{"title":"Books by Sujith Chaminda Edirisinghe","description":null,"products":[{"product_id":"awasan-sebala-අවසන්-සෙබළා-by-sujith-chaminda-edirisinghe","title":"Awasan Sebala | අවසන් සෙබළා by Sujith Chaminda Edirisinghe","description":"\u003cp\u003e\u003cspan\u003eපුෂ්ප කුමාර නම් සැරයන්වරයා අණදෙන නිලධාරී හමුවේ කිසියම් ඉල්ලීමක් සිදු කළේය. ඔහු පසු දින ඇරඹීමට නියමිතක්රියා න්විතයේ මුලින්ම පස් බැම්ම තරණය කරන ඛණ්ඩයේ තීරණාත්මකම කාර්යභාරය සිදුකරන පුද්ගලයා විය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e“මට සර් එක්ක සිගරට් එකක් බොන්න ආසයි.”\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eසැරයන්වරයාගේ එම අනපේක්ෂිත ඉල්ලීම හමුවේ එහි සිටි සියලු දෙනා තුළ ඇති කළේ තිගැස්මකි. විශේෂයෙන්ම අණදෙන නිලධාරී ඉදිරිපිට දුම්වැටියක් පානය කිරීමට එහි සිටින නිලධාරීන් පවා ඉදිරිපත් නොවන තත්වයක් තුළ සැරයන්වරයාගේ එවැනි හැසිරීමක් ඔහුට තරම් නොවන බව සැමගේ අදහස විය. එසේම, එය අණදෙන නිලධාර්ගේ නිසැක උදහසට ද ලක්විය හැකි බැව් ඔවුහු සිතූහ. නමුත්, සිදුවූයේ අනෙකකි. සැරයන්වරයාගේ එම ඉල්ලීමට අණ දෙන නිලධාරී දැක්වූයේ නිහතමානී අනුකූලතාවයකි. හෙතෙම තමා සන්තකයේ වූ සිගරැට් පැකට්ටුව වහාම ඔහු වෙතදිගු කළේය. ඒ සමඟම එහි සිටි සෙසු පිරිසට ද සිගරැට්ටුව බැගින් ලබාදුන් ඔහු තමන් සතුව තිබූ ගිනිපෙට්ටියකින්ම සැරයන්වරයාගේ සිගරැට්ටුව දල්වා ලන්නට ද කටයුතු කළේය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eමෙවන් මොහොතක ඔහුගේ වම හැසිරීම පිළිබඳ අණදෙන නිලධාරී තුළ ඇති කළේ ව්යාකූලත්වයකි. ඉදිරි ක්රියාන්විතයේ පවතින නිසැක අවදානමේ තරම ඔහු හොඳින් දැන සිටියේය. සැරයන්වරයා තම ජීවිතය පිළිබඳ කිසියම් අවිනිශ්චිත පණිවුඩයක් ඒ හරහා ලබා දෙන්නේ දැයි ඔහුට සිතිණ. එබැවින් තවදුරටත් ඔහුව එම කටයුත්තට යොදවන්නට තරම් හිතක් අණදෙන නිළධාරී හට නොවීය. නමුත් ඒවන විට ක්රියාන්විතය සඳහා අවසන් නියෝග නිකුත්කර තිබූ පසුබිමක වම සැරයන්වරයා වෙනුවට වෙනත් අයකු ආදේශ කිරීමටද ඔහුට හැකියාවක් නොවීය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඑදින උදෑසන සිදුවූ ඉහත සිදුවීම පිළිබඳ මතක අණදෙන නිලධාරීන්ගේ සිත බලවත් සේ පෙළන්නට විය. ඒ වන විට ක් රියා න්විතය අවස න්ව ගතවී තිබුණේ හෝරාවකටත් අඩු කාලයකි. ස ට නෙහි ජයග්රහණය හ මුදා භ ට පිරිස වෙත හිමිව තිබුණ ද සමස්ථයක් ලෙස ඒ වෙනුවෙන් ගෙවූ වන්දිය සුළු පටු නොවීය. වෙ ඩි බෙ හෙත් සුවඳ මුසු වූ ගිනි ගැහුණු භූමියේ තැන තැන වැටී ඇති උණුසුම් රු ධි ර බිඳු ස ට නෙහි බිහිසුණු බව මැනවින් පෙන්නුම් කළේය. අණ දෙන නිලධාරී තම දෙපා අබිමුව වැහි කබායකින් එතු යමක් සෙමෙන් විවර