{"product_id":"biso-urumaya-බිසෝ-උරුමය-by-maheeka-ranasinghe","title":"Biso Urumaya | බිසෝ උරුමය by Maheeka Ranasinghe","description":"\u003cp\u003eවජ්‍රය නම් වූ සුන්දර ගිරි රාජධානියේ මහ රජුට දාව දාසියක කුසින් උපන් මායා කුමරිය ඇගේ උපතින් දෙවන දින සිට රාජකීය වෙදනාගේ කෲර වෛද්‍ය පරීක්ෂණයක ජීවී මෙවලම වන්නේ පිය රජුගේම අවසරයෙනි. අනාගතයේ එන්නා වූ යුද්ධයකදී ජීව අවියක් වන්නට නියම කර රති කාම කලාවන්හි නිපුණ කරවමින් අභිරූපී ඈ උස්මහත් කරනුයේ සතුරු රජුගේ දිවි තොර කිරීම වෙනුවෙන්මය. වජ්‍රයේ මහ රජුගේ අතිජාත දියණී යැයි මුසා දොඩමින් ඈ සතුරු රජු වෙත බිසෝ කොට යැවීම පසුපස ඇත්තේ වසර ගණනාවක රාජ්‍ය තාන්ත්‍රික කුමන්ත්‍රණයකි. අධිරාජ බෑණනු වූ වර්ධාර මහ රජු සුරූපී කුමරී වෙසින් තමුන් වෙත එළැඹෙන මරණය දෝත පා පිළිගනීද?\u003c\/p\u003e\n\u003cp\u003eජීව අවියක නොකියවා, අත් හැර දැමූ හදවත ඔහු කියවා ගනීද?\u003c\/p\u003e\n\u003cp\u003eමරණයම මිස ජීවිතය බෙදා හදාගන්නට විෂ කන්‍යාවකට හැකි වේද?\u003c\/p\u003e\n\u003cp\u003eබිසෝ උරුමය වජ්‍රයේ ගිරි ශිඛර අතරේත්, වර්ධාරයේ දිව්‍යමය ගංධාරයේත් ජීවත්වූ නන්විධ ස්ත්‍රීන්, පුරුෂයින් හා අර්ධ ස්ත්‍රී පුරුෂයින්ගේ ජීවන චරිත අත‌රේ දිගහැරෙන අපූර්ව කතාපුවතකි.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56218820182347,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1136.jpg?v=1767404781","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/biso-urumaya-%e0%b6%b6%e0%b7%92%e0%b7%83%e0%b7%9d-%e0%b6%8b%e0%b6%bb%e0%b7%94%e0%b6%b8%e0%b6%ba-by-maheeka-ranasinghe","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}