{"title":"Muses","description":"","products":[{"product_id":"disparue-දිස්පර‍යු-by-manjula-senaratne","title":"Disparue | දිස්පර‍යු by Manjula Senaratne","description":"\u003cp\u003e2019 වසරේ ජූනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය. තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදන්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය තාදි, ඒ අයුරින් අතුරුදන් විය.\u003c\/p\u003e\n\u003cp\u003eතත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද?\u003c\/p\u003e\n\u003cp\u003eදින දෙකක් පුරාවට දිගහැරෙන, තාදි සොයා යාමේ මෙහෙයුමයි මේ... පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්රධානී, නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම 'තාදි සමරසිංහ අබිරහස' කෙසේ විසඳනු ඇත්ද?\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53173839561035,"sku":null,"price":9.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0944.jpg?v=1766961939"},{"product_id":"𝓓-d-diana-by-manjula-senaratne","title":"𝓓 - D - Diana by Manjula Senaratne","description":"\u003cp\u003e\u003cspan\u003eඑය ගිම්හානයේ තවත් එක සරු සැඳෑවකි. ලොව සුන්දරතම නගරය ශනිදා රැයේ සුපුරුදු උත්සවශ්රීයෙන් වෙළීයමින් තිබුණි. නගර වැසියෝ මෙන්ම සංචාරකයින්ද ග්රීෂ්ම නිවාඩුව නිම කරන්නට පෙර ගතව යන ඒ අවසන් රැය විනෝදයෙන් ගෙවා දමන්නට සූදානම් වෙමින් සිටියහ.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eමේ නගරයේ එක් සුඛෝපභෝගී හෝටල් කාමරයක ලොවම ආදරය කළ රූමත් කුමරියක් රැය ගෙවී පහන් වනතුරු හෝරා ගනිමින් සිටියාය. තමන්ගේ සිතේ ඇති, ක්රියාවට නංවන්නට සිහින මවන සැලැස්ම සාර්ථක වන්නේ නම් අදහාගත නොහැකි වෙනස්කමකට ජීවිතය හසුවන බව දැන සිටියද ජීවත් වන්නට තමන්ට ඉතිරිව ඇත්තේ තවත් පැය කීපයක් පමණක් බව ඇය නොදැන සිටියාය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඑය තවත් එක් රිය අනතුරක් පමණක් නොවේ. එය මිනීමැරුමකි. ඇයව මරා දමන්නට සැකසුණු සංකීර්ණ කුමන්ත්රණයකි. ඇයව මරා දැමූ ඔවුහු. ඉතිහාසයේ මෙතෙක් හෙළි නොවුණු සංකීර්ණතම අධිරහසකට පදනම දැමූහ.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eමේ කියැවෙන්නේ ඩයනා කුමරියගේ මරණයේ කතාවයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53173874327883,"sku":null,"price":8.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1084.jpg?v=1767386389"},{"product_id":"bureau-බියුරෝ-by-manjula-senaratne","title":"Bureau | බියුරෝ by Manjula Senaratne","description":"\u003cp\u003e\u003cspan\u003eලොව බලවතුන් අප දෙස බලා සිටිති. අපේ හැසිරීම්, කතාබහ, ගමන්බිමන් ඔවුන්ගේ අවධානයට ලක් වෙයි. අපව දුර්වල, අසරණයින් බවට පත් කර තම අභිමතාර්ථයන් ඉටු කරගැනීම ඔවුන්ගේ අරමුණයි. එවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරා ගැනීම් දෙකකි. එනම් බලවතුන්ට විරුද්ධව සටන් කිරීම හෝ ඔවුන් හමුවේ පරාජයට පත්ව මිය යාමයි.\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003e\"මැරෙනවා නම් අපි ඔක්කොම එකට මැරෙමු..!\" එය අපේ තීරණයයි.\"\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53173894611275,"sku":null,"price":11.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0936.jpg?v=1766961579"},{"product_id":"deweni-gahaniya-දෙවැනි-ගැහැනිය-by-manjula-senaratne","title":"Deweni Gahaniya | දෙවැනි ගැහැනිය by Manjula Senaratne","description":"\u003cp\u003e\u003csmall\u003e\"මම යනවා.\" ඇගේ සැමියා කීවේය.\u003cbr\u003e\u003cbr\u003eමෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්යයක සැරිසරයි; ගමන් බිමන් යයි. දවස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි.\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.\u003cbr\u003e\u003cbr\u003eතවත් අයුරකින් මේ ප්රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකිය.\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eඅදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්රා දැන සිටියාය.\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eමේ, ඒ කතාවයි...\u003c\/small\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade","offers":[{"title":"Default Title","offer_id":53173907685707,"sku":null,"price":10.