{"title":"Religious \u0026 Spiritual Books | ආගමික පොත්","description":"","products":[{"product_id":"ජීවිතය-අතරමං-කරන-ළමා-පැවිද්ද-හා-වර්තමාන-භික්ෂුවගෙ-ගමන්-මඟ-by-rev-panamure-thapassi","title":"ජීවිතය අතරමං කරන  ළමා පැවිද්ද හා වර්තමාන භික්ෂුවගෙ ගමන් මඟ by Rev Panamure Thapassi","description":"\u003cp\u003eවිවිධ හැල හැප්පීම් මැද සංකීර්ණ ගමනක යෙදෙන වර්තමාන භික්ෂූ සමාජය, වූ කලී ශ්‍රී ලාංකික මහ සමාජය වන ගිහි සමාජය ද අභිබවා යන ට්ජරමේ නලයක් ඇති සුවිශේෂී සමාජයක් වෙයි.එය මුහුණ දී ඇති අභියෝග හා ව්හි අභ්‍යන්තරික සංකූලතා පිලිබඳව කතා කලයුතු හොඳම හෙවත් ගැළපෙනම පුද්ගලයන් වනේ, සසුන තුලම අත් දැකීම ලැබු භික්ෂූන් වහන්සේලාමය.එසේ වුවත් යම් සංස්ථාවක පවතින අභ්‍යන්තරික දෝෂ හෝ අඩුපාඩුකම් පිලිබඳව විවෘතව කථා කිරීමට හෝ ස්වයං විවේචනයක යෙදීමට සාමන්‍යෙන් කෙනෙක් ඉදිරිපත් වීම ඉතා දුර්ලභ කාරණයකි.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56182351659339,"sku":null,"price":5.0,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0694.jpg?v=1766689605"},{"product_id":"bodhi-pakshika-dharma-wistharaya-බෝධි-පාක්ෂික-ධර්ම-විස්තරය-by-most-ven-rerukane-chandrawimala","title":"Bodhi Pakshika Dharma Wistharaya | බෝධි පාක්ෂික ධර්ම විස්තරය by most Ven. Rerukane Chandrawimala","description":"\u003cp\u003e“ මේ බුද්ධ ජයන්ති කාලයේ ධර්මය සෙවීමට නිවන් සෙවීමට නැමුණු සිත් ඇත්තියවුන්ගේ සංඛාව තරමක් ඉහල නැග තිබේ. නිවන් සොයන්නා වූ ඒ පින්වතුන්ට බෝධි පාක්ෂික ධර්ම පිලිබද පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කරගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් අප විසින් බෝධි පාක්ෂික ධර්ම විස්තරය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි. ” – කතෘහිමියන් විසින් තැබූ සටහන ඇසුරිනි.\u003c\/p\u003e\n\u003cp\u003eරූප, ශබ්ද, ගන්ධ ආදී පංචකාම වස්තූන්ට රැවටී මලා වූ ජනයා සසර කතරේ අතමංව නිරා දුක් විදිති. රාග දෝෂ මොහාදී කෙලෙසුන් පොදිබැදන් සසර කතර දුවන ජනයාට මේ දුක්ඛිත තත්වය ගැන අව‍බෝධයක් නැත්තේය. අවබෝධයක් ඇති උන් සසර දුක කෙළවර කරගැනීමට වෙහෙසෙති. එවන් සුදනන් වෙත බැතිසිතින් තිළිණ කරන මේ ශුද්ධ ග්‍රන්ථයේ රචකයාණන් වහන්සේ පරම පූජණීය රේරුකාණේ චන්දවිමල නායක ස්ථවිරයන් වහන්සේය. මේ ප්‍රස්තක රත්නය ඔබට නිවන් මගට මනා මාර්ගෝපදේශයක් ලබාදෙනු ඇත.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56468823802187,"sku":null,"price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2253.jpg?v=1770287202"},{"product_id":"abhidharmaye-mulika-karunu-අභිධර්මයේ-මූලික-කරුණු-by-most-rev-rerukane-chandrawimala","title":"Abhidharmaye Mulika Karunu | අභිධර්මයේ මූලික කරුණු by Most Ven. Rerukane Chandrawimala","description":"\u003cp\u003eඅභිධර්මයේ මූලික කරුණු යන මේ පොත අප විසින්  සම්පාදනය කරන ලද්දේ මෙයින්ම අභිධර්මය ඉගැන්වීමට නොවේ. පරමාර්ථ ධර්ම අති ශූක්ෂම බැවින් දුරවබෝධය. එබැවින් මෙම පොත කියැවීමෙන් හා ගුරුන්ගෙන් ඇසීමෙන්ද ඒ ධර්මය උගන්නා තැනැත්තාට නොයෙක් විට වැරදි හැගීම් ඇතිවෙයි. වැරදි හැගීම් ඇතිවීමයයි කියනුයේ පරමාර්ථ ධර්ම වැරදි ලෙස තේරුම් ගැනීමයි. මෙකල අභිධර්මය උගෙනගෙන සිටින අය අතරද බොහෝදෙනා ඇතැම් කරුණු වරදවා තේරුම් ගෙන සිටින බවඔවුන්ගේ කතා වලින්ද ඇතැම් ලියවිලි වලින්ද අපට පෙනුනි. අපට මෙම මොත ලිවීමේ අදහස පහල වූයේද එහෙයිනි. ”  – කතෘහිමියන් විසින් තැබූ සටහන ඇසුරිනි.