{"title":"Books by P.B.Jayasekara","description":null,"products":[{"product_id":"usawi-giya-neruda-උසාවි-ගිය-නෙරූඩා-නොහොත්-කාම-ඝෝර-කවියා-by-p-b-jayasekara","title":"Usawi Giya Neruda | උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා by P.B.Jayasekara","description":"\u003cp\u003e\u003cspan\u003eනළලේ කැළලක් ඇති, නිතර මහන්සි පෙනුමෙන් සිටින\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමහා කවියා වයෝවෘධ \u003c\/span\u003e\u003cspan\u003eය ;\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eබෝතල් අඩිවන් උපැස් අතරින් ගලන කඳුළු ඇති ය ; ඇසීම\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eදුබල ය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eබිරිඳ විසින් පරිවර්තනය කළ මොහුගේ කවි රටවල් කිහිපයක\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eප්රකාශයට පත්ව \u003c\/span\u003e\u003cspan\u003eඇති විටෙක, ඔහුගේ කවි පාසැල් පෙළ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපොතින් ඉවත් කෙරේ. \u003c\/span\u003e\u003cspan\u003eබෞද්ධ භික්ෂුවක ව සිටි කලෙක\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඔහු කියුබිසම්  ආරේ චිත්ර අඳී..  \u003c\/span\u003e\u003cspan\u003eඔහු කියුබිසම් ආර තෝරා ගනුයේ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eගැහැනු හෙළුව ඒ තුළ සඟවන්න යැයි \u003c\/span\u003e\u003cspan\u003eසඟ සමාජයෙන්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eචෝදනා නැඟේ. ප්රදර්ශනයකට සූදානම් වන එක්තරා දිනක\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඔහු ඒ චිත්ර සියල්ලට ගිනි ලා සිවුරු හරී. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඔහුගේ දිවියට සාමයක් නැත. දිවි නසාගැනුමට තැත්කළ ඔහු \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමත්පැනට ඇබ්බැහි වේ. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකිවිඳියක විසින් ලියන සංවාදයට පත් කවියකි. එය උසස් කවියක් \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනොවේ. එහෙත් එහි බරපතල චෝදනාවෙකි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකවියේ එන කුකුළා මොහුම \u003c\/span\u003e\u003cspan\u003eයැයි පළමුව කසුකුසුවක් නැඟේ. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඒ හා ම කවදත් ඔහුට එරෙහි විචාර ගෙනා\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකථිකාචාර්යවරියක විසින්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකිවිවරියක හා කළ සංවාදයක් එළි දැක්වේ. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eතම අධිකාරී බලය යොදා මොහු මැදි වියේ දී අංකුර\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකිවිඳියන් ඔසවා තබනුවස් \u003c\/span\u003e\u003cspan\u003eලිංගික අල්ලස් ගත් බවට චෝදනාවෙකි. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසැබැවින් ම මෙම මහා කිවිවරයා අංකුර කිවිඳියන් අපයෝජනයට \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eලක් කළේද?  ඔහුගේ මහාචාර්ය බිරිඳ ඔහුගේ මේ ලිංගික\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eහැසිරීමට රුකුල් \u003c\/span\u003e\u003cspan\u003eදුන්නී ද? \u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade","offers":[{"title":"Default Title","offer_id":53029964906827,"sku":"9786245865208","price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9261_a543e130-878b-4d48-907d-36909ad1bd9d.jpg?v=1784066480"},{"product_id":"sithe-ketunu-dewanagara-සිතේ-කෙටුණු-දේවනාගර-by-p-b-jayasekara-1","title":"Sithe Ketunu Dewanagara | සිතේ කෙටුණු දේවනාගර by P.B.Jayasekara","description":"\u003cp\u003eසුමිත්ගේ පියා බිහිසුණු යුද අත්දැකීමෙන් මානසික පීඩාවට පත් හමුදා නිලධාරියෙකි. තමා විසින් මරා දැමුණු කොටියෙකු තමා මරා දැමීමට දරුවෙකුව උපත ලබා ඇතැයි ඔහුගේ සිතට විසක් පෙවේ.