කරන්නට වූයේය. සැරයන් පුෂ්ප කුමාරගේ අ ස ම්පූ ර්ණ සි රු රු කො ටස් එහි විය. පෙරදා තමා සමග ඔහු ඉරූ සිගරුට්ටුවේ සුවඳ ඒ මොහොතේ ද ඔහුගේ නැහැපුඩු අතරට දැනී නොදැනී යන්නට විය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53430390849867,"sku":null,"price":7.6,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1499.jpg?v=1768135129"},{"product_id":"maranaya-madin-mullaitivu-sita-මරණය-මැදින්-මුලතිව්-සිට-by-sujith-chaminda-edirisinghe","title":"Maranaya Madin Mullaitivu Sita | මරණය මැදින් මුලතිව් සිට by Sujith Chaminda Edirisinghe","description":"\u003cp\u003e\u003cspan\u003eඋදාවෙමින් තිබෙනුයේ මාරයාගේ හෝරාව බැවූ තුවාල ලැබූ දීසානායකටද ඉවෙන් මෙන් දැනුනේය. තමන් නිසා සෙසු සියලුදෙනා ගේ මරණය ඉක්මන්වනු දැකීම ඔහු කිසිසේත් අපේක්ෂා නොකළේය.එහිදී බොහෝ අපහසුතා මැද ඔහු කිසියම් දෙයක් කොදුරන්නට විය. එහිදී ඔහුගේ ඉල්ලීම වුයේ තමාට කැස්ස පාලනය කරගත නොහැකි බැවින් කෙසේ හෝ තමන්ව නිහඩ කරවන ලෙසය. ඒ වන විට ත්රස්තවාදීහු වතුර ටැංකිය පාමුලට ආසන්න වී සිටියහ .ඔවුන්ගේ ගිනි අවි හද එලියට දිලිසෙමින් තිබිණ .සුළු චලනයකදී වුව ඒවා නිසැකවම ක්රියාත්මක වන බැව් පැහැදිලිය. එකිනෙකාගේ හර්ද ස්පන්දනය පවා පහතට ඇසෙන තරමේ නිහැඩියාවක් තුල දිසානායක එක වරක් කරන හඩට 11 දෙනෙකුගේ ජීවිතවල අවසානය තීරණය වීමට ඉඩදිය යුතුද? එම විසදාගත නොහැකි ගැටලුව හමුවේ සියල්ලන් නිරුත්තර වී ඇති සෙයකි. තවත් මොහොතක් හෝ ප්රමාදයකට කිසිදු ඉඩක් නොවිය ,එහිදී ඉතිරිව තිබු එකම විකල්පය ක්රියාත්මක කරන ලෙස දිසානායක බල කළේය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53430478897483,"sku":null,"price":9.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0670.jpg?v=1766685352"},{"product_id":"avi-bimaka-giniyama-අවි-බිමක-ගිනියම-by-sujith-chaminda-edirisinghe","title":"Awi Bimaka Giniyama | අවි බිමක ගිනියම by Sujith Chaminda Edirisinghe","description":"\u003cp\u003e1990 කොකාවිල් ප්රහාරය වූ කලී පසුගිය තිස් වසරක යුධ ඉතිහාසය තුළ සිදුවූ බිහිසුණුම හා සංවේදීම සිදුවීමකි. එවකට කොකාවිල් හි පිහිටි රූපවාහිනී සම්ප්රේෂණ මධ්යස්ථානයෙහි සේවයේ නියුතුව සිටි 61 දෙනෙකු අතුරින් හමුදා භටයෝ 54 දෙනෙකු හා සිවිල් සේවකයෝ 4 දෙනෙකු එම ප්රහාරය හමුවේ තම ජීවිත පූජා කළ අතර තිදෙනෙකු පමණක් දිවි බේරා ගැනීමට සමත් වුහ. ප්රමාණවත් තරම් ආහාර පාන හෝ පතුරොම් නොමැතිව පුරා දින 26 ක් සතුරාට යටත් නොවුණු ඔවුන් කඳවුර අතහැර පලා ඒමට උපදෙස් ලැබී තිබියදීත් තුවාල ලත් සගයින් දමා යා නොහැකි බැවින් මියෙන තුරුම සටන් වැද තම ජීවිත