{"product_id":"mamath-lankawe-kollek-sir-මමත්-ලංකාවේ-කොල්ලෙක්-සර්-by-d-t-wijenayake","title":"Mamath Lankawe Kollek Sir | මමත් ලංකාවේ කොල්ලෙක් සර් by D.T.Wijenayake","description":"\u003cp\u003e” කරුණාවෙන් සවන් දෙන්න, මේ ගම්පහ දුම්රිය ස්ථානයයි. දෙවන වේදිකාවට පැමිණි සීඝ්‍රගාමි දුම්රිය තව ස්වල්ප වේලාවකින් කොළඹ කොටුව බලා පිටත් වේ. දුම්රිය නවත්වන්නේ ගණේමුල්ල, රාගම, කැළණිය, දෙමටගොඩ…’\u003c\/p\u003e\n\u003cp\u003eදුම්රිය වේදිකාවේ ඉහළ සවි කර ඇති ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ එම නිවේදනය විකාශනය වන්නට විය. මුළු දුම්රිය වේදිකාවම මිනිසුන්ගෙන්\u003c\/p\u003e\n\u003cp\u003eපිරී ඉතිරී තිබිණ. දුම්රිය එංජිමෙන් පිටවන දුම අතරෙන් කුඩා දරුවන් දෙදෙනෙකුත් රැගෙන මවක් හා පියෙකු වේදිකාව දිගේ යුහුසුලුව දුවමින් සිටිති. මේ අතරේ පිරිසක් දුම්රිය ආසන අල්ලලා අල්ලා ගැනීම සඳහා අරගල කරනා අතර තවත් සමහරෙක් දුම්රියෙන් බැස ගැනීමට කෑකෝ ගසමින් සිටිති. මුළු වේදිකාවම දිස් වනුයේ පොර පිටියක් විලසිනි.\u003c\/p\u003e\n\u003cp\u003e“මේ කෝච්චියේ නම් යන්න බැහැ ස්ටැන්ලි, සෙනඟ අස්සේ ළමයිනුයි,\u003c\/p\u003e\n\u003cp\u003eගමන් මලුයි උස්සගෙන කොහේ රිංගන්නද? ‘\u003c\/p\u003e\n\u003cp\u003eමිනිසුන් අතරේ තෙරපෙමින් මව මැසිවිලි නඟන්නට වූවාය.\u003c\/p\u003e\n\u003cp\u003eපියාද තම ගමනේ වේගය බාල කළේ එය තේරුම්ගත් නිසාවෙන් විය\u003c\/p\u003e\n\u003cp\u003eයුතුය.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56424382890315,"sku":null,"price":7.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2038.jpg?v=1769769082","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/mamath-lankawe-kollek-sir-%e0%b6%b8%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b6%bb%e0%b7%8a-by-d-t-wijenayake","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}