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0948.jpg?v=1766962081"},{"product_id":"12-12-12-by-manjula-senaratne","title":"12.12.12 by Manjula Senaratne","description":"\u003cdiv\u003e\u003csmall\u003e\u003cstrong\u003eප්රංශයේ සිට කතා මවන ශ්රී ලාංකික ඉන්ද්රජාලිකයා - මංජුල සේනාරත්නයන්ගේ අලෙවි වාර්තා තැබූ කෘතිය.\u003c\/strong\u003e.\u003c\/small\u003e\u003c\/div\u003e\n\u003cdiv\u003e\u003c\/div\u003e\n\u003cp\u003eලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන මිනිසෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේ ය. ඔවුනගේ සිහින විනාශ කර දැමුවේය. බැලූ බැල්මට නම් එය පරිපූර්ණ මිනීමැරුම කි. කිසිදු සැක සටහනක් නොමැත.\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53173933474123,"sku":null,"price":9.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1093.jpg?v=1767386905"},{"product_id":"sengange-relith-ekka-සේන්ගඟේ-රැළිත්-එක්ක-by-manjula-senaratne","title":"Sen Gange Relith Ekka | සේන් ගඟේ රැළිත් එක්ක by Manjula Senaratne","description":"\u003cp\u003e\u003csmall\u003eනාන කාමරයේ සීලිමේ අලවා ඇති අලංකාර කඩදාසියේ ඇති අපූරු මල් වැල් රටාවන් මම දුටිමි.\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eමලක් සමග එතෙන වැලක් එහි ඇඳී තිබුණි. වැලේ දෑත් මල අල්ලා ගන්නට මෙන් පසුපස යයි. වරෙක මල අල්ලා ගන්නා වැල එය වටා එතෙන්නට උත්සාහ කරයි. එහෙත් එකවර වැලේ පහස ලබන්නට මල අකමැතිය. එකිනෙකාගේ ස්පර්ෂයන්හි සුවය විඳින්නට ක්රම සහ විධි බොහෝ ගණනක් තිබියදී එකවරම මල සහ වැල එකිනෙක එතෙන්නේ නැත. වරෙක සප්ර්ෂ වෙමින් , තවත් වරෙක ඈත් වෙමින් එකිනෙකා ගේ සිරුරු වල රොන් තවරා ගනිමින් ඔවුහු ප්රේම ආලිංගනයේ නිරත වෙති. මලත් වැලත් මේ ලබන්නේ කිසි දිනක නොලද ආශ්වාදයකි.\u003c\/small\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade","offers":[{"title":"Default Title","offer_id":53173940683083,"sku":"978-628-98966-2-8","price":8.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1076.jpg?v=1767385549"},{"product_id":"ayubowan-nihadiyawa-ආයුබෝවන්-නිහැඬියාව-by-manjula-senaratne","title":"Ayubowan Nihadiyawa | ආයුබෝවන් නිහැඬියාව by Manjula Senaratne","description":"\u003cp\u003e\u003cspan\u003eආයුබෝවන් නිහැඬියාව\" ( දිගු කෙටි කතා සංග්රහය ) හය වසකට පසුව දෙවන මුද්රණය මියුසස් වෙතින්. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e01. රම්ය ආදරය \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e02. සාම මාවතේ බැල්ල \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e03. සෝඩා එපා..! \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e04. ආයුබෝවන් නිහැඬියාව \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e05. භීම සමයේ උදෑසනක්\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53554899550539,"sku":"978-955-3727-65-7","price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0724.jpg?v=1766949239"},{"product_id":"jeewithayen-masa-hayak-ජීවිතයෙන්-මාස-හයක්-by-manjula-senaratne","title":"Jeewithayen Masa Hayak | ජීවිතයෙන් මාස හයක් by Manjula Senaratne","description":"\u003cp\u003e\u003cspan\u003eඔයාගේ උරහිසට ඔළුව තියාගත්තාම දන්නෙම නැතිව නින්ද ගියා.” සෙව්වන්දි කීවාය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eසිසිල පහව ගොස් ඇති කීම වීදුරුවෙන් දෙතොල් තෙමාගෙන තත්පර ගණනක් මදෙස බලා සිටින ඇය. 'අපි දෙන්නට බය වෙන්න කිසි දෙයක් නැහැ නේද? ' යනුවෙන් ඇසුවේ මා කිසි දිනක නොදුටු දුකක් මුහුණට මවා ගනිමිනි. දුක, සන්තාපය ඇගේ මුහුණට ගැළපෙන හැඟීම් නොවේ. යම් හෙයකින් නිහාරා සොයා ගියෝතින් මා අසලි සිටින සුන්දර්යගේ මුහුණ අච්චුස්සහ වනු නියතය. සිත කඩා වැටෙනු ස්ථිරය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e“බය වෙන්න කිසි දෙයක් නැහැ. හැම දෙයක්ම හොදට සිද්ධ වෙනවා.” මහි පිළිතුරු දුන්නෙයි. \"ඇයි ඔයා මාව බඳින්නෙ?” ඇය ඇසුවාය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඒ ප්රශ්නයට දිය හැකි පැහැදිලි හා සාධාරණ පිළිතුර, ‘මම ඔයාට ආදරේ හින්දා' යැයි කීම වුණත්, පිටි මහාපුරුදු පිළිතුරක් සෙව්වෙමි. මෙතෙක් සවන් දුන් ගීතයක වදනක් මතකයට නැඟාගන්නට උත්සාහ කඳුයි. එවැන්නක් හමුනොවුණු තැනු සිතට පැමිණි අදහස් ගොන්නක් මෙසේ වදන්ගත කරන්නට මට හැකි විණ.