රට වෙනුවෙන් පුදකළේය. ඉහත ක්රියාදාමයට නායකත්වය ලබාදුන් ලුතිනන් සාලිය අලදෙණිය පසුව කපිතාන් නිළයට උසස් කොට රණවිරුවෙකුට පිරි නමන ඉහලම සම්මානය වන “පරම වීර විභූෂණයෙන්” පවා පිදුම් ලැබුවේය. එසේම ඉතිහාසයේ ප්රථම වතාවට එම සම්මානය හිමි කරගත් නිලධාරියා වන්නේද ඔහුය. \u003c\/p\u003e\n\u003cp\u003eනමුත්, අවාසනාවකට එවන් අභීත රණවිරුවෙකු පිළිබඳ මතකය වත්මන් සමාජය වෙතින් දුරස්ව ඇත. මව්බිම වෙනුවෙන් තම දිවි දෙවැනිකොට කැප වූ එකී අලදෙණිය ඇතුළු රණවිරුවන් පිළිබඳ සැබෑ මතකය මතු පරපුරට දායාද කරලීම යුතුකමක් සේම ජාතික වගකීමක් ලෙස සලකමි. පුරා වසර 03 කට ආසන්න කාලයක් සිදුකළ අඛණ්ඩ ගවේෂණයකින් අනතුරුව සත්ය හා විශ්වාසනීය තොරතුරු මත පදනම්ව මෙම ග්රන්ථය ලියන්නට මා උත්සුක වූයේ එබැවිනි. මෙම පොත ලිවීම සඳහා කොකාවිල් හා මාන්කුලම් ප්රහාරයට ඝෘජුව හා වක්රව සම්බන්ධ ආරක්ෂක අංශ වල පිරිස්, කපිතාන් අලදෙණිය ඇසුරු කළ සෙසු පුද්ගලයින් ඇතුළුව 60 දෙනෙකුට ආසන්න සංඛ්යාවක් දිවයිනේ විවිධ ප්රදේශ වල සංචාරය කරමින් පුද්ගලිකවම හමුවී සම්මුඛ පරික්ෂණයට භාජනය කොට ඇත. විශේෂයෙන්ම එකී සිදුවීම සිදුවූ මාන්කුලම් හා කොකාවිල් කඳවුරු පිහිටි ස්ථාන වෙත කිහිප වතාවක්ම ගොස් ගවේෂණ කටයුතු සිදුකරන ලද අතර මෙම සිදුවීමට සම්බන්ධ විදෙස් රට වල වෙසෙන පුද්ගලයින්ද අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කරගන්නා ලදී. එසේම එවකට පලවූ පුවත්පත් වාර්තා ගුවන් විදුලි හා රූපවාහිනි වැඩසටහන් ඇසුරින්ද තොරතුරු ලබාගෙන ඇත. \u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003eමෙම කතාව දශක තුනක් පමණ එහාට දිවයන්නකි. ඊට සම්බන්ධ පුද්ගලයින් වැඩි දෙනෙකු අද වන විට වයස්ගතව ඇත. එබැවින් ඔවුන් තුළින් නිවැරදි මතක හාරා ඇවිස්සීම ඉතා අපහසු කටයුත්තකි. විශේෂයෙන්ම මෙම සිදුවීමට අදාල වැදගත් හා නිවැරදි සවිස්තරාත්මක තොරතුරු පොත පතක හෝ අන්තර්ජාලයේ නොමැති බැවින් ඒ සියල්ල පුද්ගලයින්ගේ මතක ඇවිස්සීමෙන්ම ලබාගත යුතුවිය. ඒ මතක සොයා පසුගිය තෙවසරක් තිස්සේ ශ්රි ලංකාව පුරා ගිය ගමන වෙනුවෙන් මා පසුකළ දුර කිලොමීටර් 15,000 කට වැඩිය. \u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003eඑසේම, එකතු කර ගත් මතක නිවැරදි අනුපිළිවෙලට ගලපා ගැනීම මා මුහුණ දුන් තවත් දුෂ්කරතාවයකි. විශේෂයෙන්ම සිද්දි සමුදායක් එකම මොහොතක සිදුව තිබූ අවස්ථා මෙම කතාව තුළ කොතෙකුත් තිබේ. එවැනි සිදුවීම් පාඨකයා තුළ පටලැවිල්ලක් ඇති නොවන ලෙස ලිවීමට මම බෙහෙවින් පරිස්සම් වුණෙමි. එම අභියෝගය මම කොතෙක් දුරට ජයගෙන ඇත්දැයි තීරණය කිරීම පාඨක ඔබට භාර කරමි. \u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003eඇතැම් බලවත් රටවල් පවා තවමත් ත්රස්තවාදයෙන් බැට