\u003c\/p\u003e\n\u003cp\u003eමෙකල අභිධර්මය පිලිබද අව‍බෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය. ඔබට නිවන් මග ජයගන්නට මනා මාර්ගෝපදේශයක් ලබාදෙන මෙම ග්‍රන්ථරත්නය කියවා අවබෝධ කරගන්න.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56468922859851,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2257.jpg?v=1770287886"},{"product_id":"winaya-karma-potha-විනය-කර්ම-පොත-by-most-ven-rerukane-chandrawimala","title":"Winaya Karma Potha | විනය කර්ම පොත by Most Ven. Rerukane Chandrawimala","description":"\u003cp\u003eවිනයකර්ම පිලිබද දත යුතු කරුණු විනය පිටකයෙහි එක් පරිච්චේදයකම සදහන් නොවන බැවින් විනය පොත කියවා විනයකර්ම පිලිබද දතයුතු සියල්ල දැනගැනීමට ලෙහෙසි නැත. විනය පොත් භාවිතය අඩු භික්ෂූන්ට විනය පොත්වලින් ඒ ඒ විනය කර්ම ගැන සදහන් වන තැන් පවා සොයා ගැනීම අපහසුය. එබැවින් විනයකර්ම ගැන පලපුරුදු කම් මද වූද, විනය පොත් භාවිතය මද වූද, භික්ෂූන්ට ඒ ඒ විනයකර්ම කරන සැටි පහසුවෙන් දත හැකිවනු පිණිස විනයකර්මයන් නිවැරදිලෙස කරගත හැකිවන පිණිස සම්බුද්ධ ජයන්තිය නිමිත්ත කොට විනයකර්මපොත නම් වූ මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි.” – කතෘ ස්වාමීන් වහන්සේ\u003c\/p\u003e\n\u003cp\u003eපැවිදි උතුමන්ට පමණක් නොව කාටත් ප්‍රයෝජනවත් වූ විදර්ශනා භාවනා ක්‍රමය  ග්‍රන්ථය  නිවන් මගට පිලිපන් ඔබට මනා මාර්ගෝපදේශයක් ලැබීමට උපකාර වනු ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eසැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56468998062411,"sku":null,"price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2262.jpg?v=1770288370"},{"product_id":"untitled-feb5_14-39","title":"Abhidharmartha Sangrahaya | අභි ධර්මාර්ථ සංග්‍රහය by Most Ven.Rerukane Chandrawimala","description":"\u003cp\u003e\u003cspan\u003e13-වන සියවසේ වැඩසිටියේ යැයි සැළකෙන අර්ථකතාචාර්ය අනුරුද්ධ මහතෙරණුවන් විසින් අභිධර්මය විෂයෙහි රචනා කරන ලද අර්ථ සංග‍්‍රහයයි.  බුද්ධ දේශිත පරමාර්ථ සත්‍යය විස්තරාත්මකව හදාරන්නවුන් විසින් විස්තර විභාග දැනුම් සඳහා පරිශීලනය කළ යුතු අත්පොතකි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56470230204747,"sku":null,"price":6.49,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2277.jpg?v=1770302892"},{"product_id":"untitled-feb5_15-00","title":"Upasampada Sheelaya | උපසම්පදා ශීලය by most Ven.Rerukane Chandrawimala","description":"\u003cp\u003e\u003cspan\u003eසාමණේර දස ශීලය ආරක්ෂා කරන සාමණේර භික්ෂු නම විසිවයස් සම්පූර්ණ වූ පසු අධි ශීලයෙහි පිහිටුවීම මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සිදු කරනු ලබයි. මෙම අධිශිලයට පත්වීම උපසම්පදාව ලෙස ව්‍යවහාර කෙරෙත්. වර්තමානයේ සම්බුද්ධ ශාසනය තුළ සිදු කරනු ලබන ඉහලම විනය කර්මය ලෙසට ද මෙම උපසම්පදා විනය කර්මය හැඳින්වෙයි. කෙසේ නමුදු ගත පැවිදි කළ හැකි වුවද සිත පැවිදි කිරීම නම් අමාරු කටයුත්තකි. එලෙසම උපසම්පදාවෙහිද එම කටයුත්ත ඉතා අපහසුය. ගත උපසම්පදා කිරීම මහා සංඝරත්නය සිදු කළ ද සිත උපසම්පදා කිරීම නම් ඒ පිළිබඳ අවබෝධයෙන් සිදු කළ යුතුය. එනිසා මෙම උපසම්පදා ශීලය මගින් එකී සිත උපසම්පදා කිරීම සඳහා අවශ්‍යය වන අවබෝධය එකදු අකුරක් නෑරම පැහැදිලි කරයි. උපසම්පදාපේක්ෂකයා හට ද උපසම්පදාවට පත් වූ භික්ෂුන් හට ද එකසේ වැදගත් වන ග්‍රන්ථයක් ලෙසට මෙම උපසම්පදා ශීලය හැඳින්විය හැකිය. \u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56470905422155,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2281.jpg?v=1770306529"},{"product_id":"pattana-maha-pakarana-sannaya-පට්ඨාන-මහා-පකරණ-සන්නය-by-most-ven-rerukane-chandrawimala","title":"Pattana Maha Pakarana Sannaya| පට්ඨාන මහා පකරණ සන්නය by Most Ven. Rerukane Chandrawimala","description":"\u003cp\u003e\u003cspan\u003eබුදුන් වහන්සේ හේතුඵල දේශනය සිදු කර ඇත්තේ එක් ක්‍රමයකට නොව ක්‍රම තුනකිනි. එනම් ආර්ය සත්‍යය ක්‍රමය, පටිච්ච සමුප්පාද ක්‍රමය සහ පට්ඨාන ක්‍රමය යනුවෙනි.  