{"product_id":"rathu-wada-mal-රතු-වදමල්-by-manohari-jayalath","title":"Rathu Wada Mal | රතු වදමල් by Manohari Jayalath","description":"\u003cp\u003e\u003cspan\u003e\u003cstrong\u003eරතු වදමල් – Rathu Wada Mal\u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\u003cstrong\u003eමොකද්ද ඉක්කි මේ නෙයියාඩගම? \u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\u003cstrong\u003eඅපිට පාරක තොටක යන්න නැද්ද? සේසිරි ඔච්චර ඉවසුවා ඇති. වෙන මිනිහෙක් නම්\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e\u003cstrong\u003eගුටි කෙළියක්! \u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\u003cstrong\u003eඉක්කි… කොටින් කියන්නං, ආයෙ නම් මේ පළාතේ නාවට කමක් නෑ!”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\u003cstrong\u003eමට වචනයක්වත් කියන්න ඉඩක් ලැබුණෙ නෑ, නෙලුම් මුලකුත්\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e\u003cstrong\u003eනැති අගකුත් නැති හුඟක් කියලා හුස්ම ගත්තා.\u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\u003cstrong\u003e“බැරිම තැන මේ උඹට එන්න කියලා ලියුම දැම්මෙ… මේක ඉවරයක් කරගන්න! ඉක්කි, උඹ මට දුන්නෙ අර මිනිහගෙ සල්ලිද? දන්නවා නම් අපි හිඟාකෑවත් ඒවා ගන්නෙ නෑ. අපිව පාච්චල්\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e\u003cstrong\u003eකරන්ඩ එපා ඒකාට මේකාට. මං කිව්වනෙ මේ බඩු මුට්ටු විකුණලා\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e\u003cstrong\u003eහරි ඔව්වා ගෙවනවා කියලා. අපෙන් සල්ලි ඉල්ලන්ඩ ඌ එවන්ඩ, උඹට ලැජ්ජා නැද්ද? ආයෙ\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e\u003cstrong\u003eආවොත් ඇත්තමයි අඬු කඩනවා! \u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\u003cstrong\u003eඑතකොට උඹට අබ්බගාතයෙක් තමා බඳින්න වෙන්නෙ. කෙළින් කතා කරපං ඉක්කි උඹම…! ආයේ\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e\u003cstrong\u003eතෝල්කයො මොකටද…”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\u003cstrong\u003e“නෙලුම්! කියන මඟුලක් තේරෙන්ඩ කියනවද? ඇඟට කඩා පනින්ඩද මට මේ ලහියෙ එන්ඩ කිව්වේ?”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\u003cstrong\u003e“රඟපාන්ඩ එපා ඉක්කි! උඹ අර කොල්ලාව එව්වේ සේසිරිව බය කරලා සල්ලි ගන්ඩද? සේසිරිට තර්ජනේ කරලා…? ඌ උඹට ලොකු ඇති! මට නං ඔය සෙප්පඩියා ලොකු නෑ…!\u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57864248590667,"sku":"9786246743253","price":10.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9241.jpg?v=1784058446","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/rathu-wada-mal-%e0%b6%bb%e0%b6%ad%e0%b7%94-%e0%b7%80%e0%b6%af%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a-by-manohari-jayalath","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}