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e“මම ඔයාව බඳින්නේ මගේ ජීවිතේට ඔයාව ඕනෑ හින්දා නෙමෙයි.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඔයා නැතිව මට ජීවත්වෙන්න බැරි හින්දා. ඒක, ඌ මට ගහනවා, මට ඌ ගහනවා වගේ කතාවක් නේද? විවාහයයි, මරණ යයි කියන්නෙ එක හා සමාන දෙයක්. හරියට බැලුවොත් මේ දෙකම ජීවිතේට ලැඛෙන්නේ එක වතාවයි. ඒත් සමහර වාසනාවන්තයෝ විවාහයෙන් පස්සෙ කීප වතාවක්ම ඉපදෙනවා. මට හිතෙන්නේ මමත් ඒ වගේ වාසනාවන්තයෙක් වෙයි.\" මම කීමි. \"මේ ජීවිතේ කෙටියි. ඒත් අපි දෙන්නා එක් වුණාට පස්සෙ අපිට පුළුවන් දිගු ජීවිතයක් ගතකරන්න.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53554934382923,"sku":"978-624-5579-42-6","price":9.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1080.jpg?v=1767386088"},{"product_id":"sadaadaraniya-kemiliya-සදාදරණීය-කැමීලියා-by-gethmini-priyanvada-welikala","title":"Sadaadaraniya Kemiliya | සදාදරණීය කැමීලියා by Gethmini Priyanvada Welikala","description":"\u003cp\u003e\u003cspan\u003eදුම්රිය අනතුරකින් මියයන තරුණියක් හා තරුණයෙක්!\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඒ හුදෙක් සියදිවි නසාගැනීමක්ද?\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eනැතහොත්, මුළාවකින් වසන් කළ සූක්ෂ්ම ඝාතනයක්ද?\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eමේ සිදුවීම, බරපතළ අපරාධ විමර්ශන අංශයේ අවධානයට ලක්වීමත් සමඟ මෙරිල් අයිවරි, නිශේල්ය අවකාශි හා සේජ් තුහිනසර සම්භාවිතාවන් ගණනයට එළැඹෙති.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eසත්යය සොයා යන අතරම, තම ජීවිතය ගලවාගැනීමේ අභියෝගයට මුහුණදීමටද ඔවුන්ට සිදුවෙයි. \u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eමරණකරු නිශාක්යා අයේෂ්වරී තබා යන එක් හෝඩුවාවකි - එක් සංකේත නාමයකි.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eකැමීලියා.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඒ සියල්ල හෙළිකරන යතුර විය හැකිද?\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eනොමැති නම්, පරීක්ෂකයන් තිදෙනාගේ ඉරණම තීරණය කරන සාධකය විය හැකිද?\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඒ, සැබැවින්ම පෙනෙන පරිදිම අවිහිංසක කැමීලියාවක්ද? නැතහොත්, වෙස්වළාගත් බාඳුරාවක්ද?\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53555499303243,"sku":null,"price":8.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0427.jpg?v=1766091477"},{"product_id":"maha-ghathanaya-මහා-ඝාතනය-by-sepali-mayadunne","title":"Maha Ghathanaya | මහා ඝාතනය by Sepali Mayadunne","description":"\u003cp\u003e\u003cspan\u003eඔහු ඒ වෙඩි පහරින් මියගියේය. මම වසර විස්සක්ම මියයමින්, ජීවත්වෙමින් මියයමි. ඔහු ජූලියස් සීසර් විය. මම මාර්ක් ඇන්ටනි වෙමින් ලෝකයාගෙන් ගැරහුම් වින්දෙමි. සීසර් මරාදමන්නට හැටදෙනෙකු එක්වන වගක් පවසා තිබිණි. එහෙත් ඔහුගේ ශරීරයේ තිබුණේ පිහිපහර විසි තුනක් පමණි. මත්පැනින්ම දවස ගෙවූ ක්ලියෝපැට්රාගේ පාෂයේ බැඳුණු ජූලියස් සීසර් රෝම අධිරාජ්යයේ උන්නතිය වෙනුවෙන් කළ යමක් නැත. සීසර් වීරයකු යයි මට නොසිතේ. ඔහු මාර්ක් ඇන්ටනි විසින් වීරයකු බවට පත්කරනු ලැබුවා පමණි. \u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eමම මොහොතකට මොන්තක්රිස්ටෝ සිටුවරයා වෙමි. එසේම, වසර විස්සකට ආසන්න කාලයක් සිරගතවද සිටියෙමි. එකම වෙනස, මා ඔහු මෙන් සිරෙන් පැන රහසේ මුහුදේ පිහිනා වෙස් මාරුකරගෙන ජීවත් නොවීම පමණය. \u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":53555566575947,"sku":null,"price":9.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1342.jpg?v=1767736592"},{"product_id":"sepalika-2-සේපාලිකා-2-by-cherry-minshi","title":"Sepalika 2 | සේපාලිකා 2 by Cherry Minshi","description":"\u003cp\u003eහිරිමල් වයසේ ඉන්න ආඩම්බරකාර රධ්‍යගේ හිතේ, දුඹුරු පාට ඇස් දෙකකට ආදරේ පැළවෙන්න පටන්ගත්තේ අදක ඊයෙක නෙමෙයි. අවුරුදු කීපයක්ම හිතේ හිරකරගෙන උන්නු වචන එකසැරේ කියන්නෙ කොහොමද, එතැනින් එහාට ජීවිතේ කොයි විදියට වෙනස්වෙයිද, තමන් වටේට කුණාටු කීයක් කැරකෙයිද, රධ්‍යට අදහසක් නොතිබුණ තරම්. කොහොමනමුත් දුඹුරු ඇස් අස්සේ තමන් වෙනුවෙනුත් ආදරයක් දලුලනවා බලන් උන්නු රධ්‍යගේ හදවතේ පිරුණු සතුට මේ තරම් කියලා වචනෙන් විස්තර කරන්න බැරිතරම්.