{"product_id":"chai-චායි-by-thisarni-d-nirmani","title":"Chai | චායි by Thisarni D Nirmani","description":"\u003cp\u003eඑකෝමත් එක උණුසුම් රටක සීතලම සීතල කඳුකරයක තමා මං ජීවත් වුණේ. කඳුකරය කියන්නේ සීතලට පිස්සු වැටිච්ච මිනිස්සුන්ගේ එහෙම නැත්තම් ඒ සීතලට විතරක් අනුවර්තනය වෙච්චි ජීවින්ගේ අභයභූමිය. ඒ සීතල ඇතුළේ නිළලත් ජීවිත වගේම නිල නොලත් ජීවිතත් තියෙනවා. පාට පාට සමනලයගේ ඉඳලා රෞද්ර වන සතා වෙනකම් හැමෝටම මේ කඳුකරය අයිතියි. කඳුකරය කියන්නෙම රහස් වලින් පිරිච්ච ගුප්ත වංකගිරියක් වගේ තැනකට....\u003c\/p\u003e\n\u003cp\u003eනම කියන්න දන්නේ නැති කඳු දෙකක් මැද්දේ තියෙන පුංචි කන්දක සානුවක ඉඳලා පොළොවේ හැදිච්ච කහ පාට තාරකා මල් දිගේ පියාඹන සුදුපාට සමනලයෙක් දිහා මං බලාගෙන හිටියා. එකම කාල රටාවකට තටු උඩට පහළට ගන්න සමනලයාගේ කහ පාට මැද්දේ සුදු පාට තීරු තිබුණා. මං හිතන්නේ එයා ''මොනාච්” වර්ගයේ සමනලයෙක් කියලා...\u003c\/p\u003e\n\u003cp\u003eමං ඈත කඳුකරය පුරා විහිදුන තේ යාය දිහා ඇස් උස්සලා බැලුවා. ලොකු හුස්මක් ගත්තා. මේ හුලඟ මැද්දෙන් මට තේ ගස්වල සුවඳ වෙනමම අඳුරගන්න පුළුවන්.\u003c\/p\u003e\n\u003cp\u003eතේ ගස්වල හෙවන අස්සේ තේ මල් වල සුවඳේ පැටලිලා තේ දළු වලින් තමා අපි ජීවත් වුනේ. ඒ සුවඳ ආත්මයටම සම්බන්ධයි. තේ එකෙන් එන ඒ කහට රස තමා මගේ ජීවිතේ ජීවත් කෙරෙව්වේ.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57416781168971,"sku":"978-624-6596-24-8","price":9.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-7389.jpg?v=1779467416","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/chai-%e0%b6%a0%e0%b7%8f%e0%b6%ba%e0%b7%92-by-thisarni-d-nirmani","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}