එලෙසම පටිච්ච සමුප්පදාය තුළ ද දොළොස් ආකාර වූ හේතුඵලයන් දක්වා ඇත. එහෙත් ඒ කිසි තැනක තෘෂ්ණාව ආදි ධර්‍ම ඵලයට හේතුවන සැටි විනා එලෙස හේතුවන්නේ ඇයි දැයි විස්තර කර නොමැත. නමුත් පට්ඨාන ප්‍රකරණය යනු එලෙස කුඩා ධර්‍ම කොටසක නොනැවතී සිට සෑම හේතුඵල ධර්‍මයන් පිළිබඳව ම බුදුරදුන් කර ඇති දේශනාවයි. මෙය හුදෙක් තවත් ග්‍රන්ථයක් නොව මෙය ඉතා ගැඹුරු වූ ද විශාල වූ ද ධර්‍ම කොටස් නොයෙක් ක්‍රම මගින් විස්තර කොට ඇති හේතුඵල දේශනයයි. එබැවින් නුවණැත්තන් කියවා අවබෝධ කර ගත යුතු ග්‍රන්ථයක් වන මෙම පට්ඨාන ප්‍රකරණ ග්‍රන්ථය  ඉතා ගැඹුරු වූ අර්ථ ඇති බැවින් අවබෝධයෙන් යුක්තවම කියවීම ඉතා වැදගත්ය.මක්නිසාද යත් මෙය එකී පට්ඨාන ප්‍රකරණ පාලි ග්‍රන්ථයට නිර්මාණය කරන ලද සිංහල අනුවාදය බැවිනි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56498028282187,"sku":null,"price":17.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2655.jpg?v=1770809056"},{"product_id":"suwisi-maha-gunaya-සූවිසි-මහා-ගුණය-by-most-ven-rerukane-chandrawimala","title":"Suwisi Maha Gunaya | සූවිසි මහා ගුණය by Most Ven.Rerukane Chandrawimala","description":"\u003cp\u003eඅරහං සම්මාසම්බුද්ධො යනාදීන් දැක්වෙන ගුණ නවයක් බුද්ධරත්නයෙහි ඇත්තේය. ස්වාක්ඛාතෝ භගවතා ධම්මො යනාදීන් දැක්වෙන ගුණ සයක්ද ධර්මරත්නයෙහි අරත්තේය.  සුපටිපන්නො භගවතෝ සාවක සංඝො යනාදීන් දැක්වෙන ගුණ නවයක් ඇත්තේය. සියල්ල එකතු කල කල්හි තෙරුවන් ගුණ සූවිස්සක් වේ. එයට සූවිසි මහා ගුණයයි කියනු ලැබේ. ඒ ගුණ සූවිස්ස විස්තර කෙරෙන මෙම ග්‍රන්ථයට සූවිසා මහා ගුණය යන නමම තබා ඇත. ” – කතෘහිමියන් විසින් මේ සටහන තබා ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eපරම පූජණීය රේරුකාණේ චන්දවිමල මහනාහිමියන් විසින් ‍රචිත මේ පොත් වහන්සේ බාල මහලු වැඩිහිටි සැමදෙනා විසින්ම කියවිය යුතු උතුම් පුස්ථක රත්නයකි.  තෙරුවන් ගුණ නිසි පරිද දන්නෝ තෙරුවනට අවමන් නොකරති. නුවණැති මිනිසසෙකු හට ඉතා වටිනා රත්නයක් තුනක් හිමි වූ කල්හි ඒව නොසලකමින් නොයන්නා සේ, එසේ නැතහොත් රැගෙන ගොස් පසෙක තබා ගරු බුහුමන් කිරීම පමණක් සිදු කරන්නාසේ  හෙවත් ඒ රත්නයන් රැගෙනගොස් සිය අභිප්‍රායන් ඉටුකරගනිමින් සැපසේ ජීවත් වන්නා සේ තෙරුවන් නම් රත්නත්‍රය ලද පණ්ඩිතයා ඒ රත්නත්‍රය සරණකොට ගනිමින්, පිහිටකොට ගණිමින් සිය අභිප්‍රායන් ඉටුකරගනිමින් සසර සැඩපහර තරනය කරමින් නිවන් පුරට යන්නේය.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56498173837643,"sku":null,"price":8.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2659.jpg?v=1770810409"},{"product_id":"magala-dharma-wistharaya-මංගල-ධර්ම-විස්තරය-by-most-ven-rerukane-chandrawimala","title":"Magala Dharma Wistharaya | මංගල ධර්ම විස්තරය by Most Ven. Rerukane Chandrawimala","description":"\u003cp\u003eමංගල සූත්‍රය පිරිත් පොතට ඇතුලත් කල නිසා එය මහජනයාගේ ආදර සම්මානය දිනාගත් බවට සැකයක් නැත.  