\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003eජීවිතේට වැහැපු මුරුගසන් වරුසා ගණනකට මූණදීපු වරද්, පායාවි කියලා බලන් උන්නු ළා හිරු කිරණ වුණේ ඉස්කෝලෙ හිටපු ආඩම්බරකාරම ඇස්! රධ්‍යගේ හිතේ දලු දාන ආදරේ තමන් වෙනුවෙන් කියලා දැනෙන හැම වතාවකම වරද් උන්නේ පුදුමාකාර සතුටකින්. උද්‍යෝගයක් නැතුව ගෙවුණු උසස්පෙළ ජීවිතේ ආයේ මුල ඉඳන් විඳින්න ගත්තු වරද්, යාළුමිත්‍රයන් අතරේ ආයේ අලු‍තින් ඉපදුනේ රධ්‍ය නිසයි කියලා නොදන්න කෙනෙක් නැති තරම්.\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003eවසන්තයේ පිපුණු මල් පරවෙලා පෙති හැලෙන වග දැනන් උන්නත්, වසත් සමය අවසන් වෙලා සීත කාලය පටන්ගන්න වග දැනන් උන්නත්, මේ තරම් ඉක්මනින් සීත කාලය එන වග, වසන්ත කාලේ පුරාම ඇඟ ඇතුළේ තටුගහපු සමනල්ලු‍ එකින් එක මැරි මැරී බිම වැටෙන වග පිළිගන්න අකමැති වුණා.\u003cbr\u003eඅල්ලගන්නත් අමාරු, අතාරින්නත් අමාරු ඒ සීත කාලේ පටන්ගන්න කලින්...\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003eමේ, වසන්තේ පිපුණු සේපාලිකා මල් සුවඳට ඉඩ!\u003cbr\u003e \u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56141977125195,"sku":"978-624-6570-52-1","price":17.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0421.jpg?v=1766089956"},{"product_id":"sepalika-1-2-දෙකම-එකට-26","title":"Sepalika 1\u00262 දෙකම එකට £30","description":"\u003cp\u003eහිරිමල් වයසේ ඉන්න ආඩම්බරකාර රධ්‍යගේ හිතේ, දුඹුරු පාට ඇස් දෙකකට ආදරේ පැළවෙන්න පටන්ගත්තේ අදක ඊයෙක නෙමෙයි. අවුරුදු කීපයක්ම හිතේ හිරකරගෙන උන්නු වචන එකසැරේ කියන්නෙ කොහොමද, එතැනින් එහාට ජීවිතේ කොයි විදියට වෙනස්වෙයිද, තමන් වටේට කුණාටු කීයක් කැරකෙයිද, රධ්‍යට අදහසක් නොතිබුණ තරම්. කොහොමනමුත් දුඹුරු ඇස් අස්සේ තමන් වෙනුවෙනුත් ආදරයක් දලුලනවා බලන් උන්නු රධ්‍යගේ හදවතේ පිරුණු සතුට මේ තරම් කියලා වචනෙන් විස්තර කරන්න බැරිතරම්.\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003eජීවිතේට වැහැපු මුරුගසන් වරුසා ගණනකට මූණදීපු වරද්, පායාවි කියලා බලන් උන්නු ළා හිරු කිරණ වුණේ ඉස්කෝලෙ හිටපු ආඩම්බරකාරම ඇස්! රධ්‍යගේ හිතේ දලු දාන ආදරේ තමන් වෙනුවෙන් කියලා දැනෙන හැම වතාවකම වරද් උන්නේ පුදුමාකාර සතුටකින්. උද්‍යෝගයක් නැතුව ගෙවුණු උසස්පෙළ ජීවිතේ ආයේ මුල ඉඳන් විඳින්න ගත්තු වරද්, යාළුමිත්‍රයන් අතරේ ආයේ අලු‍තින් ඉපදුනේ රධ්‍ය නිසයි කියලා නොදන්න කෙනෙක් නැති තරම්.\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003eවසන්තයේ පිපුණු මල් පරවෙලා පෙති හැලෙන වග දැනන් උන්නත්, වසත් සමය අවසන් වෙලා සීත කාලය පටන්ගන්න වග දැනන් උන්නත්, මේ තරම් ඉක්මනින් සීත කාලය එන වග, වසන්ත කාලේ පුරාම ඇඟ ඇතුළේ තටුගහපු සමනල්ලු‍ එකින් එක මැරි මැරී බිම වැටෙන වග පිළිගන්න අකමැති වුණා.\u003cbr\u003eඅල්ලගන්නත් අමාරු, අතාරින්නත් අමාරු ඒ සීත කාලේ පටන්ගන්න කලින්...\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003eමේ, වසන්තේ පිපුණු සේපාලිකා මල් සුවඳට ඉඩ!\u003cbr\u003e \u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56141990461771,"sku":null,"price":30.0,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2211.jpg?v=1770067695"},{"product_id":"kasado-කසාදෝ-translated-by-madhara-abeysinghe","title":"Kasado | කසාදෝ translated by Madhara Abeysinghe","description":"\u003cp\u003e\u003cspan\u003eසාරා මෝර්ගන් වොෂින්ටන් නගරයේ වෙසෙන අතිදක්ෂ, අති ජනප්‍රිය විත්තියේ නීතිඥවරියකි. වයස අවුරුදු තිස්පහක් ගතවන විට සමාගමක හවුල්කාරියක් වන්නට තරම් ශූර වූ ඇගේ ජීවිතය ගලායන්නේ, ඇය සැලසුම් කළ අයුරින්මය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඑනමුදු, ඇඩම් මෝර්ගන්ගේ ඉරණම ඒ තරම්ම සුන්දර නැත. අසාර්ථක ලේඛකයෙකු වූ ඔහු බලාපොරොත්තු වන පරිපූර්ණ පවුල් ජීවිතය ඔහුට හිමි නොවීය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eසාරා මෝර්ගන් රැකියාවට සිය ජීවිතය දියකර හරින විට, ඇඩම් මෝර්ගන් සිය කාලයෙන් වැඩි කොටසක් සිය විවේක නිවහනේ ගතකරන්නට නැඹුරු වෙයි.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eපුරා වසර දෙකකට ආසන්න කාලයක් ඇඩම් සිය අනියම් පෙම්වතිය වූ කෙලී සමර්ස් පිළිබඳ රහස සාරාගෙන් සැඟවුවද, ඔවුන්ගේ විවේක නිවහනේ ඇඳ මතදී කෙලීගේ මළසිරුර සොයාගනු ලැබූ විට මේ සියල්ල උඩුයටිකුරු වී යන්නට ගතවන්නේ එක් නිමේෂයකි.