{"product_id":"kura-handeki-viyakena","title":"Kura Handeki Viyakena | කුර හඩෙකි වියැකෙන by Norbert Ayagamage","description":"\u003cp\u003e\u003cspan\u003eකුලවමිය වලව් ඉස්තෝප්පුවේ සිට පඩිපෙළ බැස ඇවිත් පහළම පඩියේ නතර වුණාය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eරුවැති අග මෙහෙසිය හීතල නිසාදෝ ඔසරි පටින් ගෙළ සහ ළැම පෙදෙස ආවරණය කරගෙන සිටියාය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eසියලු දෑස් යොමුව පැවතියේ ඇය වෙතය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඇගේ දෑස් යොමුව පැවතියේ තවලම්රාල වෙතය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඇය පසෙකින් හිඳින්නී තුටුපඬුරු සහිත කුඩා රෙදි උර තැන්පත් කළ රිදී බන්දේසිය දෝතින් දරාගත් ඇගේ විශ්වසනීයම කම්මිත්ත වන හීං එකීය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eසිරිත් පරිදි පළමුව තුටුපඬුරු පිරිනැමෙන්නේ තවලම්රාලටය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eතවලම්රාල වන ඩිංගිරාල ඇත්තා ආර්යාව සමීපයට මිදුල හරහා එමින් සිටියේය. මුහුණ පුරා වැඩුණු ගන රැවුලකින් හෙබි ඩිංගිරාල නායකත්වයේ සියලු ලක්ෂණ ප්රකට කරමින් ඍජු ගමනින් ආර්යාවට සමීප වෙමින් හිඳී. ඔහු සමීප වෙත්ම ඇගේ දෙකොපුල් මහ රත් මලක ළා රත් පැහැය ගත්තේය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඅත්කොට සුදු මේස් බැනියමකින් සහ අදුරු පැහැති සරමකින් සැරසී හුන් තවලම්රාල හිස වටා බැඳ තිබූ නිල් පැහැති ලේන්සුව ලිහා ගෙළ වටා දාගත්තේය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඔහුගේ තියුණු දෑස් යොමුව තිබුණේ ඍජුවම ඇගේ දෑස් වෙතය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඒ දෑස් යුගළ අතරේ එකිනෙකාට කියාගත නොහෙන නිහඬ රහසක් ලියැවී තිබුණේය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eහිමිදිරි අන්ධකාරය දවාලමින් වලව් මිදුලේ කෙසෙල් කොටන් මත රැඳවූ පන්දම් සහ විලක්කු සේම ඇගේ දෑස් ද ඊළඟ මොහොතේ නාඳුනන ගින්නකින් ඇවිළෙමින් තිබුණේය. තවමත් රිදුම් දෙන දෙතොල්පට ඇය දිව’ගින් තෙත් කරගත්තාය….\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58924775375179,"sku":"9786242040776","price":10.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2606.jpg?v=1792542654","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/kura-handeki-viyakena","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}