{"product_id":"ikigai-ඉකිගායි-translated-by-syril-chandrasekara-gunawardhene","title":"Ikigai | ඉකිගායි translated by Syril Chandrasekara Gunawardhene","description":"\u003cdiv class=\"o9v6fnle cxmmr5t8 oygrvhab hcukyx3x c1et5uql ii04i59q\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eමිතුදම් නංවා ගැනීම, සරල ආහාර වේලකට හුරුවීම, විවේකය, ක‍්‍රමානුකූල ව්‍යායාම යහපත් සෞඛ්‍යයට හේතුවන බව සත්‍යය කී. එසේ වුව මේ ශතවාර්ෂිකයෝ අනුගමනය කරන හදවතට එකඟව සාමූහිකව කටයුතු කිරීම මගින් සියවැනි උපන්දිනයෙන් එහාට ද උපන්දින සැමරීමට මඟ පාදාගෙන ඇත. දීර්ඝායු විඳීමට ඔවුන්ට දිව මතුරක් වූයේ ‘ඉකිගායි’ යන්නයි.\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003e\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eමේ පොතේ පරමාර්ථය වන්නේ ජපානයේ ශතවාර්ෂිකයන්ගේ එහි පැවැත්මේ රහස් ඔබට ඉදිරිපත් කොට ඔබටත් ‘ඉකිගායි’ සොයාගැනීමට උදව් කිරීමයි. එමගින් ඔබේ ජීවිතයත් සතුටින් පිරි දිගු ගමනකට යොමු කිරීමයි.\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"o9v6fnle cxmmr5t8 oygrvhab hcukyx3x c1et5uql ii04i59q\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003e\n\u003cp\u003eමට අවශ්‍ය දිගු කාලීනව ජීවත් වන්නටද? ඒ නැත්නම් ඊට වැඩි අර්ථයක් ගැන සිතනවාද? සමහර අය තමන්ට අවශ්‍ය දේ ගැන දනිති. ඒ වාගේම ජීවත් වන්නට ආසාවක්ද ඇත. තව අය අවුලක් තුළ කරදර විඳිති. ඇයි ඒ්?\u003c\/p\u003e\n\u003cp\u003eඅපේ සාකච්ඡාවේ එක්තරා තැනකදී ඉකිගායි නම් වූ ගුප්ත වචනය මතු වී ආයේය. මේ වචනය රළුවට ‘හැම විට කාර්යයක යෙදීමේ සතුට’ නම් අර්ථය දෙයි. එසේම එයට සංකේත මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර කිරීම යන අදහස දිය හැකි වුවත් ඊට එහා යන බවක්ද පෙනේ. ඒ සමඟම ජපන් ජාතිකයන්ගේ විශේෂයෙන්ම ඔකිනාවා දූපත් වැසියන්ගේ දීර්ඝකාලීන ජීවිතය තේරුම් කරන වචනයක් ද වෙයි. එහි ජීවිත්වන මිනිසුන් හැම ලක්ෂයකටම සියයට 24.55 ක් වයස සියය පැන්නූ අය වෙති. එය ලෝකයේම වැඩි ජීවිත කාලයක් ගතකරන මිනිසුන්ගෙන් ඉහළම ප්‍රතිශතයයි. දකුණු ජපානයේ මේ කියන දූපතේ ජීවත්වන අය ලෝකයේ වැඩිම ආයු කාලයක් භුක්ති විඳින අය වන්නේ කෙසේද යන්න ගැන අධ්‍යනය කරන්නෝ ඊට සාමාන්‍ය හේතූන් වන පෝෂ්‍යදායි ආහාර වේල, එළිමහනේ ගතකරන ජීවිතය, හරිත තේ සහ අර්ධ උෂ්ණ කලාපීය දේශගුණය වැනි කරුණු අතරට, ඔවුන්ගේ ජීවිත හැඩගස්වන ඉකිගායි ද හේතුවන බව විශ්වාස කරති.\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":59013052137803,"sku":"9789553118653","price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2804.jpg?v=1793057877","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/ikigai-%e0%b6%89%e0%b6%9a%e0%b7%92%e0%b6%9c%e0%b7%8f%e0%b6%ba%e0%b7%92-translated-by-syril-chandrasekara-gunawardhene","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}