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eමෙකී ඝාතනයට සැකපිට ඇඩම් මෝර්ගන්ව අත්අඩංගුවට ගනු ලැබූ පසු, සාරා මෝර්ගන්ට සිය ජීවිතයේ වඩාත්ම අභියෝගාත්මක නඩුවට සැරසෙනු හැරෙන්නට වෙන විකල්පයක් නොවිණ. \u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඇඩම් මෝර්ගන්... කෙලී සමර්ස්ට රහසින් පෙම් කළ බවට, ඇය සිය අනියම් පෙම්වතිය කරගත් බවට වරදකරුද? ඔව්! \u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඑහෙත් ප්‍රශ්නය එතෙකින් නිමා නොවේ. \u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eප්‍රශ්නය... ඇඩම් මෝර්ගන්, කෙලී සමර්ස්ව මරාදැමුවාද?\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56142053507403,"sku":null,"price":10.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0433.jpg?v=1766092112"},{"product_id":"𝓓-d-diana-ඩයනා-red-version-by-manjula-senaratne","title":"𝓓 - D - Diana | ඩයනා | Red version|  by Manjula Senaratne","description":"\u003cp\u003e\u003cspan\u003eඑය ගිම්හානයේ තවත් එක සරු සැඳෑවකි. ලොව සුන්දරතම නගරය ශනිදා රැයේ සුපුරුදු උත්සවශ්රීයෙන් වෙළීයමින් තිබුණි. නගර වැසියෝ මෙන්ම සංචාරකයින්ද ග්රීෂ්ම නිවාඩුව නිම කරන්නට පෙර ගතව යන ඒ අවසන් රැය විනෝදයෙන් ගෙවා දමන්නට සූදානම් වෙමින් සිටියහ.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eමේ නගරයේ එක් සුඛෝපභෝගී හෝටල් කාමරයක ලොවම ආදරය කළ රූමත් කුමරියක් රැය ගෙවී පහන් වනතුරු හෝරා ගනිමින් සිටියාය. තමන්ගේ සිතේ ඇති, ක්රියාවට නංවන්නට සිහින මවන සැලැස්ම සාර්ථක වන්නේ නම් අදහාගත නොහැකි වෙනස්කමකට ජීවිතය හසුවන බව දැන සිටියද ජීවත් වන්නට තමන්ට ඉතිරිව ඇත්තේ තවත් පැය කීපයක් පමණක් බව ඇය නොදැන සිටියාය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඑය තවත් එක් රිය අනතුරක් පමණක් නොවේ. එය මිනීමැරුමකි. ඇයව මරා දමන්නට සැකසුණු සංකීර්ණ කුමන්ත්රණයකි. ඇයව මරා දැමූ ඔවුහු. ඉතිහාසයේ මෙතෙක් හෙළි නොවුණු සංකීර්ණතම අධිරහසකට පදනම දැමූහ.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eමේ කියැවෙන්නේ ඩයනා කුමරියගේ මරණයේ කතාවයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56216129372491,"sku":null,"price":8.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1089.jpg?v=1767386568"},{"product_id":"the-housemaid-1-හවුස්මේඩ්-1-translated-by-tharushi-niranga","title":"The Housemaid 1 | හවුස්මේඩ් 1 | Translated by Tharushi Niranga","description":"\u003cp\u003e\u003csmall\u003e'සාදරයෙන් පවුලට පිළිගන්නවා’ නීනා වින්චෙස්ටර් එහෙම කිව්වෙ නිය ආලේපනවලින් හැඩකරපු එයාගේ සුන්දර අතක් මට දිගු කරන ගමන්. මම බොහොම විනීත විදිහට හිනාවුණේ පොළොවට කිරිගරුඬ අතුරපු කොරිඩෝව වටේ බැල්මක් හෙළන ගමන්. මේ රස්සාව තමයි හැමදෙයක්ම අලුතින් පටන්ගන්න මට ලැබෙන අන්තිම අවස්ථාව. මට කැමති කෙනෙක් විදිහට ජීවිතය අලුතින් පටන්ගන්න පුළුවන්. ඒත් වින්චෙස්ටර් මන්දිරයේ සැගවිලා තියෙන රහස් මගේ රහස්වලට වඩා හුඟක් භයානක බව මට වැඩිකාලයක් යන්න කලින් දැනගන්න ලැබේවි.\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eහැම දවසකම මම වින්චෙස්ටර් මන්දිරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කරනවා. මම එයාලගේ දුවව පාසල් ඉවරවුණාම ගෙදර එක්කගෙන එනවා. මුළු පවුලටම රසවත් රෑ කෑම වේලක් උයලා, පිළිගන්වලා, අන්තිමට මම අටල්ලේ තියෙන මගේ පුංචි කාමරේ ඇතුළේ තනියම රෑ කෑම ගන්නවා.\u003cbr\u003e\u003cbr\u003eමම පිරිසිදු කරන තරමටම නීනා මේ ගෙදර අවුල් ජාලයක් කරන විදිහ නොතකා ඉන්න මම පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒ වගේම, එයා තමන්ගෙම දුව ගැන කියන අමුතු විදිහේ බොරු කතා, එයාගෙ ස්වාමිපුරුෂයා වෙන ඇන්ඩෲ වින්චෙස්ටර් දවසින් දවස බිඳුණු මනුස්සයෙක් බවට පත්වෙන විදිහ. ඒත් වේදනාවෙන් පිරුණු ඇන්ඩෲ වින්චෙස්ටර්ගේ දුඹුරු පාට, ලස්සන ඇස් දෙක දකින වාරයක් පාසා නීනාට උරුම වෙලා තියෙන සැපවත් ජීවිතය ගැන මට නොහිතා ඉන්න අමාරුයි. නිමක් නැති තරමට ඇඳුම් පැලඳුම්, සුඛෝපභෝගී වාහනයක්, සර්ව සම්පූර්ණ සැමියෙක්!\u003cbr\u003e\u003cbr\u003eඑකම එක වතාවක් මම නීනාගේ සුන්දර සුදු ගවොමක් ඇඳලා බැලුවා. ඒ ඒක මට මොන විදිහට ගැළපෙනවද කියලා බලන්න. ඒත් වැඩිකාලයක් යන්න කලින් ඒක එයාට අහුවුණා... ඒ එක්කම, මම ඉන්න අටලු කාමරය අගුලු දාන්න පුළුවන් පිටතින් විතරයි කියලා මට තේරුම් යද්දිත් මම ප්‍රමාද වැඩියි.\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eඒත් තාමත් ඇත්තටම මම කවුද කියලා වින්චෙස්ටර්ලා නොදන්න බව මට සහතික වෙන්න පුළුවන්!\u003c\/small\u003e\u003cbr\u003e\u003cbig\u003eමට කරන්න පුළුවන් මොනවගේ දේවල්ද කියලා එයාලා තාමත් දන්නේ නෑ!