{"product_id":"sakhi-bharya-සඛී-භාර්යා","title":"Sakhi Bharya | සඛී භාර්යා by Chulabhaya Shantha Kumara","description":"\u003cp\u003e\u003cspan\u003eඑදා පායා තිබුණේ අඩ සඳකි. ඒ අඩ සඳ දුම්බර කඳු අතරින් එබී බැලුවේ ලජ්ජාවෙන් මෙන්ය. කොල බව සහ ආගන්තුක බව හමන සීතල සුළඟේ පවා තැවරී තිබිණි. ළා සඳ එළිය අඳුරෙහි සැඟව ඇති සොඳුරු තැන් විවර කරන විට ඒ තැන් වසා දමන්නට සඳට යටින් පාව ගිය වලාකුළු අසාර්ථක උත්සාහයක යෙදෙමින් සිටියේය.. සිතුවිලිවලට පියාපත් ලැබී තිබුණ අතර වචන දෙතොල් අග මිදී තිබිණි. සීතල ඇඟිලි තුඩු රිද්මයකට අනුව මිටියාවත් කඳුවැටි වන ළැහැබ් අතරින් සෙමෙන් ඇවිදගියේ උණුසුම් තැන් සොයමින්ය. සුවඳ තැවරුණ උණුසුම් සුසුම් අතරින් නැගෙන සිහින් කෙඳිරිය මිහිරි ගීයක්ව කඳු අතරින් පාව සැඟව ගියේ කිසිවෙකුටවත් නොඇසෙන ලෙසිනි. රාත්‍රිය ගෙවී යද්දී ඔහුගේ පළල් උරතලයේ වැතිර සිරවී විඩා නිවමින් තිබුණේ මහා ළෙන්ගතු කමකි. පසුදා හිරු පායන විට ඒ ළෙන්ගතු කම සිය ජීවිතයේ සියලු අණු මුලු කරා විහිද ගිය මහා ප්‍රේමණීය සෙනෙහසක් බවට පත්ව තිබිණි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58206986043723,"sku":"9789556776706","price":11.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0667_5b1499d0-e06e-4f2a-848d-b1a3222d3dff.jpg?v=1787270002","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/sakhi-bharya-%e0%b7%83%e0%b6%9b%e0%b7%93-%e0%b6%b7%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}