\u003c\/p\u003e\n\u003cp\u003eපුත් සුමිත් ළදරු වියේ සිට ම “සන්ලැයිට්’ සබන් කාලේ කෑල්ලට රුචිය. ඔහු එම පාට දෑ සොරාගනී. පරාජිත හැඟුම් ඔහු කෝප ගන්වයි.\u003c\/p\u003e\n\u003cp\u003eසෙසු ළමා සිත් සේ සුමිත් කියවාගත නොහැක්කේ ඔහුගේ චින්තාව සිතේ කෙටි ඇත්තේ දේවනාගර අකුරෙන් හෙයිනැයි නිරූපමාගේ නැන්දණිය කියයි.\u003c\/p\u003e\n\u003cp\u003eසුමිත් නොමැති නම් තමාට නිරූපමා හා එක් ව විවාහ දිවිය ගෙවිය හැකියැයි පවසමින් හමුදා සැමියා නිරූපමා හා නිතර කලහ කරගනී.\u003c\/p\u003e\n\u003cp\u003eසුමිත්ගේ මව-නිරූපමා- ඔහුගේ පියා ගෙන් දරුවා රැක, හදාවඩා ගැනුම සඳහා රැකියාවෙන් ඉවත් ව විසල් ගෙයක පුත් හා හුදකලා දිවියක් ගෙවයි.\u003c\/p\u003e\n\u003cp\u003eඑක් රැයක නිරූපමා ඝාතනය කෙරේ.\u003c\/p\u003e\n\u003cp\u003eසුමිත්ගේ පියා මෙන් ම සුමිත් ද ඊට සැකකරුවන් වේ. තීරණාත්මක අවස්ථාවෙක දී සුමිත්ගේ විඤ්ඤාණය- සිතේ කෙටුණු දේවනාගර- ක්රියාකරන්නේ හයි ඔහුගේ ගුරුතුමිය කියයි.\u003c\/p\u003e\n\u003cp\u003eසැබෑ මිනීමරුවා සොයා ගනුයේ පොලීසිය ද?\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53030474580299,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2632.jpg?v=1770766612"},{"product_id":"pudgalikai-rahasigathai-පුද්ගලිකයි-රහසිගතයි-by-p-b-jayasekara","title":"Pudgalikai Rahasigathai | පුද්ගලිකයි රහසිගතයි by P.B.Jayasekara","description":"\u003cp\u003eගමේ සෙසු ළමුන් සේ කුඩා ඔවුන් ගිරුවත්ව සිටියොත් හෝ නෑ දෑ ගෙයකට තනිව ගියොත් හෝ මව අමන්දාටත් උපේකොටත් තැළුම් දුන්නීය.\u003c\/p\u003e\n\u003cp\u003eතාත්තාගේ සරමක් උපේකා දියට ඇඳීමෙන්, කෝප වූ ඔවුනගේ අම්මා. ‘ මං මේකිගෙ රෙද්ද කඩලා ලෝකෙට ම පෙන්වනව.’ යි ඔයේ සිටි සැමට ඇසෙන සේ කෑ ගසා ඇයට ගුටි ලවාය.\u003c\/p\u003e\n\u003cp\u003eතම සැමියාගේ ලිංගික ඇල්ම නොරුස්නා ඔවුනගේ මව, තමා යම්දාක ‘ඔය මිනිහ හැබෑ ගින්නෙන් ම ගිනි ලනව. යැයි කියන්නට වන.\u003c\/p\u003e\n\u003cp\u003eහැබෑට ම එක් රැයක.\u003c\/p\u003e\n\u003cp\u003eඔවුනගේ පියා ගින්නෙන් දැවී මියැදිනි.\u003c\/p\u003e\n\u003cp\u003eඅමන්දාත් උපේකාත් තම තැවුල්, රඹුකන් ඔයේ වතුරට කී මුත්, ඊටත් නොකී රහසක් වින.\u003c\/p\u003e\n\u003cp\u003eළමා වියේ තැතිය හේතුකොට, පළමු රැයේ, මිගාර අබිමුව නිරුවත් විය නොහී නන් ලෙසින් තම සෙළුව වසා ගන්නී අමන්දා අවසන මනාලියක ව පැළැදි පෙති මාලයෙන් තමා වසා ගන්නීය.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57866055909707,"sku":"9786245865819","price":9.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9265.jpg?v=1784067569"},{"product_id":"abisaru-samanaliyo-අබිසරු-සමනළියො-by-p-b-jayasekara","title":"Abisaru Samanaliyo | අබිසරු සමනළියො by P.B.Jayasekara","description":"\u003cp\u003eකුසගින්නේ සිටින ළදැරියට බෙලිගෙඩියක් දිගුකොට එම ළමා කයේ ගැහැනුකම ඇයටත් හොරා මහළු පිරිමියෙක් භුක්ති විඳී.බණට ලැදි උපාසකයෙක් ළමා ඇය කෙල්ලක කරමින් බඩගින්න නිවා ගැනුම සඳහා ගැහැනු කය කාසි කළහැකි බැව් ඇයට ඒත්තු ගන්වයි.\u003c\/p\u003e\n\u003cp\u003eකෙල්ලකට ඔරොත්තු නොදෙන සේ බලහත්කාර කම්කරු වැඩෙහි යෙදෙන විට ඇගේ උදව්වට එන කොලුවා ඇය මල්වර කරයි.අලුකුත්තේරුවෙක් ඇය ගැහැනියක කරයි.\u003c\/p\u003e\n\u003cp\u003eඅසරණව පිංපියෙකුගේ වහල්භාවයට පත්වන ඇය,අතින් කටින් කයින් වශයෙන් පිරිමින් පිනවනු වස්,වෛශ්‍යා සේවයේ යෙදවේ.\u003c\/p\u003e\n\u003cp\u003eතමා වනාහී තදියම් ව පැමිණෙන පිරිමින් භාවිතාකොට අමතක කරන වැසිකිළියක් පමණකැයි කල් යත් යත් ඇයට හැඟේ.\u003c\/p\u003e\n\u003cp\u003eවෙහෙසෙන කම්කරුවා දහදිය හැලුව ද,තමා නිතිපතා හලා ඇත්තේ යළි නොලබන තම ගැහැනුකම බැව් එක් දිනෙක ඇය පසක් කරගනී.  \u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57866242949451,"sku":"9786245865147","price":9.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9269.jpg?v=1784068086"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-p-b-jayasekara-1.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}