\u003c\/big\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56348283044171,"sku":"978-92-5579-70-9","price":11.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1755.jpg?v=1768948773"},{"product_id":"the-housemaid-2-හවුස්මේඩ්-2-ගැරික්-නිවහනේ-අබිරහස-translated-by-tharushi-niranga","title":"The Housemaid 2 | හවුස්මේඩ් 2 | ගැරික් නිවහනේ අබිරහස | Translated by Tharushi Niranga","description":"\u003cp\u003e\u003csmall\u003e\u003cem\u003eඅමුත්තන්ගෙ නිදන කාමරේ ඇතුළට යන්න එපා!” ඩග්ලස් ගැරීක් එයාගෙ ඇඟිලි තුඩුවලින් දොර අල්ලද්දි අඳුරු හෙවණැල්ලකින් මූණ වැහිලා තිබුණා. “මගේ වයිෆ්... එයා හුඟක් අසනීපයෙන් ඉන්නෙ...” ඩග්ලස් ගැරික් එයාලගෙ සුන්දර පෙන්ට් හවුස් එකේ හැමතැනම මට පෙන්නාගෙන යන අතරේ, මේ ගෙදර වැහුණු දොරවල්වලට එපිටින් ඉන්න ඒ ගැනු කෙනා ගැන මගේ හිතට භයානක හැඟීමක් දැනෙනවා. ඒත් මට මේ රස්සාව නැතිවෙන විදිහේ අවදානමක් ගන්න බෑ... එහෙම වුණොත්... මගේ අඳුරු රහසුත් හෙළිවෙන්න ඉඩ තියෙනවා!\"\u003c\/em\u003e\u003cbr\u003e\u003cbr\u003eමගේ අතීතය ගැන හාරාඅවුස්සලා ප්‍රශ්න කරන්නෙ නැති සේවායෝජකයෙක්ව හොයාගන්න එක අමාරු වැඩක්. කොහොමහරි මගේ වාසනාචක්‍රයට පින් සිද්දවෙන්න, ඩග්ලස් ගැරීක් මට එයාගෙ සුඛෝපභෝගී මහල් නිවාසයේ පිරිසිදු කිරීමේ රස්සාවක් දුන්නා. ඒක එක්තරා විදිහක ප්‍රාතිහාර්යයක්. ඉතින් මට ඕන දේ කරගන්න ලැබෙනකල් මට හෙමින්සීරුවේ මේ රස්සාව කරගෙන ඉන්න පුළුවන්.\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eඇත්තටම ඒක සර්වසම්පූර්ණ රස්සාවක්. ඒත් මට තාමත් අමුත්තන්ගෙ නිදන කාමරේ ඇතුළෙ ඉන්න ගැරිකේ මහත්මියව මුණගැහිලා නෑ. හැබැයි එයා අඬන සද්දේ නම් මට හොඳටම ඇහුණා. ඒ එක්කම, රෙදි හෝදන්න දානකොට එයාගෙ නිදනගවොමේ කරේ තැවරිලා තිබුණ ලේ පැල්ලමත් මට අහුවුණා. ඉතින් එක දවසක් මම ඒ කාමරේ දොරට තට්ටු කළා. කොමරේ දොර යාන්තමින් ඇරුණට පස්සේ, ඒක ඇතුළෙ මම දැකපු දේත් එක්ක තමයි හැමදේම කණපිට පෙරළුණේ.\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eඒ වෙලාවෙ මම පොරොන්දුවක් දුන්නා. ඇත්තටම කිව්වොත් මේ දේ මම මීට කලිනුත් කරලා තියෙනවා. මගේ රහස් හැමෝගෙන්ම හංගගෙන ඉන්න අතරෙම, මට ගැරික් මහත්මියව ආරක්ෂා කරන්න බැරිකමක් නෑ.\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbig\u003e\u003csmall\u003eඒ වෙනුවෙන් මම කොයිතරම් දුර යයිද කියන එකයි මෙතැන තියෙන සරලම ප්‍රශ්නය.\u003c\/small\u003e\u003c\/big\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56348292022603,"sku":"978-624-6570-24-8","price":11.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1757.jpg?v=1768949127"},{"product_id":"the-tomb-of-hercules-hercules-ge-sohona-හර්කියුලස්ගෙ-සොහොන-translated-by-manjula-dissanayake","title":"The Tomb of Hercules | Hercules ge Sohona | හර්කියුලස්ගෙ සොහොන translated by Manjula Dissanayake","description":"\u003cp\u003e\u003cspan\u003eඉපැරැණි ලියවිල්ලක් අධ්‍යයනය කරන නීනා වයිල්ඩ් නමැති පුරාවිද්‍යාඥවරියට, පුරාවෘත්තවල සඳහන් හර්කියුලස් වීරයාගේ සොහොන් ගැබ සත්‍ය ලෙසම පවතින්නක් බව දැනගැනීමට ලැබෙයි. එය සොයාගැනීමට ලැබුණොත් මානව ඉතිහාසය එතෙක් මෙතෙක් සිදුකළ විශිෂ්ටතම ඓතිහාසික සොයාගැනීම එය වන බව නීනා වටහාගනියි.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eතම පෙම්වතා වූ හිටපු විශේෂ බලකා සෙබළ එඩී චේස් සමඟ එක්වන නීනා, සොහොන් ගැබ සෙවීමේ ගවේෂණය අරඹයි. මේ අතර තවත් පිරිසකට එහි ඇති මිල කළ නොහැකි ධනය ලබාගැනීමට අවශ්‍ය වෙයි.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eදූෂිතබවේත්, රහස් කුමන්ත්‍රණවලත් ගොදුරු බවට පත්වෙමින් ස්විට්සර්ලන්තයේ සිට ෂැන්හයි දක්වාත්, බෝස්ට්වානාවල සිට ලන්ඩනය දක්වාත් සොහොන් ගැබ සොයමින් යන නීනා සහ චේස්, සොහොන් ගැබ වඩාත් දූෂිත දෑත්වලට හසුවීමට පෙර එය සොයාගැනීමේ අභියෝගයට මුහුණදෙති.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඑහෙත් ඒ ප්‍රචණ්ඩ, වියරු දූෂිතයන්ගේ අරමුණ හර්කියුලස්ගේ සොහොනේ ඇති අසීමිත ධනය පමණක්ම නොවන බව වටහාගන්නා විට නීනා සහ චේස් ඔවුන්ගේ ග්‍රහණයට හසු වී හමාරය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eබලකාමී වියරු දූෂිතයන්ගේ උත්සාහය ව්‍යර්ථ කර, ලොව විශිෂ්ටතම පුරාවිද්‍යාත්මක සොයාගැනීම ලෝකයට පවසන්නට ඔවුන්ට හැකිවේද?\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඅත්‍යන්ත ධන නිධානයක් සොයා කෙරෙන වික්‍රමාන්විත ගවේෂණයේ අවසන් ප්‍රතිඵලය කුමක් වේද?