ඒ නිසාම සූතු අතර එය ඉතාම ප්‍රසිද්ධියක් උසුලන්නේය. ඒ සමගම කිව යුතු කාරණයනම් ධර්මය පිලිබද යථාර්ථය වැසී ගිය සූත්‍ර අතර මංගල සූත්‍රය ප්‍රධාන බවය. බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රය පිලිබදව දරා සිටි අදහස්  ඉන් ඉවත්ව යාමට පටන් ගත්තේ මංගල සූත්‍රය පිරිත්පොතට ඇතුලත් කිරීමෙන් පසුවය.කවර ආගමක උවත් දාර්ශනික පක්ෂයෙන් සාමාන්‍ය ජනයාගේ බැදීමක් නැත.\u003c\/p\u003e\n\u003cp\u003eකෙස් උවත් මංගල සූත්‍රය වැනි වටිනා උපදේශ මාලාවක් අනාවරණය කරන සූත්‍රයක් නැති තරම්ය. රටකට නොව සමස්ථ ලෝකයටම මංගගල ධර්ම ගැන හරි අවබෝධයක් ලබා දීම ලෝක ශාසනික සේවයක් වනු නොඅනුමානය” –  ගොඩිගමුවේ සොරත ස්ථවිර.\u003c\/p\u003e\n\u003cp\u003eමංගල ධර්ම විස්තරය පිලිබදව කියැවෙන මේ මාහැගි පුස්ථක රත්නය ඔබට දෙලොවම වැඩ ඇති කරන මනා සදහම් දිය පොදකි. නිවන් මගට පිලිපන් ඔබට මේ ධර්ම ග්‍රන්ථය මනා පිටිවහලක් ලබා දේවි.\u003c\/p\u003e\n\u003cp\u003eසැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා …\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56498325619019,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2663.jpg?v=1770811583"},{"product_id":"nirwana-winishchaya-නිර්වාණ-විනිශ්චය-by-most-ven-rerukane-chandrawimala","title":"Nirwana Winishchaya | නිර්වාණ විනිශ්චය by Most Ven. Rerukane Chandawimala Maha Thero","description":"\u003cp\u003e\u003cspan\u003eමෙම ග්‍රන්ථය මධ්‍යම ප්‍රමාණ ඤාණයෙන් හා තීක්ෂණ ඥානයෙන් යුක්ත වූවන්ට අවබෝධ කරවීම පිණිස ලියා ඇත. එහෙත් මෙය වරක් දෙවරක් බැලීමෙන් සියල්ලන්ට නිර්වාණ තත්වය අවබෝධ කරගත හැකි නොවේ. එබැවින් මෙය නොතේරෙන බණකැයි පසු නොබැස කාරණය අවබෝධ වන තුරු සිහි නුවණින් යුක්තව නැවත නැවත බැලිය යුතු ය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56525761675595,"sku":null,"price":5.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2810.jpg?v=1771184193"},{"product_id":"shasanawatharanaya-ශාසනාවතරණය-by-most-ven-rerukane-chandrawimala","title":"Shasanawatharanaya | ශාසනාවතරණය by Most Ven. Rerukane Chandawimala Maha Thero","description":"\u003cp\u003e\u003cspan\u003e“ සසර දුකින් මිදී නිවන් සුවය ලබනු කැමති සැදැහැවත්, නැණවත් කුල පුත්‍රයනට ඒ සදහා පිලිවෙත් පිරීමට ස්ථානයක් වශයෙන් හා දෙවියන් සහිත ලෝකයාහට පුන්‍ය ක්ෂේත්‍රයක් වශයෙන්ද මහා කාරැළණික වූ භාගවත්, අරහත් සම්ම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් පිහිටුවනා ඇති මේ ශාසනයට අවතීර්ණ වන්නා වූ කුල ප්‍රත්‍රයනට පළමු කොට ලැබෙන්නේ සාමණේර ප්‍රව්‍රජ්‍යාවය. සාමණේර පැවිද්ද ලබා සිටින බොහෝ දෙනෙකුන්  ඔවුන් විසින් පිරිය යුතු ශීලය පිලිබදව සෑහෙන දැනුමක් නැතිව, ඔවුන් විසින් පිරිය යුතු  ප්‍රතිපත්ති ගැන දැනුමක් නැතිව නොමනා ලෙස හැසිරෙනු දැකීමෙන් සංවේගයට පත් වූද, සාමණේර ශීලය හා සාමණේරයන් විසින් පිරිය යුතු ප්‍රතිපත්ති විස්තර කර ඇති ධර්ම ග්‍රන්ථයක් නැති පාඩුව දුටුවා වූද ශාසනෝදයකාමී මහ ස්ථවරයන් වහන්සේලා කිහිප නමක්  සාමණේර ප්‍රතිපදාව විස්තර කෙරෙන ධර්ම ග්‍රන්ථයක් සම්පාදනය කරන ලෙස අපට ආරාධනා කලහ. බුදු සසුනට එවන් ධර්ම ග්‍රන්ථයක් නැති පාඩුව අපිට පෙනුන බැවින් ඒ ආරාධනාව සලකා  ශසානවාවතරණය නම්මේ ධර්ම ග්‍රන්ථය අප විසින් සම්පාදනය කරන ලදි.” කථෘ ස්වාමීන් වහන්සේ\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56525789200715,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2815.jpg?v=1771185231"},{"product_id":"keles-ekdahas-pansiyaya-කෙලෙස්-එක්දහස්-පන්සියය-by-most-ven-rerukane-chandrawimala","title":"Keles Ekdahas Pansiyaya | කෙලෙස් එක්දහස් පන්සියය by Most Ven. Rerukane