{"product_id":"jeewithaya-yali-soyaganima-ජීවිතය-යලි-සොයාගැනීම-by-rasika-jayakody","title":"Jeewithaya Yali Soyaganima | ජීවිතය යලි සොයාගැනීම by Rasika Jayakody","description":"\u003cp\u003eතරගය මැදට පැනළා දුවන්නේ නැතිව, තරගයෙන් ඈත් වී නැවතී සිටින මිනිසුන්ට තමන් වගේම නැවතී සිටින තවත් අය හමුවෙනවා. එතකොට ඔවුන් අතර වෙන ම ‘සංඛ්‍යාතයක්’ සම්බන්ධතා ගොඩ නැගෙනවා. ඔවුන්ට අර තරගයට දුවන මිනිසුන් විහිළුවක් ලෙස පෙනෙන්න පටන් ගන්නවා. ඒ නැවතී සිටින අය ගේ ‘සංඛ්‍යාතය’ තරගයට දුවන අයගේ සංඛ්‍යාතයට ගෝචර වන්නේ නැහැ.\u003c\/p\u003e\n\u003cp\u003eකදු තරණය කරන්නන්ට කඳු තරණය කරන්නන් හමුවෙනවා. කිමිදුම්කරුවන්ට තවත් කිමිදුම්කරුවන් හමුවෙනවා. අහිකුණ්ඨිකයන්ට තමන් වැනිම තවත් අභිකුණ්ඨිකයන් හමුවෙනවා. ඔවුන් හැමෝට ම තම තමන්ට අනන්‍ය සංඛ්‍යාත තියෙනවා. ඒ සංඛ්‍යාත අනුව එක ම රිද්මයකට අනුනාද වන අය එකට ගමන් කරනවා. ඔවුන් හොඳ ගමන් සගයන් වෙනවා.\u003c\/p\u003e\n\u003cp\u003eමෙහෙම සමාන සංඛ්‍යාතයකුන් යුතු දෙදෙනෙකු හමුවුණා ම ඔවුන් අමුතුවෙන් දැන හඳුනා ගන්නට කාලය වැය කළ යුතු වන්නේ නැහැ. ඒ වගේ ම අමුතුවෙන් එකිනෙකා ගේ කතාව පහදා දිය යුතු වන්නේ නැහැ. හරි සංඛ්‍යාතයට සුසර කළා ම රේඩියෝවේ සංගීතය ඇහෙන්න පටන් ගන්නවා වගේ ඒ සම්බන්ධතාව ක්ෂණිකව ම ගොඩනැගී ඉදිරියට ගලා යනවා.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56426292904267,"sku":null,"price":6.29,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2072.jpg?v=1769783440","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/jeewithaya-yali-soyaganima-%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b6%ba-%e0%b6%ba%e0%b6%bd%e0%b7%92-%e0%b7%83%e0%b7%9c%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%90%e0%b6%b1%e0%b7%93%e0%b6%b8-by-rasika-jayakody","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}