{"title":"Books by Rasika Jayakody","description":null,"products":[{"product_id":"adaraya-saha-nidahas-weema-ආදරය-සහ-නිදහස්-වීම-by-rasika-jayakody","title":"Adaraya Saha Nidahas weema | ආදරය සහ නිදහස් වීම by Rasika Jayakody","description":"\u003cp\u003eතමන් තදින් ම ආදරය කරන කවුරුන් හෝ ඉන්නවා නම් තමන්ට අහිමි වෙයි කියලා බය නම්, කරන්න ඕනෙ හොඳ වන්නේ ඔහු හෝ ඇය සමඟ කවදාවත් විවාහ නොවී සිටීම.\u003c\/p\u003e\n\u003cp\u003eමම එහෙම කියන්නේ හේතුවක් ඇතුව.\u003c\/p\u003e\n\u003cp\u003eමිනිසුන්ට වඩා පහසු තමන්ට ළඟින් ම ඉන්න අයට ආදරය කරන්න නෙවෙයි – දුරින් ඉන්න අයට ආදරය කරන්න. ඒක මිනිස් ඉතිහාසය පුරා ම තහවුරු වුණු සත්‍යයක්.\u003c\/p\u003e\n\u003cp\u003eඒ කියන්නේ, අල්ලපු ගෙදර ඉන්න මනුස්සයාට ආදරය කරනවාට වඩා අපට ලේසියි ඇෆ්ගනිස්තානයේ සහ සිරියාවේ ඉන්න සරණාගතයන්ට ආදරය කරන එක.\u003c\/p\u003e\n\u003cp\u003eතමන් ගේ ළඟම ඉන්න කෙනාට ආදරයෙන් සළකනවාට වඩාම ලෙහෙසියෙන් ටෙලිනාට්‍යයක, චිත්‍රපටියක, නවකතාවක ඉන්න චරිතයකට ආදරය කරන්න පුළුවන්.\u003c\/p\u003e\n\u003cp\u003eතමන් ගේ ගේ ඇතුළට එන පොඩි පොඩි සතුන් මරන කෙනෙකුට වුණොත් යාල හරි විල්පත්තුවේ හරි ඉන්න කොටියෙකුට, අලියෙකුට, උරගයෙකුට ආදරය කරන්න පුළුවන්.\u003c\/p\u003e\n\u003cp\u003eඒකට හේතුව අපි ඇත්තට ම ආදරය කරන්නේ සැබෑවට ම ඉන්න මනුස්සයෙකුට නොවෙයි ඔහු හෝ ඇය වටේට ගොඩනගපු කිසියම් ෆැන්ටසියකට වීම …\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56426263249227,"sku":null,"price":6.69,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2068.jpg?v=1769782903"},{"product_id":"jeewithaya-yali-soyaganima-ජීවිතය-යලි-සොයාගැනීම-by-rasika-jayakody","title":"Jeewithaya Yali Soyaganima | ජීවිතය යලි සොයාගැනීම by Rasika Jayakody","description":"\u003cp\u003eතරගය මැදට පැනළා දුවන්නේ නැතිව, තරගයෙන් ඈත් වී නැවතී සිටින මිනිසුන්ට තමන් වගේම නැවතී සිටින තවත් අය හමුවෙනවා. එතකොට ඔවුන් අතර වෙන ම ‘සංඛ්‍යාතයක්’ සම්බන්ධතා ගොඩ නැගෙනවා. ඔවුන්ට අර තරගයට දුවන මිනිසුන් විහිළුවක් ලෙස පෙනෙන්න පටන් ගන්නවා. ඒ නැවතී සිටින අය ගේ ‘සංඛ්‍යාතය’ තරගයට දුවන අයගේ සංඛ්‍යාතයට ගෝචර වන්නේ නැහැ.\u003c\/p\u003e\n\u003cp\u003eකදු තරණය කරන්නන්ට කඳු තරණය කරන්නන් හමුවෙනවා. කිමිදුම්කරුවන්ට තවත් කිමිදුම්කරුවන් හමුවෙනවා. අහිකුණ්ඨිකයන්ට තමන් වැනිම තවත් අභිකුණ්ඨිකයන් හමුවෙනවා. ඔවුන් හැමෝට ම තම තමන්ට අනන්‍ය සංඛ්‍යාත තියෙනවා. ඒ සංඛ්‍යාත අනුව එක ම රිද්මයකට අනුනාද වන අය එකට ගමන් කරනවා. ඔවුන් හොඳ ගමන් සගයන් වෙනවා.