{"product_id":"kala-bandhana-කාල-බන්ධන-by-lakshini-dilrukshi","title":"Kala Bandhana | කාල බන්ධන by Lakshini Dilrukshi","description":"\u003cp\u003eඅභිමන්ත්‍රාගේ කාමරය තුළ ඇය නොසිටි බැවින් මා වේගයෙන් තරප්පු පෙල බැස පහලට පැමිණෙන විටම මහා හඬක් නංවමින් අකුණක් පුපුරා ගිය අතර ඊටත් තත්පරයකට පමණ පසු මා හට ඇසුණේ සාරධා යටිගිරියෙන් නැගූ විලාප හඩකි.\u003c\/p\u003e\n\u003cp\u003eඒත් සමගම ඇය දෙසට දිව ගියේ සිදුවූයේ කුමක්දැයි සිතාගැනීමට නොහැකිවය. මා ඇය දෙසට කිට්ටු වූ විට දුටුවේ ඇය සුදුමැලි වූ මුහුණින් ගෙමිදුලේ කෙළවරක් දෙස බලා සිටින අයුරුය. නමුත් පැවති දැඩි අඳුර නිසාවෙන් එම ඉසව්වේ තිබූ කිසිවක් නොපෙනිණි.\u003c\/p\u003e\n\u003cp\u003e“සාරා..” මා ඇය අමතන විට ඇය එක් අතකින් මාගේ අතින් අල්ලාගෙන අනෙක් අත දිගු කලේ ගෙමිදුලෙහි අදුරු කෙළවරක් දෙසටය. ඇය පෙන්වූ ඉසව්ව දෙස බැළුවද අදුර හා වර්ෂාව හේතුවෙන් මා හට කිසිවක් නොපෙනණි.\u003c\/p\u003e\n\u003cp\u003eඒත් සමගම නැවතත් උස් හඩින් අකුණක් පුපුරාගියේ පලාතම ඒකාලෝකමත් කරමිනි. එම ආලෝකයේ උදව්වෙන් මා හට ඇය පෙන්වූ ඉසව්ව පැහැදිලිව පෙනුණු අතර එවිට මා දුටු දසුන හේතුවෙන් මාද සාරධාගේ අත තද කොට අල්ලා ගත්තේ ඇය තවත් මා වෙත වාරු වන විටය.\u003c\/p\u003e\n\u003cp\u003eමා දුටුවේ අභිමන්ත්‍රා වග මා හට හොඳින්ම විශ්වාසය. නමුත් අකුණෙහි ආලෝකයෙන් එක්වරම විශාල කළු පැහැති කොටියෙකුගේ ඡායාවක් ඇදී මැකී ගියේ යාන්තමින් පෙනෙණ නොපෙනෙණ මට්ටමට ය.\u003c\/p\u003e\n\u003cp\u003eඑම සත්ත්වයාගේ ස්වරූපය කොතරම් බිහිසුණු දැයි පැවසුවහොත් මා එම සත්වයාව දුටුවේ එක් නිමේෂයකට පමණක් වුවද එක්වරම ඇඳී මැකී ගිය එම ඡායාව දැකීමෙන් මා හට දැනුණේ කශේරුකාව ඔස්සේ විදුලි දහරාවක් ගමන් කරනවාක් මෙන් හැගීමකි. මොහොතින් ඇදී මැකී ගිය එම සත්වයා සිටි ස්ථානයේ ඉන්පසුව මා දුටුවේ ඇද හැලෙන මහා වර්ෂාව මධ්‍යයෙහි ඒ පිළිබඳ වගක් හෝ නොමැතිව සිටින අභිමන්ත්‍රාවය.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57829762400587,"sku":"978-624-94870-1-7","price":12.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9052.jpg?v=1783701703","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/kala-bandhana-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd-%e0%b6%b6%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1-by-lakshini-dilrukshi","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}