{"title":"Books by Tharushi Niranga","description":null,"products":[{"product_id":"the-housemaid-1-හවුස්මේඩ්-1-translated-by-tharushi-niranga","title":"The Housemaid 1 | හවුස්මේඩ් 1 | Translated by Tharushi Niranga","description":"\u003cp\u003e\u003csmall\u003e'සාදරයෙන් පවුලට පිළිගන්නවා’ නීනා වින්චෙස්ටර් එහෙම කිව්වෙ නිය ආලේපනවලින් හැඩකරපු එයාගේ සුන්දර අතක් මට දිගු කරන ගමන්. මම බොහොම විනීත විදිහට හිනාවුණේ පොළොවට කිරිගරුඬ අතුරපු කොරිඩෝව වටේ බැල්මක් හෙළන ගමන්. මේ රස්සාව තමයි හැමදෙයක්ම අලුතින් පටන්ගන්න මට ලැබෙන අන්තිම අවස්ථාව. මට කැමති කෙනෙක් විදිහට ජීවිතය අලුතින් පටන්ගන්න පුළුවන්. ඒත් වින්චෙස්ටර් මන්දිරයේ සැගවිලා තියෙන රහස් මගේ රහස්වලට වඩා හුඟක් භයානක බව මට වැඩිකාලයක් යන්න කලින් දැනගන්න ලැබේවි.\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eහැම දවසකම මම වින්චෙස්ටර් මන්දිරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කරනවා. මම එයාලගේ දුවව පාසල් ඉවරවුණාම ගෙදර එක්කගෙන එනවා. මුළු පවුලටම රසවත් රෑ කෑම වේලක් උයලා, පිළිගන්වලා, අන්තිමට මම අටල්ලේ තියෙන මගේ පුංචි කාමරේ ඇතුළේ තනියම රෑ කෑම ගන්නවා.\u003cbr\u003e\u003cbr\u003eමම පිරිසිදු කරන තරමටම නීනා මේ ගෙදර අවුල් ජාලයක් කරන විදිහ නොතකා ඉන්න මම පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒ වගේම, එයා තමන්ගෙම දුව ගැන කියන අමුතු විදිහේ බොරු කතා, එයාගෙ ස්වාමිපුරුෂයා වෙන ඇන්ඩෲ වින්චෙස්ටර් දවසින් දවස බිඳුණු මනුස්සයෙක් බවට පත්වෙන විදිහ. ඒත් වේදනාවෙන් පිරුණු ඇන්ඩෲ වින්චෙස්ටර්ගේ දුඹුරු පාට, ලස්සන ඇස් දෙක දකින වාරයක් පාසා නීනාට උරුම වෙලා තියෙන සැපවත් ජීවිතය ගැන මට නොහිතා ඉන්න අමාරුයි. නිමක් නැති තරමට ඇඳුම් පැලඳුම්, සුඛෝපභෝගී වාහනයක්, සර්ව සම්පූර්ණ සැමියෙක්!\u003cbr\u003e\u003cbr\u003eඑකම එක වතාවක් මම නීනාගේ සුන්දර සුදු ගවොමක් ඇඳලා බැලුවා. ඒ ඒක මට මොන විදිහට ගැළපෙනවද කියලා බලන්න. ඒත් වැඩිකාලයක් යන්න කලින් ඒක එයාට අහුවුණා... ඒ එක්කම, මම ඉන්න අටලු කාමරය අගුලු දාන්න පුළුවන් පිටතින් විතරයි කියලා මට තේරුම් යද්දිත් මම ප්‍රමාද වැඩියි.\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eඒත් තාමත් ඇත්තටම මම කවුද කියලා වින්චෙස්ටර්ලා නොදන්න බව මට සහතික වෙන්න පුළුවන්!\u003c\/small\u003e\u003cbr\u003e\u003cbig\u003eමට කරන්න පුළුවන් මොනවගේ දේවල්ද කියලා එයාලා තාමත් දන්නේ නෑ!\u003c\/big\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56348283044171,"sku":"978-92-5579-70-9","price":11.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1755.jpg?v=1768948773"},{"product_id":"the-housemaid-2-හවුස්මේඩ්-2-ගැරික්-නිවහනේ-අබිරහස-translated-by-tharushi-niranga","title":"The Housemaid 2 | හවුස්මේඩ් 2 | ගැරික් නිවහනේ අබිරහස | Translated by Tharushi Niranga","description":"\u003cp\u003e\u003csmall\u003e\u003cem\u003eඅමුත්තන්ගෙ නිදන කාමරේ ඇතුළට යන්න එපා!” ඩග්ලස් ගැරීක් එයාගෙ ඇඟිලි තුඩුවලින් දොර අල්ලද්දි අඳුරු හෙවණැල්ලකින් මූණ වැහිලා තිබුණා. “මගේ වයිෆ්... එයා හුඟක් අසනීපයෙන් ඉන්නෙ...” ඩග්ලස් ගැරික් එයාලගෙ සුන්දර පෙන්ට් හවුස් එකේ හැමතැනම මට පෙන්නාගෙන යන අතරේ, මේ ගෙදර වැහුණු දොරවල්වලට එපිටින් ඉන්න ඒ ගැනු කෙනා ගැන මගේ හිතට භයානක හැඟීමක් දැනෙනවා. ඒත් මට මේ රස්සාව නැතිවෙන විදිහේ අවදානමක් ගන්න බෑ... එහෙම වුණොත්... මගේ අඳුරු රහසුත් හෙළිවෙන්න ඉඩ තියෙනවා!