{"product_id":"memory-man-මෙමරි-මෑන්-translated-by-manjula-dissanayake","title":"Memory Man | මෙමරි මෑන් translated by Manjula Dissanayake","description":"\u003cp\u003e\u003cspan\u003eබර්ලින්ටන් පොලිස් දෙපාර්තමේන්තුවේ රහස් පරීක්ෂක ඇමොස් ඩෙකර්, රාත්‍රියේ නිවෙසට පැමිණෙන විට දක්නට ලැබෙන්නේ තම බිරිඳගේ සහෝදරයාත්, බිරිඳත්, දස හැවිරිදි කුඩා දියණියත් නිවෙස තුළම ඝාතක ලෙස මරා දමා ඇති අන්දමයි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපවුලේ ඝාතනයෙන් කම්පනයට පත්වන ඩෙකර් දිවි නසා ගැනීමට උත්සාහ කළත් පොලිස් නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් එම උත්සාහය වැළැකෙයි. එහෙත් එතැන් සිට ඩෙකර් වෙනස් පුද්ගලයකු බවට පත්වෙයි. රැකියාවෙන් ඉවත් ව ඉබාගාතේ යන ඔහු අවසානයේ පෞද්ගලික රහස් පරීක්ෂകකු බවට පත්වෙයි. එහෙත් තවත් තම පවුලේ අය ඝාතනය කළ මිනිමරුවා අල්ලා ගැනීමට නොහැකිව ඔහු ලතවෙයි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමේ අතර නගරයේ මැන්ගිල්ඞ් උසස් පාසලේ තවත් සමූහ ඝාතනයක් සිදුවෙයි. එහිදී සිසුන් හය දෙනෙකුත් ගුරුවරුන් දෙදෙනෙකුත් මරා දමන ඝාතකයා නිදහසේ පලා යාමට සමත් වෙයි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅමෙරිකාව කළඹු මේ ඝාතනය ගැන සෙවීමට FBI මෙන්ම බර්ලින්ටන් ොලිසියද ද මැදිහත් වෙයි. මෙහිදී පොලිස් ප්‍රධානියාගේ අවසරය මත විමර්ශන කටයුතු සඳහා ඩෙකර් ද සම්බන්ධ කර ගනී.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඩෙකර් යනු විශේෂිත අසනීපයකින් පෙළෙන්නෙකි. දක්ෂ පා පන්දු ක්‍රීඩකයකු වූ ඔහු පිටියේ දී සිදුවන ගැටුමකින් බරපතල ලෙස මොළයට සිදුවන හානියක් හේතුවෙන් මේ රෝගී තත්වයට පත්වෙයි. රෝගියකු වුවත් එතැන් සිට ඔහුට තමා දකින සියලු දේ එලෙසින්ම මතක තබා ගැනීමටත්, අවශ්‍ය වූ විටෙක ඒ මතකය මනස තුළ ධාවනය කිරීමටත් හැකියාව ලැබේ.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමේ සුවිශේෂ හැකියාව සමඟ විමර්ශන අරඹන ඩෙකර් පියවරින් පියවර ඉදිරියට යද්දී තවත් ඝාතනයක් සිදු වෙයි. මේ ඝාතනවලදී මිනිමරුවා තබන සටහනකින් මේ සෑම ඝාතනයකටම හේතුව ඩෙකර් බව අනාවරණය වෙයි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඑතැන් සිට තම අසාමාන්‍ය මතකය මෙහෙයවන ඩෙකර් කිසිවකු අපේක්ෂා නොකළ ලෙස ඝාතකයා කොටු කර ගැනීමට සමත් වෙයි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඑහෙත් ඒ සැබෑ ඝාතකයාම ද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඝාතනවලට හේතුව කුමක්ද?\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58291699908939,"sku":"9786245638802","price":11.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0923.jpg?v=1787956527","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/memory-man-%e0%b6%b8%e0%b7%99%e0%b6%b8%e0%b6%bb%e0%b7%92-%e0%b6%b8%e0%b7%91%e0%b6%b1%e0%b7%8a-translated-by-manjula-dissanayake","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}