\u003c\/p\u003e\n\u003cp\u003eමෙහෙම සමාන සංඛ්‍යාතයකුන් යුතු දෙදෙනෙකු හමුවුණා ම ඔවුන් අමුතුවෙන් දැන හඳුනා ගන්නට කාලය වැය කළ යුතු වන්නේ නැහැ. ඒ වගේ ම අමුතුවෙන් එකිනෙකා ගේ කතාව පහදා දිය යුතු වන්නේ නැහැ. හරි සංඛ්‍යාතයට සුසර කළා ම රේඩියෝවේ සංගීතය ඇහෙන්න පටන් ගන්නවා වගේ ඒ සම්බන්ධතාව ක්ෂණිකව ම ගොඩනැගී ඉදිරියට ගලා යනවා.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56426292904267,"sku":null,"price":6.29,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2072.jpg?v=1769783440"},{"product_id":"aluth-samajaya-අලුත්-සමාජය","title":"Aluth Samajaya | අලුත් සමාජය","description":"\u003cp\u003eඅප හැමෝගේම ඇතුළේ තියෙනවා අභ්‍යන්තරික දුප්පත්කමක් (inward poverty) තවත් සරළව කිව්වොත් අප ළඟ මොනවා තිබුණාත් තවත් මොනවා හෝ අඩුයි කියලා හැගීමක් නිතර හිතට දැනෙනවා. අප බාහිර ලෝකයේ කරන හැම දෙයකින් ම උත්සාහ කරන්නේ මේ අභ්‍යන්තර දුප්පත්කම නැති කරගන්න. අප ඒ වෙනුවෙන් හොඳ නරක හුඟක් දේ කරනවා. හැබැයි අභ්‍යන්තරික දුප්පත්කම එහෙමම තියෙනවා.\u003c\/p\u003e\n\u003cp\u003eඅපට දැනෙන මේ අභ්‍යන්තරික දුප්පත්කම අනෙක් අයටත් පෙනෙයි කියලා බයක් නිතර ම හිත ඇතුළේ හොල්මත් කරනවා. ඒ නිසා ම තමත් තුළ එහෙම දුප්පත්කමක් නැති බව හගවමින් නිතර ම ලෝකයාට ‘ පණිවුඩ’ දෙන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අප ජීවිතයේ කරන ලොකු, කුඩා හැම දෙයක් ම එහෙම පණිවිඩ දෙන්න අවස්ථාවක් කරගන්නවා.\u003c\/p\u003e\n\u003cp\u003eඅවසානයේ සිද්ධ වෙන්නේ අප දන්නේ ම නැතුව ඒ පණිවිඩ දීම කියන උගුලේ පැටලෙන එක..\u003c\/p\u003e\n\u003cp\u003eඒ නිසා මේක ලිහනවා නම් ලිහා ගත්න ඕතෙ පටලැවුණු නූල් බෝලයක් ලිහන විදියට ම තමයි.. මුලින් ම අප ඇතුළේ තියෙන අභ්‍යන්තරික දුප්පත්කම තේරුම් ගන්න ඕහෙ. එය තේරුම් ගත්තම ඒකත් එක්ක ගනුදෙනු කිරීම පහසු වෙනවා. එතකොට ඒ අභ්‍යන්තරික දුප්පත්කම වටේ වෙළෙඳපොළ, ඇඩ්වටයිසිං සහ මාධ්‍ය විසින් නිර්මාණය කරන මායාව විනිවිද දකින්න පුළුවන් වෙනවා.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56426499342667,"sku":null,"price":7.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2076.jpg?v=1769784293"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-rasika-jayakody.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}