{"product_id":"apith-gehanu-අපිත්-ගැහැනු-by-oshi-fernando","title":"Apith Gehanu | අපිත් ගැහැනු by Oshi Fernando","description":"\u003cp\u003e\u003cspan\u003eආදී\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනුඹට මා අතහැරුණාද, නැතිනම් මට නුඹව අතහැරුණාද කියා අදටත් මම නොදනිමි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනමුත් එක දෙයක් නම්, සැබවින්ම දනිමි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමට නුඹ අහිමි වූ තරම් වේදනාවක් නුඹට කිසිදා දැනී නොතිබූ බව.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eආදරය කියන්නේ ඒක පාර්ශවීය හැඟීමක් පමණක් නොවන බව කවදා හෝ නුඹට වැටහේවි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඑහෙත් අවාසනාව නම්, තවමත් නුඹ නුඹවම හඳුනාගෙන නැති වීමය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eදෙබිඩි ජීවිත ගත කරන මිනිසුන් මේ මහපොළොවටම බරක් බව කවදා හෝ නුඹටම තේරේවි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eආදරය සහ ආශාව එකිනෙකට පටලවාගෙන සම්බන්ධතාවයක් ගොඩනගා ගත නොහැකි බවද එදින\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනුඹට වැටහේවි. නමුත්... මගේ ආදරයත්, මගේ නිහඬ වේදනාවත් නුඹේ මතකයේ කවදා හෝ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනිසැකවම රැඳේවි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඒ වන විට, නුඹ බොහෝ ප්‍රමාද වී හමාරය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමක්නිසාද යත්, එවිට මම නුඹට සිතාගත නොහැකි තරම් දුර ගොස් හමාරය...\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමීට, සෙනු\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58078496948555,"sku":"9786242109770","price":11.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0244.jpg?v=1786235138","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/apith-gehanu-%e0%b6%85%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9c%e0%b7%90%e0%b7%84%e0%b7%90%e0%b6%b1%e0%b7%94-by-oshi-fernando","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}