්දා වැඩි නිදහසක් විශ‍්‍රාමයක් හා සැනසුමක් ලැබුවාය. ඈ වඩ වඩාත් ඉහළ සමාජයේ ගැහැනුන් හා පිරිමින් ඇසුරු කරමින් සන්තෝෂ වීම එහි එක් ප‍්‍රතිඵලයක් විය. ඔවුන් හා කතාබහෙන් ඔවුන්ගේ උත්සවවලට යෑමෙන් නන්දා ලබන ආස්වාදය කිසිවකු මත්පැන් බීමෙන් ලබන ආස්වාදයට අසාමාන නොවීය.\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e‘‘අගහිඟ නිසා අයිරින් හා මා දුක් විඳි පීඩාත් අයිරින් දුකින් මිය යෑම සිහිවන කල හරමානිස් බාස් මට මතක් වෙයි. මවුපියන් කරන නරක ක‍්‍රියාවල විපාක දරුවන් විඳිතියි කියනු මා නොයෙක් වර අසා තිබේ. ඒ කියුම් මා විශ්වාස නොකරන නමුත් මට මගේ සිතින් බැහැර කළ නොහැකිය.''\u003cbr\u003e\u003cbr\u003e''ධනවත් ගෑනුන් හා පිරිමින් සතියකට දෙතුන් වරක් ගෙදරට කැඳවාගෙන ඔබත්” තාත්තාත් ඔවුන් හා කතාබහ කරමින් සිනාසෙමින් කැවිලි කමින් තේ බොමින් සමහර විට පිටතින් පැමිණියන්ට මත්පැනින් සංග‍්‍රහ කරමින් සන්තෝෂ වූහ. ඇතැම් දවසක තාත්තාත් ඔවුන්ගේ යාළුවොත් මත්පැන් බොමින් ? බෝවනතෙක් සන්තෝෂ වූහ. ඇතැම් දවසක ඔබ වේලපහින් කන්නට දී අප නින්දට යැව්වාය. වරක් නින්දෙන් අවදි වූ චන්‍ද්‍රසෝම නත්තලට ලැබුණු රතික්‍ඳ්ක්‍ඳා පෙට්ටියක් ගෙන ගොස් ඔබත් තාත්තාත් අනෙක් ගැහැනුන් හා පිරිමින් කතාබහ කරමින් සිටි සාලයට පිවිසෙන එක් දොරටුවක් ළඟ තබා ගිනි තබන්නට සිතුවේය. මම චන්‍ද්‍රසෝමව එයින් වැළැක්වූයෙමි..''\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56296632910155,"sku":"978-955-0201-38-9","price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1609.jpg?v=1768308663"},{"product_id":"yuganthaya-යුගාන්තය-by-martin-wickramasinghe","title":"Yuganthaya | යුගාන්තය by Martin Wickramasinghe","description":"\u003cp\u003eතලතුනා වියෙහි වූවෙක් එවුන් දෙදෙනාට පිටු පා ගමන් කලේය. \"තිස්ස\" යි මාලින් හඬ ගෑවේය. ඔහු ආපසු ඇවිත් මාලින් ඉදිරියෙහි වූ පුටුවෙහි වාඩි වූයේය.\u003c\/p\u003e\n\u003cp\u003e\"තිස්ස කයිසාරුවත්තේ - අරවින්ද අඳුනන්නේ නැහැ නෙවෙද? දොස්තර -\"\u003c\/p\u003e\n\u003cp\u003e\"නැහැ. අහලා තියෙනවා\" යි තිස්ස කීවේය. ඔහුගේ අවුල් වුන කෙස් වැටියට යටින් වූයේ ලොකු හිසකි. දික්වූ නැහැය පුළුල් නළල් තලයෙන් ඇදුණු හොටක් වැන්න. නිතර අඩන් වැසී සිටින ඇස් දෙකෙහි උමතු ශෝකාකූල බැල්ම ප්‍රකට වූයේ ඔහු ඉඳ හිට ඇස් විදහාගත් විටක පමණි.\u003c\/p\u003e\n\u003cp\u003e\"තිස්ස අපේ ළඟ නෑයෙක්. අපේ අම්මා තිස්සගේ අක්කාගේ දූ - ලේලි. තිස්ස මට හඳුනාගන්න ලැබුනේ මෑතකදී.\"\u003c\/p\u003e\n\u003cp\u003eතිස්ස හැටවයසද ඉක්මවූවකු නමුත් පෙනුමෙන් පනස් වියෙහි පසු වූවෙකි. ඔහුගේ කමිසය අලුත්ය. කලිසම නොකිළිටි වුවද කබලකි.\u003c\/p\u003e\n\u003cp\u003eතිස්ස කවර ජාතියක වුවද අතීතය නොසලකන්නෙකි. වර්තමානයට පරිභව කරන්නෙකි. ඔහු කිසිවක් නොඅදහයි, විද්‍යාවට සරදම් කරයි; සමාජයට සිනාසෙයි. ඉතිහාසය නවකතාවක් යයි කියයි. 'තිස්ස පිස්සන් කොටුවට යැවිය යුත්තෙකි'යි ඇතැමුන් කියන බව මාලින් දනිතත් අරවින්ද නොදනියි. සමාජයෙහිම වාසය කරන කෙලෙස් තැවූ මිනිහා භයානකයෙකි. ඔහු හොඳ මිනිසකු ලෙස සැලකෙන්නේ සමාජයෙන් ඈත්වූ විටය. අනෙකාගේ දුකෙහිදි දුක් නොවන, අපරාධය දුටු තැන සංවේග නොවන, මරණයේදී නොහඬන, තමාට බැනවැදුන කල නොකිපෙන එකා සමාජය විසින් නිෂ්ඵල මිනිසෙකු යයි සැලකීම වැරදිද?