{"title":"Books By Nilanthi Ediriweera","description":"","products":[{"product_id":"find-me-ෆයින්ඩ්-මී-translated-by-nilanthi-ediriweera","title":"Find me | ෆයින්ඩ් මී translated by Nilanthi Ediriweera","description":"\u003cp\u003e\u003cspan\u003e\u003cstrong\u003eකැතී දැරිය ඉදිරියේ බිමට පහත් වූවාය. “ඔයා අතරමං වෙලා ද?”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e\u003cstrong\u003eඅවුරුදු පහක හෝ හයක පෙනුමක් තිබුණු දැරිවිය නාසය ඉහළට ඇද සිය පිටි අත්ලෙන් නාසය පිසදා ගත්තාය. “ඔයාට පුළුවන් ද මට අම්මාව හොයාගන්න උදව් කරන්න?” දැරිවිය මාවතෙන් ඔබ්බට අත දිගු කළාය. “එයා ගියේ අර පැත්තට.”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e\u003cstrong\u003e“අපි එයාව හොයාගමු.”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e\u003cstrong\u003e“අපට ඒක කරන්න බැරි වුණොත් අපට ඔයාගේ ගෙදරට යන්න පුළුවන් ද?”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e\u003cstrong\u003eමෙතරම් ළාබාල දරුවෙකුට නොගැලපෙන තරම් අමුතු වචන. “අනිවාර්යෙන්. ඔයාගේ නම මොකක්ද?”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e\u003cstrong\u003e“මට ඒක කියන්න බෑ.”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e\u003cstrong\u003e“ඇයි බැරි?”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e\u003cstrong\u003e“නම් කියන්නේ සෙල්ලමේ කොටසක් නෙවෙයි. එහෙම නේද?”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e\u003cstrong\u003e“මොන සෙල්ලමේ ද?”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e\u003cstrong\u003e“සෙල්ලම. අපි කරන සෙල්ලම.”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e\u003cstrong\u003eකොතැනක හෝ සිටි පිරිමි අයෙකුගේ කටහඬක් කෑ ගැසුවේය. “දුවන්න!”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56612024746315,"sku":null,"price":10.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-3235.jpg?v=1771885777"},{"product_id":"sithuwamka-rendi-rahasak-hidden-pictures-සිතුවමක-රැඳි-රහසක්-translated-by-nilanthi-ediriweera","title":"Sithuwamka Rendi Rahasak | Hidden Pictures | සිතුවමක රැඳි රහසක් translated by Nilanthi Ediriweera","description":"\u003cp\u003e\u003csmall\u003eපුනරුත්ථාපන කඳවුරෙන් පිටවන මැලෝරි ක්වින්ට, ටෙඩ් සහ කැරලයින් මැක්ස්වෙල් දෙපළගේ දරුවා - පස් හැවිරිදි ටෙඩී රැකබලා ගැනීමේ රැකියාව පැවරේ.\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eමැලෝරිට නවතින්නට තමාගේම කියා තැනක් ලැබිණ. ඈ ප්‍රාර්ථනා කළ ස්ථාවරත්වයද ඇයට ලැබිණ. ඉදින් ඈ ඉක්මනින්ම තම රැකියාවට ඇලුම් කරන්නට වූවාය. \u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eඑමෙන්ම ඈ, ටෙඩී - කිසිසේත්ම සිය කටු සටහන් පොත හා පැන්සල නොමැතිව දැකිය නොහැකි, ආදරණීය, ලජ්ජාශීලී පිරිමි ළමයා - සමඟ අව්‍යාජ බැඳීමක් ගොඩ නඟා ගත්තාය. ඔහුගේ සිතුවම් වයසට ගැළපෙන පරිදි සාමාන්‍ය තත්වයේ පැවතිණි. එහෙත් ඒ ඔහු එක් චිත්‍රයක් අඳින තෙක් පමණි; වනාන්තරයක සිටින පුද්ගලයෙක් කාන්තාවකගේ අප්‍රාණික සිරුර ඇදගෙන යන ආකාරය අඳින තෙක් පමණි!\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eඉන්පසු ටෙඩී විසින් අඳිනු ලබන චිත්‍ර වඩ වඩාත් නරක අතර හැරෙන්නට විය. ඔහුගේ කෝටු මිනිසුන් ක්ෂණිකවම, පස් හැවිරිදි දරුවෙකුගේ හැකියාවෙන් ඔබ්බට ගොස් ජීවමාන රූප සටහන් බවට පරිණාමය විය. මෙය අත්භූත බලවේගයක් විසින් නැවත දිගහරිනු ලබන, දීර්ඝ කාලයක් පුරා නොවිසඳුණු මිනීමැරුමක් දැයි මැලෝරි කල්පනා කරන්නට වූවාය.\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eමේ සිතුවම්වල රැඳි බියකරු රහස කුමක්ද ?\u003c\/small\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56612182327627,"sku":null,"price":10.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-3242.jpg?v=1771887824"},{"product_id":"raktha-givisuma-රක්ත-ගිවිසුම-by-nilanthi-ediriweera","title":"Raktha Givisuma | රක්ත ගිවිසුම by Nilanthi Ediriweera","description":"\u003cp\u003e\u003cspan\u003eනිව්යෝර්ක් නගරයේ එක් අඳුරු සන්ධ්‍යාවක, ආගන්තුක කාන්තාවෝ දෙදෙනෙක් අහම්බෙන් මුණගැසෙති.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඇමැන්ඩා සහ වෙන්ඩි\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඔවුන’තර බොහෝ සමානකම් පැවතිණ.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eදෙදෙනාම තනිකමෙන් පෙළෙති.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eදෙදෙනාගේම පවුල් විනාශ වී තිබේ.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඑමෙන්ම, තම පවුල විනාශ කළවුන්ගෙන් පළිගැනීමේ දැඩි අරමුණක්ද දෙදෙනා තුළම විය. \u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඒ වෙනුවෙන් ඔවුහු පරිපූර්ණ සැලසුමක් සකස් කළහ.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e“ඔයා මං වෙනුවෙන් මැරුවොත්, මං ඔයා වෙනුවෙන් මරන්නම්...\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56998912328011,"sku":null,"price":12.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-5839.jpg?v=1775850822"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-nilanthi-ediriweera.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}