{"title":"Books by Saman Edirimunee","description":null,"products":[{"product_id":"dunhinda-handuwa-දුන්හිඳ-හැඬුවා-by-saman-edirimunee","title":"Dunhinda Handuwa | දුන්හිඳ හැඬුවා By Saman Edirimunee","description":"\u003cp\u003e\u003cspan\u003eදුන්හිඳ හැඬුවා\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"හැමදෙයක්ම වගේම හැමෝම වෙනදා වගේ නෑ මීස්... ලෝකේ මේ තරම් ඉක්මනට වෙනස් වෙනවා කියලා මං ඉස්සර හිතුවේ නෑ... හැබැයි මං දැන් තදින්ම විශ්වාස කරනවා... මේ ලෝකේ වෙනස් වෙනවා... අපි හිතන්නේ නැති තරම් ඉක්මනට...\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමම වරින් වර ඇගේ කුස දෙස හොරැහින් බැලුවෙමි. ඇඳ ඇතිරිල්ලකින් වැසී ඇති කුස පිටටම වෙනසක් පෙනෙනා තරම් තවමත් තෙරා වී නැත.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"මෙයාට මොකද?\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමම අහිතක් නොහිතාම යුවතියගේ කුසට අත තබා ඇසුවෙමි. ඇය ක්ෂණිකව තිගැස්සී මෙන් මදෙස බැලුවාය. මොහොතක් මා දෙස බලා උන් ඇගේ දෙකෙනත්වලින් කඳුළු මෝදුචිණි. මා ඇසුවේ වැරැදි යමක්දැයි මම කල්පනා කළෙමි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"කියන්න අකමැති නම් කියන්න එපා... සමාවෙන්න එහෙම දෙයක් ඇහුවට...\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමම අඩෛර්යමත් වූවා සේ කීවෙමි. යුවතිය ඇගේ කුස මත තිබූ මගේ අත මා ඉවතට ගනිත්ම අල්ලාගත්තාය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"ඔ...යා... ඒ...ත...ර...යි... එයා... ගැන... ඇහුවේ... අම්මලාවත්... ඇහුවේ නෑ ගගන...\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eයුවතිය ඉකිගසමින් හැඬුවාය. මගේ පපුව ඇවිළෙන්නට විය. දනිමි, කිසිවෙකුත් මා හා එකඟ නොවනු ඇත. දවසක් හෝ ආදරය කළ යුවතියකගේ දෑසේ කඳුළු දැක හිනැහෙන්නට තරම් මගේ පිරිමි හිත තවමත් දරුණු නැත. මේ මොහොතේදී යුව මා ප්‍රාර්ථනා කරන්නේ ඇයට අඬන්නට හේතු කාරණා ඇත්නම් ඒ සියල්ල මගේ ජීවිතය මත වැටేවායි කියාය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"එයා ඉන්නවා... මං කොයි තරම් නරක කෙල්ලෙක්ද?\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"ඕන වුණේ ඔයාව නැතිකරගන්නද? මෙයාව නැතිකරගන්නද?\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමම සෙමින් ඇගේ නෙත්වලින් ඇසුවෙමි. ඇය දෙකතින් මූහුණ වසාගත්තාය. මට පිළිතුරු අවශ්‍ය නැත. නමුදු ඇය, ඇය සඳහාම ඊට පිළිතුරක් සොයාගත යුතුවැයි මම තරයේ විශ්වාස කළෙමි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58363705852235,"sku":"9786246417635","price":17.