\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56296650375499,"sku":"978-955-0201-37-2","price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1611.jpg?v=1768308969"},{"product_id":"wiragaya-විරාගය-by-martin-wickramasingje","title":"Wiragaya | විරාගය by Martin Wickramasingje","description":"\u003cp\u003e\u003cspan\u003eමගේ කාමරය ද පාළු ය; නිවසද පාළු ය; දවල් කාලයෙහි ඇඳෙහි වැතිර සිටින මට නින්ද යන්නේත් නැත; නොයන්නේ ත් නැත. නින්දත් නොනින්දත් අතර ලෝකයක වැතිර සිටින මට බල්ලෙකුගේ බිරුම් හඬ ඇසෙන්නේ සිංහයෙකුගේ ගිගුරුම් හඬක් ලෙසිනි. සුලු කායික වේදනාව පවා අඟපසඟ වැගිරෙන කලක මෙන් මහත්ව දැනේ. අල්මාරිය උඩ වැටෙන ගල් කැටක් නිසා නඟන හඬ පිපිරුම් හඬක් සේ ඇසෙයි. මඳක් කය සොලවා ඇස් විදහා වටපිට බැලීමෙන් පසු මගේ කායික වේදනාව අතුරුදහන් වෙයි. පෙර මා ඇඳෙහි වැතිර මගේ සිත අතීතය පුරා ඇවිදියි. දැන් මගේ සිත ඇඳෙහි වැතිරුණු කය මෙන් හදෙහි වැතිර ඉන් පිට නොයයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56296716009803,"sku":"978-955-0201-40-2","price":7.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1613.jpg?v=1768309997"},{"product_id":"gamperaliya-english-translation-uprooted-by-martin-wickramasinghe","title":"Gamperaliya English translation | Uprooted | by Martin Wickramasinghe","description":"\u003cp\u003e\u003cspan\u003eThe trilogy consists of the following I - Gamperaliya, The Village; II - Kaliyugaya, The Village and the City; III - Yuganthaya, The City. The first novel depicts the crumbling of traditional village life under the pressure of modernisation. The story of a successful family in a Southern village is used to portray the gradual replacement of traditional economic and social structure of the village by commercial city influence. Yuganthaya and After the decay of traditional life, the story details the rise of the bourgeoisie, with its urban base and entrepreneurial drive, ending with the formation of the labour movement and socialist theology and rise of hopes for a new social order\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56585285009739,"sku":"978-955-695-006-9","price":7.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-3131.jpg?v=1771760150"},{"product_id":"yuganthaya-english-translation-uprooted-3-by-martin-wickramasinghe","title":"Yuganthaya English Translation | Uprooted 3 by Martin Wickramasinghe","description":"\u003cp\u003e\u003cspan\u003eDestiny is the third novel of Martin Wickramasinghe’s Uprooted trilogy: Gamperaliya, Kaliyugaya and Yuganthaya.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eThe narrative of the trilogy links three generations descended from the Kaisaruwattes, a family of the gentry of a Southern coastal village. Gamperaliya (The Village) is the story of the first and second generations in a changing village culture of the latter half of the nineteenth century. Kaliyugaya (The Age of Kali) deals with the urbanized, anglophile second and third generations, living in Colombo from the early part of the twentieth century, whilst still sustaining links with the village.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eYuganthaya (Destiny) is the story of the fourth generation. This generation, completely anglophile and oblivious of their village origins, is the destiny of the evolutionary and revolutionary changes in people and society depicted by Martin Wickramasinghe in the trilogy. Inevitably, the destiny of the new generation of the educated rural professional class of the mid twentieth century becomes linked to that of this fourth generation. Tissa is the only second generation Kaisaruwatte surviving in Destiny. He has preserved some of his simple humane village values by cultivating a hard protective cynical and sceptical intellectual shell, and a life style bordering on asceticism.