කමින් තිබේ. නමුත් අප එම යුගය පසුකර දශකයකට ලංව ඇත. එසේම සාමයේ අගය හා නිදහසේ වටිනාකම මේ යැයි පසක් කරමින් මෙරට තුළ තිස්වසක් තිස්සේ ඇවිලුණු යුද ගිනි නිවීමට අප විරෝධාර හමුදාවෝ සමත් වුහ. නමුත් එකි සාමය හා නිදහස වූ කලි බන්දේසියක තබා පුදනු ලැබු හෝ නිරායාසයෙන් උරුම වූවක් නොවන්නකි. ඒ වෙනුවෙන් හෙලූ ලේ දහඩිය සේම කැපකළ ජිවිත වල වටිනාකම තක්සේරුකළ නොහැකිය. එබැවින් මතු පරපුරට එම යථාර්ථය අවබෝධ කරදීම සැමගේ වගකීමකි. \u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003eපලවන හා දෙවන ලෝක යුද්ධ වලින් පසුවද ලෝකයේ පැවති වෙනත් ප්රධාන යුධ ගැටුම් අවසානයේද ඊට සම්බන්ධ වූ සෑම රටකම පාහේ යුධ සාහිත්යයක් ලියවි ඇත. පසුකාලීනව එම යුධ සාහිත්යය සිනමාව හරහාද මුළු ලොව පුරා ව්යාප්ත විය. ශ්රි ලංකාවේද 30 වසරක යුද්ධයක් අවසන්ව ඇත. අප එම සටන නිමා කළේ ලොව දරුණුතම ත්රස්තවාදය පරාජය කළ විශිෂ්ඨතම හමුදාව ලෙස වූ අභිමානයද සමගිනි. නමුත් අවාසනාවකට අප රටෙහි එවැනි යුධ සාහිත්යයක් බිහිවී නොමැත. විටින් විට ඒ පිළිබඳ සමාජයේ කතිකාවක් ගොඩනැගුනද, ඒ සම්බන්ධව අතලොස්සක් පොත් ලියවුනද ඉන් යුධ සාහිත්යයක් මෙරට බිහි කිරීමට ප්රමාණවත් දායකත්වයක් ලැබී නොමැත.\u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003e30 වසරක් පුරා මෙරට පැවති යුද්ධයට සක්රීයව දායත්වය දැක්වු බොහෝ දෙනෙකු ගෙවී ගිය දශකය තුළ සේවයෙන් ඉවත්ව හෝ විශ්රාම ගොස් ඇත. ඉදිරි කාළ පරිච්ඡේදය තුළදීද තවදුරටත් එවැනි පිරිස් හමුදාවෙන් ඉවත් වීමට නියමිතය. තවත් දශක දෙකක් පමණ ගිය තැන යුධ හමුදාපතිගේ සිට අවසාන සෙබළා දක්වා කිසිදු යුද අත්දැකීමක් නොමැති පිරිසක් ශ්රි ලංකා යුද හමුදාව තුළ බිහිවනු ඇත. ඕනෑම රටක හමුදාවක ඇතිවිය හැකි සාමාන්ය තත්ත්වය එය බව සැබෑ මුත් යුද අත්දැකීම් යනු විශ්රාමය සමග රැගෙන යායුතු දෙයක් නොවේය. එය ඉදිරි රණවිරු පරපුර උදෙසා බෙදාදිය යුතු දෙයකි. අනාගත හමුදාවක අභිමානය රඳා පවතිනුයේ එකී අත්දැකීම් මතින් ලබන පන්නරය තුළිනි. එබැවින් තමන් සතු යුද අත්දැකීම් ලේඛණගත කිරීම එකී අත්දැකීම් සහිත සෑම තරාතිරමකම හමුදා සාමාජිකයින් සතු අත්හල නොහැකි වගකීමකි. \u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003eඅපට යුද්ධයේ නටඹුන් ඉතිරි කල නොහැක. කළහැක්කේ එකී අත්දැකීම් මතු පරපුරට දැනකියා ගන්නට ඉඩ හැරීමය. එය අද දිනයේ අපකවුරුන් හෝ කළ යුතුය. යුද්ධයේ අත්දැකීම් සහිත හැමෝටම කියන්නට කතාවක් ඇත. තිස් වසක් තිස්සේ රණබිම තුළ ඔවුන් ඇසු දුටු අත්දැකීම් එකී හදවත් වල තෙරපෙමින් කැකෑරෙමින් තිබේ. ඔවුන් විශ්රාම යාමට පෙර එකී කතා සමාජගත කිරීමේ වැදගත්කම මතු වන්නේ එබැවිනි. ගෙවුනු 27 ත් වසකට ආසන්න වූ කාලපරිච්ඡේදය පුරා මා යුධ හමුදාව තුළ අඛණ්ඩව සාහිත්යකරණයේ නියැලෙමින් නිහඩව පණ දුන්නේ එකි මෙහෙවරටය. \u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003e- මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ - \u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53430575857995,"sku":"978-955-97191-3-7","price":9.