\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56811240489291,"sku":"978-624-6570-23-1","price":12.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-4623.jpg?v=1773667090"},{"product_id":"magpie-murders-මැග්පයි-මර්ඩර්ස්-translated-by-gayan-sampath-waniganeththi","title":"Magpie Murders | මැග්පයි මර්ඩර්ස් translated by Gayan Sampath Waniganeththi","description":"\u003cp\u003e\u003csmall\u003eඔබ ෂර්ලොක් හෝම්ස්, හර්කියුල් පොයිරෝ, ෆාදර් බ්‍රවුන් වැනි රහස්පරීක්ෂණ කතා ලෝලියෙක්ද?\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eඔව්?\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eවිශ්වාස කරන්න මිත්‍රයා... එහෙනම් මේ තමයි ඔබ තෝරාගත්ත හොඳම පොත!\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eඑංගලන්තයේ පිටිසරබද පළාතක, නිහඬ දිවිපෙවෙතක් ගෙවූ, ජනකාන්ත රහස්පරීක්ෂක කතා රචක ඇලන් කොන්වේ, අබිරහස් අයුරින් ඛේදනීය ලෙස මියයයි. ඔහුගේ මරණය ගැනත්, ඒ සඳහා හේතුව කුමක්ද යන්නත්, පැටලුණු ගැටලු පමණක් බවට පත්වෙයි. අබිරහස් දිවියක් ගතකරන දේවගැතිවරයාද, සුසාන භූමියේදී විටින්විට මතුවන ඒ අද්භූත මිනිසාද හමුවේ, මෙම අබිරහස සොයා යන ඇගේ ඉරණම කුමක් විය හැකිද?\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eඇලන් කොන්වේගේ කෘතියක,\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eඔහු ලියූ වැකි පෙළක,\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eළමා කවියක,\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eඔහු ගොඩනැඟූ චරිත සමූහයක,\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eඔහුගේ මරණය පිළිබඳ ඉඟියක් තිබිය හැකිද?\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eපොතක් තුළින් පොතක් තුළට දීර්ඝ සංචාරයක නියැළී, අබිරහස විසඳීම ඔබට බාරයි.\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eවිශ්වාස කරන්න...\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eඇතැම්විට සුප්‍රකට රහස්පරීක්ෂක ඇටිකස් පන්ඩ් අබිබවා, ඇවොන් ගම්මානයේ ඛේදවාචකය නිරාකරණය කරගැනීමට ඔබට හැකිවනු ඇත!\u003c\/small\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56811390861643,"sku":"978-624-657-005-7","price":14.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-4627.jpg?v=1773669010"},{"product_id":"husbands-secret-sangawunu-jeevitha-සැඟවුණු-ජීවිත-translated-by-savindi-ariyathilaka","title":"Husband's Secret | Sangawunu Jeevitha | සැඟවුණු ජීවිත translated by Savindi Ariyathilaka","description":"\u003cp\u003eමගේ බිරිඳ, සිසිලියා ෆිට්ස්පැට්‍රික් වෙත,\u003cbr\u003eමගේ මරණය සිදු වුවහොත් පමණක් විවර කර බැලීමට.’\u003cbr\u003e \u003cbr\u003eඒ රහසිගත ලිපිය හමුවීමට පෙර, \u003cbr\u003eසිසිලියා ෆිට්ස්පැට්‍රික් සාර්ථකත්වයේ හිණිපෙත්තටම ළඟා වූ කාන්තාවක් වූවාය. ව්‍යාපාරික වශයෙන් සාර්ථක වූවා සේම, ඈ බිරිඳක හා මවක ලෙසද සිය කුඩා පවුලට නැතිවම බැරි තැනැත්තියක විය.\u003c\/p\u003e\n\u003cp\u003eඒ රහසිගත ලිපිය හමුවීමෙන් පසු, \u003cbr\u003eසියල්ල වෙනස් විය.\u003cbr\u003eඇගේ ජීවිතය පමණක් නොව, රේචල් හා ටෙස් හට පවා එතැන් සිට මුහුණදීමට සිදු වූවේ අනපේක්ෂිත සිදුවීම් ගණනාවකටය.\u003cbr\u003eඈ ආදරය කළ සියලුදෙනාගේ ජීවිත කම්පිත කරවමින්, මේ සියලු රහස් හෙළි කිරීමට ඇයට හැකිය.\u003cbr\u003eනැතහොත්, අභියෝගයට හුදෙකලාවම මුහුණපාමින්, ඈ නිහඬව සිටිය යුතුය. \u003cbr\u003eඇගේ තේරීම කුමක් විය හැකිද?\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56813849084235,"sku":"978-624-6570-56-9","price":13.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-4652.jpg?v=1773689296"},{"product_id":"lotus-ලෝටස්-by-saumya-sandaruwan-liyanage","title":"Lotus | ලෝටස් by Saumya Sandaruwan Liyanage","description":"\u003cp\u003eජනේලය වහලා දාන අදහස අත්හැරපු මම ඒ උණුසුම් හීතලක් පිරිලා තිබුණු විදුරුවත් එක අතක රඳවගෙන, ජනෙල් පඩිය උඩින් වාඩිවෙලා ඈත කෙළවරක් නොපෙනෙන හිස් කලුවර අවකාශය දිහා බලාගෙන හිටියා. පහළින් එන්න එන්නම වැඩිවුණු අර මිනිස් පොදියෙ ආවේගය ගැනවත්, ඒ මොහොතෙ මගේ ස්වරූපය ගැනවත් කිසිම අදහසක් හිතට වැද්දගන්නේ නැතුව ඒ කලුවර සහ හීතල අත්විඳින්නයි මට ඕන වුණේ. පහළ සිද්ධවෙන දේවල් මැරීන් ඩ්‍රයිව් එක දිගේ දැල්වුණු තැඹිලි පාටට හුරු කහපාට වීදි ලාම්පුවල එළියෙන් මට පෙනුණත්, පුංචි සඳලුතලය සහ ජනේලය ළඟ රැඳිලා තිබුණු අඩ අඳුර නිසා පහළ ඉඳල බලන කෙනෙකුට මාව සම්පූර්ණයෙන්ම නොපෙනෙන බව මම දැනගෙන හිටියා. හීතල මුහුදු හුළඟට නිරුවත් උඩුකය පුරා හීගඩු පිපෙද්දි; ශලනි කියන ජනප්‍රිය නිළිය අඩ නිරුවතින් ජනෙල් පඩියක් උඩ වාඩිවෙලා විස්කි වීදුරුවක් තොලගාන ඒ දර්ශනය, පහළ මැරීන් ඩ්‍රයිව් එක පුරා රැස්කමින් හිටපු මිනිස් පොදියට පෙනුණනම් ඒක එතනට කොයි විදියෙ උත්තේජනයක් සපයාවිද කියන කාරණය ගැන මම කල්පනා කළා.