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eThe central characters of Destiny are Saviman Kabalana, the unrelenting capitalist, his son Malin, the socialist trade-union leader educated in England rebelling against his father and his business empire, Malin’s sophisticated young sister Chamari, also a rebel against the snobbish elitism of her own anglophile class, and Aravinda, the bright village lad who has become a gifted surgeon, and seeks to become one of the urban social elite of Colombo.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56585368469835,"sku":"978-955-695-017-5","price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-3135.jpg?v=1771762136"},{"product_id":"kaliyugaya-english-translation-uprooted-2-by-martin-wickramasinghe","title":"Kaliyugaya English Translation | Uprooted 2 by Martin Wickramasinghe","description":"\u003cp\u003eKaliyugaya is the second Part of Martin Wickramasinghe’s Uprooted trilogy consisting of Gamperaliya, Kaliyugaya and Yuganthaya.\u003c\/p\u003e\n\u003cp\u003e‘The Story in Kali Yuganthaya is built round the disharmony, the loss of sympathy , and the loosening of ties among three generations, the generation in the village – Nanda’s mother, Piyal’s mother, and those like tissa and Anula – who at heart are part of the village; the next generation – Nanda and Piyal – who, born and the village, have broken with it and come to the city; and Finally their children, born in the city and directed away from the village. The novel has a neat formal structure which bespeaks an easy and natural skill in the craft of fiction There are three centres of action in the novel which represent the three centres of values, the three interacting worlds. There is the old village of koggala with its dilapidated ancestral home; the “Maha Gedara”, symbolic of the neglected past; there is the modern home in Mutwal with its well equipped comfort. Its hybrid sophisticated life;and across the sea,which it faces, lies England from where Alan writes,And where Alan goes as though he is driven to seek reality ,the living source from which his parents derived their pale and awkward imitations.’\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56585396552011,"sku":"978-955-0201-26-6","price":6.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-3139.jpg?v=1771762684"},{"product_id":"martin-wickramasinghe-පොත්-set-එකම-50-ක්-පමණයි","title":"Martin Wickramasinghe පොත් set එකම £50 ක් පමණයි","description":"\u003cp\u003eMartin Wickramasinghe පොත් set එකම £50 ක් පමණයි\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56585518645579,"sku":null,"price":50.0,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-3144.jpg?v=1771764824"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-martin-wickramasinghe-1.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}