{"product_id":"premasuthra-ප්‍රේමසූත්‍ර-by-chulabhaya-shantha-kumara","title":"Premasuthra | ප්‍රේමසූත්‍ර by Chulabhaya Shantha Kumara","description":"\u003cp\u003e\u003cspan\u003eප්රිය ආලිංගනයන්ගෙන් සපිරි සුරතාන්තයක අවසන වෙහෙස නිවන කෙටි නින්දෙන් ඈ සෙමින් අවදිවූවා ය. අලුයම් යාමයෙහි සූර්ය සම්ප්රාප්තියෙහි විසිතුර විසින් අවදි කරනු ලැබ ඇත්තේ ඇගේ ජීවිතයේ බලහත්කාරයෙන් ම වසා දමා තිබූ කලාපයකි. ඔහු හා සමඟ සමීප ඇසුරක් ඇරඹූ දා සිට සිය හැඟීම් සමඟ සටන් කරමින් ඈ අසීරුවෙන් දමනය කරමින් යටපත් කළ හැඟුම් සමුදායකි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඑදා සිට ම ඔහු ඇසුරෙහි උණුසුමෙන් ඈ ප්රමුදිතව සිටියා ය. එහෙත් කිසි විටකවත් එය දැල්වෙන්නට ඉඩ නොදුන්නා ය. ආවර්ජනාත්මක සොඳුරු වින්දනයකට පමණක් ඔහුගේ ඇසුර සීමා කරගන්නට ඇය සෑමවිට ම යත්න දැරුවා ය. ඒ පිරිමියෙකු සමඟ සහවාස ජීවිතය පිළිබඳ අතීතය විසින් ලබාදී තිබූ අමිහිරි අත්දැකීම් හේතුවෙනි. එහෙත් අද ඔහු උණුසුම හමුවෙහි ඈ වෙඬරු පිඩක් ව දියව ගියා ය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅතීත සහවාසයේ දී තමා ජීවිතය යැයි සිතා සිටියේ අර්ධයකට ය. එය ද ශාරීරිකව මෙන්ම මානසිකව අමිහිරි අත්දැකීම්වලින් පිරි පීඩාකාරී එකක් විය. සැබැවින්ම සිය ජීවිතයේ ප්රථම වතාවට පරිපූර්ණ ඇසුරක පහස වින්දේ අද ය. එය නැවත නැවත සිත ඉල්ලන තරම් ස්වර්ගාස්වාදයකි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58206925259083,"sku":"9786242041162","price":10.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0658_08397449-f014-4993-a819-790e9cc1659c.jpg?v=1787268139","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/premasuthra-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%9a%e0%b6%b8%e0%b7%83%e0%b7%96%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb-by-chulabhaya-shantha-kumara","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}