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0674.jpg?v=1766685569"},{"product_id":"armouriya-seal-ආමරිය-සීල්-by-sujith-chaminda-edirisinghe","title":"Armouriya Seal | ආමරිය සීල් by Sujith Chaminda Edirisinghe","description":"\u003cp\u003e\u003cspan\u003eක්රමයෙන් අවට පරිසරය අඳුරු පැහැද ගනිමින් තිබිණ. බරපතල තුවාලකරුවන් තරමටම සාමාන්ය තුවාල ලැබුවන් පවා ඒ වන  විට සිටියේ බොහෝ සෙයින් අඩපනවය. අඛණ්ඩ ලේ වහනය ද, වේදනාව ද ඔවුන්ව පෙළමින් තිබුණේ එකසමවය . තුවාලකරුවන්ගේ හැකිළුණු මුහුණු අතරින් වුවද අපේක්ශා සහගත දෑස් දිලිසෙමින් තිබිණ. ඔවුන් සෑම අයකුගේම අවධානය නිරන්තරට යොමුවී තිබුණේ අහස දෙසය. ක්රමයෙන් හෙලිකොප්ටරයක හැඩ ඇතින් ඇසෙන්නට විය. එකවන්නේ දර්ශනය නොවුව ද, එය MI-17 වර්ගයේ යානාවක් බැව් හඳුනා ගන්නට එහි සිටි කිසිවකුටත් අපහසු නොවීය. එහිදී තුවාල කරුවන් අතර යම් පමණකට හෝ හිස ඔසවා බලන්නට හැකි අයවලුන් සූදානම් ඉරියව්වකට පැමිණීමට යුහුසුළු වනු පෙනිණ. එසේම සිහිසුන් තරමට බරපතල තත්ත්වයේ පසු වූවන් පවා හෙළිකොප්ටරයේ හඬ ඇසෙත්ම ඇසිපිය මදක් විවර කොට ජීවත්වීම උදෙසා වන සිය බලවත් උවමනාවේ තරම පෙන්වන්නට වූහ.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eහෙලිකොප්ටරය තුළ ඔක්සිජන් හා රුධිරය ලබා දෙමින් සිටි තුවාලකරුවන් තත්ත්වය තවදුරටත් අවදානම් වන්නට විය. සිය පපු ප්රදේශයට වෙඩි පහරවල් දෙකක් එල්ල වී තිබු හෙයින් ඔහු මුල සිටම හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළුනේය. වෛද්ය සහායකයා ඒ අසලින්ම රැඳෙමින් ඔහු වෙනුවෙන් සියලු වැර යොදන්නට වූයේ තටත් කළ හැකි යමක් ඉතුරුට තිබේදැයි නිරතුරු විමසිළිමති වෙමින් සිය පිවිතය ජීවත් කරවීම උදෙසා හෙළිකොප්ටරය තුළ සෙසු අය දරන වෙහෙස තුවාලකරුටද දැනී තිබූ සෙයකි. එනිසාම සියලු අපහසුතා හමුවේ වුව අවසන් හුස්ම පොද ඉතිරි කරගන්නට ඔහුද අසීමිතව වෑයම් කරනු පෙනිණ.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade","offers":[{"title":"Default Title","offer_id":53430624420171,"sku":null,"price":8.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0666.jpg?v=1766685144"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-sujith-chaminda-edirisinghe.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}