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1107_bca313ab-8f7e-4aab-96a9-9c1d22410538.jpg?v=1788571655"},{"product_id":"sulanga-numba-saha-mama-සුළඟ-නුඹ-සහ-මම-by-saman-edirimunee","title":"Sulanga Numba Saha Mama | සුළඟ නුඹ සහ මම by Saman Edirimunee","description":"\u003cp\u003e\u003cspan\u003eබොරුවක් කියන්න ඕන නැහැ, ඇත්තටම ඔයා වගේ කෙල්ලෙක්ට ආදරේ කරනවා තියා, හිනෙකින්වත් මං එහෙම දෙයක් හිතලා තිබුණේ නැහැ. ඔයා කියන කතාව නම් ඇත්ත. ආදරේ හිතලා කරන්න බැහැ. ඒක ඉබේ ඇති වෙන්නෙ. ඇත්තමයි පටන් මං ඔයාට ආදරෙයි කියලා මං දැනගන්නකොටත් මං ඔයාට ආදරේ කරන්න අරන් සැහෙන්න කාලයක්. පුදුම වැඩක් ඒක. මට මතකයි, ඔයාට කරපු දුෂ්ඨකම්. පළවෙනි දවසේ වමනේ යනකං සියඹලා කැවුවා. \u003c\/span\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමට ආදරේ අහිමි වුණේ පොඩි කාලෙදිමයි. අම්මා මාවයි තාත්තාවයි දාලා ගියාට පස්සේ අපි දෙන්නා ගෙදර තනියම හිටියේ. අපි කතා කළේ නැහැ. හිනා වුණේ නැහැ. එයා එයාගේ ලෝකේ. මං මගේ ලෝකේ. අම්මගෙන් ආදරේ බිදුනට පස්සේ, මං තාත්තගෙන් ආදරයක් බලාපොරොත්තු වුණේ නැහැ. මට හිතුනම ඒ දෙන්නා මාව හැදුවා නෙමෙයි. මං ඉබේ හැදුනා කියලා. මිනිස්සු අතරේ හැඟීම් සහ බැඳීම් තියෙනවා කියලා මට විශ්වාසයක් තිබුණේ නැහැ. මං පොඩි කාලේ ඉඳලම කාටවත් අවංක වුණේ නැහැ. කාටවත් ආදරේ කළේ නැහැ. කිසිම කෙනෙක් ගණන් ගත්තේ නැහැ. ඒ තමයි මගේ මදාවි නහර ගතිය. මං හිතන්නේ, ඔයා මට ආදරේ කරන්න කලින් අනුකම්පා කළා. මං ඒකාව කැමැත්තකින් නෙමෙයි හිටියේ.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58529091125579,"sku":"9786246417550","price":13.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1540_2d8afe45-7985-48e9-80ef-4e9be015ac94.jpg?v=1789807447"},{"product_id":"sulanga","title":"Sulanga Numba Saha Mama 2 | සුළඟ නුඹ සහ මම 2 by Saman Edirimunee","description":"\u003cp\u003e\u003cspan\u003eමං අහල තියෙනවා දොස්තර මහත්තයා, ඔයා මගේ වයසෙදි හෙන චණ්ඩියලු. කාවවත් ගණන් ගන්නෙ නැලු. හිනා වෙන්නෙ තමන්ට ඕන වුණ වෙලාවට විතරයිලු. ඔයා හිතන් ඉන්නෙ මං කවුරු කියලද. මතක තියාගන්න මං තරුණ කෙල්ලෙක් තමයි. හැබැයි ඔයාට වඩා පොඩි නෑ හොඳේ. ඔයා හිතනවා නං ඔයාට මං බයයි කියලා, ඔයාට වැරදිලා. ඔයා හිතනවා නං ඔයාව මාව මග ඇරලා ඉන්න පුළුවන් කියලා. කොහොමත් ඔයාට වැරදිලා. \u003c\/span\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඔයා කොහොමද එහෙම කරන්නේ. ඇයි මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්නෙ. මාත් එක්ක කතා කරන්න බැරි. මං ඔයාට මොනවද කරපු වැරදි. ඔයා ඔයා එක්කම තරහ වෙලා ඉන්නෙ දොස්තර මහත්තයා. ඔයා දුෂ්ඨකම් එක්ක ලෙඩඩුන්ට කොහොම බෙහෙත් කරනවද මන්දා. හැබැයි මතක තියාගන්න, ආදරේ කරන එක ලෙඩක් නෙමෙයි. ඒ නිසා ඔයා ගාව මට බෙහෙත් නෑ. මං ඔයාට ආදරෙයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58529147748683,"sku":"9786246417567","price":13.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1538.jpg?v=1789808503"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-saman-edirimunee.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}