\"\u003c\/em\u003e\u003cbr\u003e\u003cbr\u003eමගේ අතීතය ගැන හාරාඅවුස්සලා ප්‍රශ්න කරන්නෙ නැති සේවායෝජකයෙක්ව හොයාගන්න එක අමාරු වැඩක්. කොහොමහරි මගේ වාසනාචක්‍රයට පින් සිද්දවෙන්න, ඩග්ලස් ගැරීක් මට එයාගෙ සුඛෝපභෝගී මහල් නිවාසයේ පිරිසිදු කිරීමේ රස්සාවක් දුන්නා. ඒක එක්තරා විදිහක ප්‍රාතිහාර්යයක්. ඉතින් මට ඕන දේ කරගන්න ලැබෙනකල් මට හෙමින්සීරුවේ මේ රස්සාව කරගෙන ඉන්න පුළුවන්.\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eඇත්තටම ඒක සර්වසම්පූර්ණ රස්සාවක්. ඒත් මට තාමත් අමුත්තන්ගෙ නිදන කාමරේ ඇතුළෙ ඉන්න ගැරිකේ මහත්මියව මුණගැහිලා නෑ. හැබැයි එයා අඬන සද්දේ නම් මට හොඳටම ඇහුණා. ඒ එක්කම, රෙදි හෝදන්න දානකොට එයාගෙ නිදනගවොමේ කරේ තැවරිලා තිබුණ ලේ පැල්ලමත් මට අහුවුණා. ඉතින් එක දවසක් මම ඒ කාමරේ දොරට තට්ටු කළා. කොමරේ දොර යාන්තමින් ඇරුණට පස්සේ, ඒක ඇතුළෙ මම දැකපු දේත් එක්ක තමයි හැමදේම කණපිට පෙරළුණේ.\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eඒ වෙලාවෙ මම පොරොන්දුවක් දුන්නා. ඇත්තටම කිව්වොත් මේ දේ මම මීට කලිනුත් කරලා තියෙනවා. මගේ රහස් හැමෝගෙන්ම හංගගෙන ඉන්න අතරෙම, මට ගැරික් මහත්මියව ආරක්ෂා කරන්න බැරිකමක් නෑ.\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbig\u003e\u003csmall\u003eඒ වෙනුවෙන් මම කොයිතරම් දුර යයිද කියන එකයි මෙතැන තියෙන සරලම ප්‍රශ්නය.\u003c\/small\u003e\u003c\/big\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56348292022603,"sku":"978-624-6570-24-8","price":11.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1757.jpg?v=1768949127"},{"product_id":"never-lie-නෙවර්-ලයි-translated-by-tharushi-niranga-jayasinghe","title":"Never Lie | නෙවර් ලයි translated by Tharushi Niranga Jayasinghe","description":"\u003cp\u003eඅලුත විවාහ දිවියට පා තැබූ යුවළක් වූ ටි්‍රශියා සහ ඊතන් හුන්නේ ඔවුන්ගේ සිහින නිවහන සොයමිනි.\u003cbr\u003eනගරයෙන් දුර බැහැර, හුදෙකලා පෙදෙසක පිහිටි, වසර හතරකට පමණ පෙර කිසිදු සලකුණක් හෝ නැතිව අතුරුදන් වූ ඒඩි්‍රයන් හේල් නමැති සුප්‍රසිද්ධ මනෝවෛද්‍යවරියට අයත්ව තිබූ සුවිසල් මන්දිරය ඔවුන්ගේ එකී සිහිනයට මනාව ගැළපෙන නිවහනක් ලෙස පෙනෙන්නට තිබිණ. කෙසේ වෙතත්, ඔවුන් ඒ නිවහන බැලීමට ගිය මොහොතේ ආ දරුණු හිම කුණාටුවත් සමඟ ඔවුන් ඒ මන්දිරයේ කොටුවූයේ කුණාටුව අවසන් වනතුරු ඉන් පිටව යෑමට කිසිදු ඉඩක් ඉතිරි නොකරය.\u003c\/p\u003e\n\u003cp\u003eහිම කුණාටුව අවසන් වන තෙක් කල්මරන අතරතුර කියවීමට පොතක් සොයමින් හුන් ටි්‍රශියා, මන්දිරයේ තිබූ රහස් කාමරයක් සොයාගැනීම අහඹුවකි. ඒ තුළ වූයේ වෛද්‍ය ඒඩි්‍රයන් තම රෝගීන් සමඟ පැවැත්වූ සැසිවාර සියල්ල පටිගත කළ හඬපටය. හඬපට එකින් එකට සවන්දෙන අතරතුර, වෛද්‍ය හේල්ගේ අබිරහස් අතුරුදන්වීමට තුඩුදුන් අවාසනාවන්ත සිද්ධි දාමයක්ම ටි්‍රශියා ඉදිරියේ දිගහැරෙමින් තිබිණ. ඈ ඒ රහස් සියල්ල හෙළිකරගත්තාය.\u003c\/p\u003e\n\u003cp\u003eරැය පහන් වනතුරුම ටි්‍රශියා හඬපට එකින් එක ශ්‍රවණය කළාය. ප්‍රහේලිකාවක කොටස් මෙන් ඒවා මනාව එකිනෙක හා සම්බන්ධ වූ අතර, වෛද්‍ය ඒඩි්‍රයන් හේල්ගේ ජීවිතයේ රහස් රැසක් හෙළිවෙමින් තිබිණ.\u003cbr\u003eඅවසානයේ ටි්‍රශියා අන්තිම හඬපටයද අසන්නට සැරසිණි.\u003cbr\u003eඒ අවසන් හඬපටය තුළ උක්ත සිදුවීමේ බිහිසුණු සත්‍යය සම්පූර්ණයෙන්ම අන්තර්ගතව තිබෙනු ඇත.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56611906486603,"sku":null,"price":10.49,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-3230.jpg?v=1771885258"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-tharushi-niranga.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}