\u003c\/p\u003e\n\u003cp\u003e‘ගොඩක් අය තරු ගැන කතා කළාට කවුරුවත් කතා කරන්නෙ නෑ ඒ තරු පිටිපස්සෙ තියෙන අඳුර ගැන. මතක තියාගන්න, තරුවකට දිළිසෙන්න බෑ කවදාවත් ඒ කළුවර නැතුව. දීප්තිය වැඩිවෙන තරමටම කළුවරත් වැඩි වෙනවා. ඒ කියන්නෙ තරුවකට සිද්ධවෙනවා කොන්දේසි විරහිතව ඒ ඝන අන්ධකාරය ඉවසන්න...’\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56847799615819,"sku":"978-624-6570-57-6","price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-5012.jpg?v=1774004568"},{"product_id":"seda-salakuna-සේද-සලකුණ-by-kaveesha-nadun-kaggodaarachchi","title":"Seda Salakuna | සේද සලකුණ by Kaveesha Nadun Kaggodaarachchi","description":"\u003cp\u003e\u003cspan\u003e“ඔබ මේ අහන්නේ සේද සලකුණ ගැන ගැටලුව පළකරන එක ගැන නම්, අපි මේ කතාව මෙතැනින්ම නතර කරලා දාමු වොට්සන්.”\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e“නමුත් ඒ ආන්දෝලනාත්මක සිදුවීම කවදා හෝ දවසක සමාජය දැනගත යුතුයි නේද?”\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e“දවසක් එයි මිත්රයා. නමුත් අද නොවෙයි. හැමදාමත් මරණයේ සෙවණැල්ලට එරෙහිව සටන් කරන්න අපට බැහැ. මාත් ඔබත් මේ පොළොවට පස් වී ගිය දවසක, ලෝකයාට ‘ෂර්ලොක් හෝම්ස්’ කියන්නේ කතා පොත්වල ජීවත්වන වීරයෙක් පමණක් වේවි. අනාගත ලේඛකයන් මගේ චරිතය යොදාගෙන තව තවත් වික්රමයන් ගොතාවි. ඔබේ පාඨකයන්, හෝම්ස්ගේ තියුණු බව මොටවී ඇතැයි චෝදනා කරන දවසක් ඒවි. ඉතින් වොට්සන්, අන්න එදාට… ලෝකය සලිත කරවන, සැබෑ ෂර්ලොක් හෝම්ස් වික්රමයක් ඔවුන්ට කියවන්න ඉතිරි කරන්න. ඔබේ අර ට්රන්ක පෙට්ටියේ, අතිශය දුෂ්කර උත්සාහයකින් මිස සොයාගත නොහැකි වන සේ මේ පරීක්ෂණ වාර්තාව සඟවා තබන්න. ඔව්, ඔබේ නිර්මාණශීලිත්වයත් එයට එක්කළාට කාරි නැහැ. ශතවර්ෂයක් ඉවසන්න!”\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e“නමුත් තව අවුරුදු සීයකට පස්සේ සමාජයට මේ වගේ පැරැණි කතාවක් ගැළපෙයිද?”\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e“තේරුම්ගන්න මිත්රයා, අප අත්විඳි ඒ කුරිරු ම්ලේච්ඡත්වය පිළිගන්න මේ සමාජය තවම ලැහැස්ති නැහැ. නමුත් තව අවුරුදු සියයකින් මිනිසුන් මීට වඩා දූෂිත, මීට වඩා බියකරු අපරාධ සහ අපවාද දරාගැනීමට හුරු වී සිටීවි. බාගවිට අප මුහුණදුන් ඒ නින්දිත සිදුවීම, දැනටත් වඩා හොඳින් අනාගත ලෝකයට ගැළපෙන්න පුළුවනි. ඒ බියකරු අනාගතය එළැඹෙනතුරු මේ සත්යය සැඟවී තිබෙනවාට මම කැමති ඒ නිසයි!”\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56984289083723,"sku":"978-624-6570-71-2","price":12.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-5724.jpg?v=1775694238"},{"product_id":"raktha-givisuma-රක්ත-ගිවිසුම-by-nilanthi-ediriweera","title":"Raktha Givisuma | රක්ත ගිවිසුම by Nilanthi Ediriweera","description":"\u003cp\u003e\u003cspan\u003eනිව්යෝර්ක් නගරයේ එක් අඳුරු සන්ධ්‍යාවක, ආගන්තුක කාන්තාවෝ දෙදෙනෙක් අහම්බෙන් මුණගැසෙති.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඇමැන්ඩා සහ වෙන්ඩි\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඔවුන’තර බොහෝ සමානකම් පැවතිණ.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eදෙදෙනාම තනිකමෙන් පෙළෙති.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eදෙදෙනාගේම පවුල් විනාශ වී තිබේ.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඑමෙන්ම, තම පවුල විනාශ කළවුන්ගෙන් පළිගැනීමේ දැඩි අරමුණක්ද දෙදෙනා තුළම විය. \u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඒ වෙනුවෙන් ඔවුහු පරිපූර්ණ සැලසුමක් සකස් කළහ.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e“ඔයා මං වෙනුවෙන් මැරුවොත්, මං ඔයා වෙනුවෙන් මරන්නම්...\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56998912328011,"sku":null,"price":12.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-5839.jpg?v=1775850822"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/muses.oembed?page=2","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}