Chandawimala Maha Thero","description":"\u003cp\u003e\u003cspan\u003eකෙලෙස් යනු සිත කිළිටි කරන, නිර්වාණ මාර්ගය අඳුරු කරන අපේ සිතේ නිතර ඇතිවන සිතුවිලිය. ධර්මය පිළිබඳ නොදන්නා පුද්ගලයන්ගේ සිතු තුළ මෙම ක්ලේශයන් නිතර වර්ධනය වේ. නිවන් දැකීමට වෙර දරන පුද්ගලයන් විසින් තම සිත කෙලෙසුන්ගෙන් මිදි පිරිසිදු කර ගැනමට නම් ඒ කෙලෙස් පිළිබඳ ප්‍රමාණාත්මක අවබෝධයක් ලැබිය යුතුය. කෙලෙස් එක්දහස් පන්සියය ග්‍රන්ථය යනු එම කෙලෙස් පිළිබඳ තත්ත්වාකාරයෙන් අවබෝධ කර ගැනීමට අපට ඇති එකම ග්‍රන්ථය වේ.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56526586806603,"sku":null,"price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2891.jpg?v=1771207757"},{"product_id":"sathipattana-bhawana-viwechanaya-saha-thawath-kruthi-සතිපත්ට්ඨාන-භාවනා-විවේචනය-සහ-තවත්-කෘති","title":"Sathipattana Bhawana Viwechanaya Saha Thawath Kruthi | සතිපත්ට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති by Most Ven. Rerukane Chandawimala Maha Thero","description":"","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56526621344075,"sku":null,"price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2896.jpg?v=1771208415"},{"product_id":"punyopadeshaya-පුණ්‍යෝපදේශය-by-most-ven-rerukane-chandrawimala","title":"Punyopadeshaya | පුණ්‍යෝපදේශය by Most Ven. Rerukane Chandawimala Maha Thero","description":"\u003cp\u003e\u003cspan\u003eඅවබෝධයෙන් යුතුව පින් කරන්නවුන් සඳහාම ලියැවුණ පොතකි පුණ්‍යෝපදේශය. අපි විසින් සිදු කරනු ලබන නොයෙකුත් පින්කම් වල ඇති ආනිසංසයන් දැක්වෙන කථාවන් උදාහරණ කොට ලියැවි ඇති මෙම ග්‍රන්ථය පින් කරන්නවුන් තව දුරටත් පිනෙහි යෙදවවීම අරමුණ කර ගත්තකි. මෙම ග්‍රන්ථය නොදැන පින් කරම් කෙරුමට වඩා දැන ගන පින් කම් කිරීමටත් අකුශලයෙන් වැළකී කුශලයෙහි යෙදීමටත් , නොයෙකුත් වන්දනා ගාථා සහ බෞද්ධ ආරක්ෂණ විධින් ද දක්වා ඇති නිසාවෙනුත් සැදැහැවතකු ළග තිබිය යුතුම අත්පොතකි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56688227418443,"sku":null,"price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-4046.jpg?v=1772571350"},{"product_id":"vanchaka-dharma-ha-chiththopaklesha-dharma-වඤචක-ධර්ම-හා-චිත්තෝපක්ලේශ-ධර්ම-by-most-ven-rerukane-chandrawimala","title":"Vanchaka Dharma Ha Chiththopaklesha Dharma | වඤචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම by Most Ven. Rerukane Chandawimala Maha Thero","description":"\u003cp\u003e\u003cspan\u003eවඤ්චක ධර්ම නැමැති මෙම ග්‍රන්ථය චිත්ත චෛතසික සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන් ගේ එක්තරා තත්වයක් දක්වන්නක් බැවින් අභිධර්ම ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථයෙන් දක්වනුයේ ඒ චිත්ත චෛතසිකයන්ගේ වඤ්චකත්වයයි. චිත්තය වනාහි අති විචිත්‍රවත් දෙයකි. එයට වඩා විචිත්‍රවත් දෙයක් තවත් ලොවෙහි නැත.”\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56877085425995,"sku":"955-8663-13-1","price":4.49,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-5198.jpg?v=1774399180"},{"product_id":"dharma-winishchaya-ධර්ම-විනිශ්චය-by-most-ven-rerukane-chandawimala","title":"Dharma Winishchaya | ධර්ම විනිශ්චය by Most Ven. Rerukane Chandawimala Maha Thero","description":"\u003cp\u003eබුදු දහම කිලිටි කරනු කැමති, බෞද්ධයන්ට පහර දෙනු කැමැති, සැක උපද්දවා බුදු දහම ගැන බෞද්ධයන් කළකිරවනු කැමති ඇතැම් බෞද්ධයන් විසින් ඒ සදහා උපදවන ප්‍රශ්න බොහෝ ඇත්තේය. බෞද්ධත්වයක් නැතිව බෞද්ධ නාමයෙන් පෙනී සිටින, තමන් දැන ඇති කිසියම් සුලු දෙයකින් හිස ඉදිමී ඇති ඇතැමුන් විසින් භික්ෂූන් වහන්සේට හා දානාදි පින්කම් කරන හැකි පමණින් ගුණදම් පුරන සැදැහැවත් බෞද්ධයන්ටත් පහර දීම පිණිස අපදවන බොහෝ ප්‍රශ්න ඇත්තේය.  