{"title":"Books by Upul Shantha Sannasgala","description":"","products":[{"product_id":"amma-අම්මා-by-upul-shantha-sannasgala","title":"Amma | අම්මා by Upul Shantha Sannasgala","description":"\u003cp\u003eඅම්මා ගැන හිතලා හිතලාම තමයි මගේ පපුව ඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ. මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක් විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක් තියෙනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලා උපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේ පිරිමි කළලයක් වෙලා උපදින්න ඕන.\u003c\/p\u003e\n\u003cp\u003eඑතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න.\u003c\/p\u003e\n\u003cp\u003eමං අම්මා වගේ ගෑනියෙක් වෙලා ඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විඳින්න. ඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත් මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්න රත්තරං අම්මේ!'\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56205840908619,"sku":null,"price":8.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1016.jpg?v=1767231686"},{"product_id":"may-december-romance-kola-pata-as-කොලපාට-ඇස්-by-upul-shantha-sannasgala-arathi-dewi-mohandas","title":"May December Romance | Kola Pata As | කොලපාට ඇස් by Upul Shantha Sannasgala \u0026 Arathi Dewi Mohandas","description":"\u003cp\u003e\u003cspan\u003eආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද May December Romance නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප්‍රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්‍රබන්ධයක අලුත් ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක්‍රමය එක මත එක ගැටෙන්නට සලස්වමින් චිත්තාභ්‍යන්තර ගැටුම් විවරණය කරන පර්යේෂණාත්මක කෘතියකි. භාෂාව උත්කෘෂ්ට රමණීය හැගීම් දනවන මෙවලමක් සේ භාවිත කරන මේ නවකතාවෙන් ප්‍රධාන චරිතයන්ගේ ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය, රාගය, අනුරතිය, සරාගී ආවේශයන් සහ ලාලසාවන් විවෘතව හෙළි දරව් කෙරේ. ආගමික, දේශපාලන, සමාජ විද්‍යාත්මක හා මනෝවිශ්ලේෂණිය කියැවීම් තුළ ද විවිධ මානයන් හරහා විමසීමෙන් මනුෂ්‍ය ජීවිතයේ සැඟවුණු මනෝ භාවයන් හාරා පාදා ගත හැකි ප්‍රේමණීය වියමනකි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57836894421323,"sku":"9786245572496","price":10.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9105.jpg?v=1783716467"},{"product_id":"lalanayanaya-ලලනායනය-by-upul-shantha-sannasgala","title":"Lalanayanaya | ලලනායනය by Upul Shantha Sannasgala","description":"\u003cp\u003e\u003cspan\u003eහොරණෑ සිඟාරම් හඬ යටින් \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eප්‍රේමයේ කමටහන් නැතිකමින් \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅහෝ මගේ සිත රිදෙනවා දැවෙනවා \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඔබේ තුනුසිරි විලෙහි කිමිදී \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනො කාලේ අස්වැන්න කිරිවැදී \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසෙත් පිරිත් රොන් සුනු ද දිය වී \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසිල් බිඳුණු තුන් සිවුර තෙමෙනවා \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eරසදියට වඩා ගන පෙම් කඳුළු වැටෙනවා \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅරහත් ධජය තෙමා ගෙන\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනො පෙනී ම කඳුළු බිඳු වැටෙනවා\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමගේ සිල් සිත කකියමින් දැවෙනවා \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනළියමින් විත් තෙරපෙමින්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපඬු පිපුණු සිවුර යට සඳ දියත් මිදෙනවා\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57836943769931,"sku":"9786245572649","price":9.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9116.jpg?v=1783718034"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/books-by-upul-shantha-sannasgala.oembed","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}