{"product_id":"magam-soliya-මාගම්-සෝලිය-by-mohan-raj-madawala","title":"Magam Soliya | මාගම් සෝලිය by Mohan Raj Madawala","description":"\u003cp\u003e\u003cspan\u003eමාගම් සෝලිය’ නවකතාව මූලික වශයෙන් කේන්ද්‍රගත වන්නේ අපේ සිංහල ගම්මානවල කේන්ද්‍රස්ථානය වුණු පන්සල වටාය. නමුත් එය සම්ප‍්‍රදායික පන්සලක් නොවේ. නුවර යුගයේ බෙහෙවින් පරිහානියට ගිය මේ පන්සල්වල බොහෝ විට සිටියේ භික්ෂූන් වහන්සේලා වෙනුවට ගණින්නාසේලා යි. ඔවුහු පවුල් රක්‍ෂා කළහ. බිරින්දෑවරු, දරුවන් රැකබලා ගත්හ. ඉස්සර මෙවැනි පන්සල් නම් කළේ ‘ගනේ වලව්ව’ නැත්නම් ‘ගනේ ගෙදර’ වැනි නම් වලිනි. නවකතාව මැද භාගයේ පන්සලට එන ඇබිත්ත උන්නාන්සේ එවැනි චරිතයක් වුනත් මුල් භාගයේ පන්සලේ සිටින ලොකු හාමුදුරුවෝ එවැනි චරිතයක් නොවේ. උන්නාන්සේ විදර්ශනා වඩන ධ්‍යානලාභී උත්තමයෙකි. ඇතැම් විට මෙතුමන් සෝවාන් ඵලයට ලඟා වූ අයෙක් වන්නට පුළුවන. මෙසේ සෝවාන් නැතිනම් සෝතාපණ්න පුද්ගලයෙක් අතින් වුවත් පව් (වැරදි) සිදු වීමට ඉඩකඩ ඇතිවිය හැකියි. සංයුක්ත නිකායේ සරකාණි වග්ගයේ සරකාණි සූත‍්‍රයේ සඳහන් පරිදි සරකාණි නම් බමුණා මධ්‍යසාරයට ඇබ්බැහි වූවෙකි. සෝවාන් වූ පසුවත් ඔහුට මේ මත්ලෝලී බව අත්හැර ගත හැකි වන්නේ නැත. ඒ අනුව සෝතාපණ්න පුද්ගලයා පෘථග්ජන ජීවිතයත් සමඟ කිට්ටු සබඳතාවයක් ඇති බව අපට පැහැදිලි වේ. ධ්‍යානලාභියෙක් වුණත් මේ ලොකු හාමුදුරුවෝ ඉවකින් වගේ අනාගතය හඳුනා ගනී. උන්නාන්සේ තම ශිෂ්‍ය නමක් වූ පල්ලේගම හාමුදුරුවන්ට ගමේ පන්සල අතහැර ජනඅරගලයට නායකත්වය දෙන ඉහගම හාමුදුරුවන් මුණ ගැසීමට මල්වතු විහාරයට යන්නට අණ කරන්නේ එබැවිනි. විදර්ශනා වඩන සෝතාපණ්න පුද්ගලයෙක් වුණත් සමාජය හා ජනතාව වෙනුවෙන් වූ තම වගකීම ඉටු කරන්නේ ඒ අයුරිනි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56889840599371,"sku":"978-955-4690-00-4","price":9.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-5259.jpg?v=1774557274","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/magam-soliya-%e0%b6%b8%e0%b7%8f%e0%b6%9c%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83%e0%b7%9d%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-by-mohan-raj-madawala","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}