භික්ෂූන් වහන්සේට හා සැදැහැවත් බෞද්ධයන්ට ඉමහත් කරදරයක්ව පවත්නා ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලියා ප්‍රසිද්ධියට පැමිණවීමෙන් ඔවුනට මහත් සැනසිල්ලක් වන්නේය.\u003c\/p\u003e\n\u003cp\u003eබුරුමයේ විසූ ධර්මධරයන් වහන්සේලා විසින් තමන් වෙත ඒ ඒ අය විසින් ඉදිරිපත් කල ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම් වශයෙන් සම්පාදනය කරන ලද ධර්ම ග්‍රන්ථ බොහෝ ගණනක් බුරුම සාහිත්‍යයට ඇතුලත්ව ඇත්තේය.  ඒ ගණයට අයත් ධර්ම ග්‍රන්ථ අප සාහිත්‍යයේ සුලභව නැත. අප රටේද එබදු දහම් පොත් ඇති කිරීමට මුල පිරීමක් වශයෙන් අප විසින් ධර්ම විනිශ්චය නැමැති ග්‍රන්ථය සම්පාදනය කරන ලදි” කතෘ ස්වාමීන් වහන්සේ .\u003c\/p\u003e\n\u003cp\u003eබුදුදහම පිළිබද අසීමිත භක්ත්‍යාදරයෙන් ධර්මයේ චිරස්ථිතිය වෙනුවෙන් රේරුකාණේ චන්දවිමල අපේ නායක හාමුදුරුවන් වහන්සේ විසින් රචිත මේ ග්‍රන්ථය ඔබේ සිතේ නිවන් මග අහුරන බොහෝ ප්‍රශ්න වලට පිලිතුරු ලබාදී තිබේ.\u003c\/p\u003e\n\u003cp\u003eසැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා …\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56877101351243,"sku":"955-8663-22-0","price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-5200.jpg?v=1774400271"},{"product_id":"untitled-mar25_01-24","title":"Bodhi Pujawa | බෝධි පූජාව by Most Ven. Rerukane Chandawimala Maha Thero","description":"\u003cp\u003eසත්‍යය ඔබ ලග ම ය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කළ හැකිය.\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eඑහෙත් එය අසීරු ය.\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eවෙනත් කිසිවකු විසින් එය ඔබට ප්‍රදානය කළ නො හැකිය.\u003c\/p\u003e\n\u003cp\u003eතථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මග කියා දීම පමණෙකි. එය අවබෝධ කරගත යුත්තේ ඔබ ම ය.\u003c\/p\u003e\n\u003cp\u003eඒ නිවැරදි මග නොඅඩු කොට වටහා ගැනීමට අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්‍දවිමල මහනාහිමිපාණන් වහන්සේගේ සරල පොත් පෙළ ඔබට උපකාර කරයි.\u003c\/p\u003e\n\u003cp\u003eශ්‍රී චන්‍දවිමල ධර්‍ම පුස්තක සංරක්‍ෂණ මණ්ඩලය\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56877173440843,"sku":"955-8663-08-05","price":2.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-5208.jpg?v=1774402012"},{"product_id":"satipattana-bhawana-kramya-සතිපට්ඨාන-භාවනා-ක්‍රමය-most-ven-rerukane-chandawimala-maha-thero","title":"Satipattana Bhawana Kramya | සතිපට්ඨාන භාවනා ක්‍රමය Most Ven. Rerukane Chandawimala Maha Thero","description":"\u003cp\u003eමේ පොතෙහි ඇත්තේ සතර සතිපට්ඨානයම එකවර භාවනා කිරීමේ ක්‍රමයය. මෙය අනිකුත් භාවනා මෙන් නොව සතර ඉරියව්ව හා සම්බන්ධය ඇත්තා වූ කෑම් – බීම්, මලමුත්‍ර පහ කිරීම්, මුව දෙවීම්, අත්- පා දෙවීම්, වතුර නෑම්, කථා කිරීම්, දීම්, ගැනීම්, හැදීම්, පෙරවීම්, ආදී සකල ක්‍රියාවන් හා සම්බන්ධය ඇත්තා වූද චකුෂුරාදි ඉන්දියයන්ට හමුවන අරමුණු හා සම්බන්ධය ඇත්තා වූද කල්පනා කිරීම් වැටහීම් සැප දුක් හා සම්බන්ධ වූද සන්තානයෙහි ඇතිවන කෙලෙස් සම්බන්ධ වූද ශ්‍රද්ධාදී ගුණ ධර්ම සම්බන්ධ වූද යහපත් වූත් අයපත් වූත් කල්පනා සම්බන්ධ භාවනාවකි. හොදින් භාවනා කරන යෝගාවචරයාට ඔහුගේ ඉන්ද්‍රියයන්ට මුණ ගැසෙන සියල්ල හා මේ භාවනාව සම්බන්ධ වේ. ” කතෘ ස්වාමීන් වහන්සේ.