{"product_id":"beddegedara-බැද්දේගෙදර-by-jayasena-jayakody","title":"Beddegedara | බැද්දේගෙදර by Jayasena Jayakody","description":"\u003cp\u003eපිටිසර ගමක , හද්ද පිටිසරයින් මෙන් ජීවත් වූ ටිකෝනිස් හා යකොනිස් සා මුවන් සේ වූ අහිංසකයෝය. මැයිහාමි ඔවුන්ගේ අම්මාය. ඇගේ එකම අදිටන වූයේ කල වයස පිරුණු ඉලන්දාරින් දෙදෙනාට එකම ගැහැනියක ගෙනත් දීමය....\u003c\/p\u003e\n\u003cp\u003e............................................\u003c\/p\u003e\n\u003cp\u003eමං උඹට කොටින්ම කියන්නම්කො. \u003cbr\u003eගෑනි උඹල දෙන්නටමයි. දැන් උඹට තේරුණාද? එකි උඹල දෙන්නට ම බලා කියා ගනීවී. ඒක එහෙම තමයි. ඒකෙ වෙනසක් නෑ. ඒ නැතිව මේ ගෙදර බත් හැලි දෙකක් ලිප තියන්න පුළුවන් ද? ''\u003cbr\u003e\" කොහොම ද ඒක කොරන්නේ. හරියැයි එහෙම?'' \" මොකද නහරි ? ''\u003cbr\u003e\" මගෙ නංගි වෙනව නොවැ. මල්ලිගෙ ගෑනු එක්කෙනා නොවැ. මං කොහොම ද ඉති............\u003cbr\u003e\" උඹ දන්න උලව්ව ! උඹ එහෙනම් මල්ලිගෙ අමුඩ සරොම අඳින්නෙ? මල්ලි එහෙනම් උඹේ අමුඩ, සරොම් අඳින්නෙ? මෙ තැන උඹගෙය කියල අමුතුවෙන් දේකුත් නෑ. මල්ලිගෙ ය කියල අමුතුවෙන් දේකුත් නෑ තියෙන දෙයක් උඹල දෙන්නගෙම යි. උඹ නොදන්නවට එහෙම සිරිත් ඔය ඕනැ තරම් තියෙන්නෙ. ඔය හැම එකක් ගැන උඹට මට ඇඟිල්ලෙන් ඇනල කියා දෙන්න බෑ. වැස්සට ඉහළන්න ගෙදර තියෙන්නෙ එක කුඩය යි. ඒ කුඩේ ගෙනාවෙ මල්ලි, කුඩේ ගෙනාවේ මල්ලිය කියල උඹට ඕනෑ වුණාම උඹ ඒක ඉහළන්නෙ නැද්ද? උඹ ඒක ඉහළන කොට මල්ලි ඒක උදුරන්න එනවද? කුඩේ මල්ලි අතට ගත්තාම උඹට තියෙන්නෙ ඉවසන්නයි. උඹ අතට ගත්තාම මල්ලිට තියෙන්නෙත් ඉවසන්න යි. ආන් එහෙමයි ඒකෙ හැටි. අනික කුඩ කියන එව්වා හැම තිස්සෙම මාරුවෙන් මාරුවට ඉහළ ඉහළ ඉන්න එකක් යැ යි? වහින කොට තමයි කුඩ ඕනැ............\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58079706710347,"sku":"9789556863314","price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0249.jpg?v=1786264511","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/beddegedara-%e0%b6%b6%e0%b7%90%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb-by-jayasena-jayakody","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}