\u003c\/p\u003e\n\u003cp\u003eකාටත් ප්‍රයෝජනවත් වූ සතිපට්ඨාන භාවනා ක්‍රමය නිවන් මගට පිලිපන් ඔබට මනා මාර්ගෝපදේශයක් ලැබීමට උපකාර වනු ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eසැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා …\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56878939472203,"sku":null,"price":4.49,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-5216.jpg?v=1774446279"},{"product_id":"buddha-neethi-sangrahaya-බුද්ධ-නීති-සංග්‍රහය-by-most-venerable-rerukane-chandawimala-maha-nayaka-thero","title":"Buddha Neethi Sangrahaya | බුද්ධ නීති සංග්‍රහය By Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero","description":"\u003cp\u003eබුදුන් වහන්සේ විසින් ප්‍රකාශිත නීති අතර සුදුප දේශ ම මිස එක දුරුපදේශයකුදු නැත. කෑම පීම, පා සේදීම , මුව සේදීම, නෑම, මල මුත්‍ර පහකිරීම, කෙල ගැසීම ආදී සුලු කරුණු වලදී පිලිපැදිය යුතු උපදෙස් පවා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර තිබේ. එබැවින් බුද්ධ නීතිය සර්වාංග සම්පූර්ණ නීතියක් බව කිව යුතුය. සුපරිශුද්ධ බුද්ධ නීතිය උගෙන එයට අනුව පිලිපදින්නා‍ වූ තැනැත්තා තමාගේ උභය ලෝකාර්ථය ම සිදුකරගන්නේය. පරාර්ථයද සිදු කරන්නේය.\u003c\/p\u003e\n\u003cp\u003eබුද්ධ නීතිය උභය ලෝකාර්ථ සාධක වූ සකලාංග සම්පූර්ණ වූ පාරිශුද්ධ නීතියක් උවද එය එක්තැන් නොවී පාලි සාහිත්‍යයේ විසිරී පවත්නක් වී තිබෙන බැවින් හැමදෙනාටම එයින් ප්‍රයෝජනයක් ගත හැකි වී තිබේ. එබැනිව් බෞද්ධයෝ සුපරිශුද්ධ බුද්ධ නීතිය තිබියදී නීති ශාස්ත්‍රය උගැනීමට හිතෝපදේශ, පංචතන්ත්‍ර ආදී අබෞද්ධ ග්‍රන්ථ භාවිතයට පටන් ගත්හ. බෞද්ධයනට සුපරිශුද්ධ බුද්ධ නීතිය  පහසුවෙන් ඉගැනීමට ක්‍රමයක් නැතිකමේ පාඩුව නොයෙක් වර අපිට පෙනුන බැවින්  බුද්ධ නීති සංග්‍රහය නැමැති ග්‍රන්ථය සම්පාදනය කිරීමට අප සිත නැමිණ.” යැයි කතෘ ස්වාමීන් වහන්සේ විදින් මේ ග්‍රන්ථය හදුන්වා දී ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eබුද්ධනීතිය යනු ලෝක පාලන නීති වන හෙයින් බටහිර නීති, හෝ වෙනයම් නීති ක්‍රමයක් මගින් මෙන් කිසිවෙකුට අසාධාරණයක්, අපහාසයක්, සිත් රිදවීමක් නොවේ. බුද්ධ නීතිය පාරිසරිකය, බුද්ධ නීතිය ස්වයං විනයක්ය. කිසිවෙකු හිරකර නොතබන්නකි. නිවන් මගේ ගමන්කරන්නෙකුට සිය ආත්මය පාලනය කල හැකි මනා මාර්ගෝපදේශයක් මෙමගින් සපයනු  ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eසැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට බුද්ධ නීතියට පිවිසෙත්වා …\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56879198110027,"sku":"955-8663-17-4","price":0.0,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-5220.jpg?v=1774448028"},{"product_id":"patichcha-samuppadha-wiwaranaya-පටිච්ච-සමුප්පාද-විවරණය-by-most-venerable-rerukane-chandawimala-maha-nayaka-thero","title":"Patichcha Samuppadha Wiwaranaya | පටිච්ච සමුප්පාද විවරණය by Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero","description":"\u003cp\u003eමේ සම්බුද්ධ ජයන්ති ධර්ම පුස්තක පන්තියේ අටවන දහම් පොතය. මෙයින් මේ දහම් පොත්පෙළ අවසන් කෙරේ. කිසි ඝෝෂාවක් නොකොට, කිසිවෙකුගේ ආධාරයක් නොගෙන අමාරුවෙන් ආරම්භ කරන ලද මේ ධර්ම පුස්ථක ප්‍රචාරය අප බලාපොරොත්තු වූවාට වඩා සාර්ථක වූ බව ප්‍රීතියෙන් සදහන් කරමු. මේ ධර්ම පුස්ථක ප්‍රචාරය සාර්ථක වූවාක් මෙන් හැම දෙනාගේම සියලු යහපත් වැඩ සාර්ථක වේවා” කතෘ ස්වාමීන් වහන්සේ\u003c\/p\u003e\n\u003cp\u003eපූජණීය රේරුකාණේ චන්දවිමල අපේ නායක හාමුදුරුවන් පටිච්ඡ සමුප්පාද ග්‍රන්ථය හදුන්වා ඇත්තේ ඒ ලෙසිනි. නිවන් මගට පිලිපන් ඔබ අනිවාර්යෙන් කියවා අවබෝධ කොටගත යුතු මේ මාහැගි පුස්ථක රත්නය කියවීමට උත්සාහ කරන්න.  එය ඔබට නිවන් අවබෝධයට මග පහසු කරනු ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eඒ සුපිරිසිදු මගට මේ පිවිතුරු ග්‍රන්ථ රත්නය ඔබට මනා මාර්ග උපදේශයක් ලබා දෙනු ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eසැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට  පිවිසෙත්වා …\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56948576223563,"sku":"955-8663-05-0","price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-5590.jpg?v=1775257815"},{"product_id":"chaththalisakara-maha-vipassana-bawanawa-චත්තාලිසාකාර-මහා-විපස්සනා-භාවනාව-by-most-venerable-rerukane-chandawimala-maha-nayaka-thero","title":"Chaththalisakara Maha Vipassana Bawanawa | චත්තාලිසාකාර මහා විපස්සනා භාවනාව by Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero","description":"\u003cp\u003eචත්තාළිසාකාර මහා විපස්සනා භාවනාව වනාහි ධ්‍යාන- මාර්ග- ඵල- අභිඥා ආදි භාවනා කොට්ඨාසයට අයත් කරුණු විස්තර කර ඇති මටිසම්භිදාමග්ග නැමැති ග්‍රන්ථයේ විපස්සනා කථාවෙහි දක්වා ඇති භාවනා ක්‍රමයකි.\u003cbr\u003eසීලන්ත සූත්‍ර-සුතවන්ත සූත්‍ර දෙකෙහි දැක්වෙ කරුණු අනුව දැනට ජීවිතවේ පශ්චිම කාලයට පැමිණ සිටින අපිදු මේ කාලය චත්තාලිසාකාර විපස්සනා භාවනාවෙන් වාසය කිරීමට ඉටාගතිමු. කියැවීමෙන්, කීමෙන්, ඇසීමෙන්, සිතීමෙන් යම් කිසි කරුණක් පිලිබද ඇතිවන දැනුමට වඩා උසස්, පිරිසිදු , පුලුල් දැනුමක් ඒ දෙය විස්තර කිරීමෙන් ලබාගත හැකිය. එබැවින් අපගේ දැනුම දියුණු කර ගැනීම, මෙය සම්පාදනය කිරීමට ප්‍රධාන හේතුවය  ” යි කතෘ හිමියන් විසින් මේ ග්‍රන්ථය ගැන විස්තර කර ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eකාටත් ප්‍රයෝජනවත් උවද චත්තාලිසාකාර විපස්සනාව කිසිදු පොතක විස්තර කර නැත. එබැවින් නිවන් මගට පිලිපන් ඔබට මනා මාර්ගෝපදේශයක් ලැබීමට මෙම ග්‍රන්ථය උපකාර වනු ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eසැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා …\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56948673085771,"sku":"955-8663-18-2","price":5.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-5594.jpg?v=1775258999"},{"product_id":"paramitha-prakaranaya-පාරමිතා-ප්‍රකරණය","title":"Paramitha Prakaranaya | පාරමිතා ප්‍රකරණය by Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero","description":"\u003cp\u003e\u003cspan\u003eනිවන් ලැබිම උදෙසා කරන පිංකම් පාරමිත නම් වේ. ඒවා දහයකි. මේ පොතින් එම දහම් කරුණු විස්තර කරන අතර, පාරමිතා වඩන ආකාරය පැහැදිලි කරයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56950965305675,"sku":"955-8663-06-9","price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-5599.jpg?v=1775303153"}],"url":"https:\/\/sinhalabooks.co.uk\/collections\/religious-spiritual-books-%e0%b6%86%e0%b6%9c%e0%b6%b8%e0%b7%92%e0%b6%9a-%e0%b6%b4%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a.oembed?page=2","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}