{"product_id":"sanda-ru-andi-sanda-සඳ-රූ-ඇඳි-සඳ-by-waruni-wasawadaththa-deshapriya","title":"Sanda Ru Andi Sanda | සඳ රූ ඇඳි සඳ \n By Waruni Wasawadaththa Deshapriya","description":"\u003cp\u003e\u003cspan\u003eරන්, ඔබ මටත්, රටටත් එක සමානව ආදරය කළේය. එහි සැකයක් නැත. ඔබ සටන් කළේ රටේ නිදහස උදෙසා ය. ඔබේ ලෙයින් මගේ කුස ජනිත අපේ දරුවාටත්, සුවහසක් දරුවන්ටත් ඒ නිදහස උරුම කරන්නට ය.\u003c\/span\u003e\u003cbr class=\"html-br\"\u003e\u003cbr class=\"html-br\"\u003e\u003cspan\u003eරන්, ඔබ මා වැන්දඹුවක් කළේ නැත. ඔබ නික්ම ගියේ මා විරු බිරියක් කොට ය. මා ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් රසල රනුජය වරුසවිතානගේ බිරියයි. මම ඔබ දරා ගත්තේ යම් සේ ද ඔබේ නික්ම යෑමත් එලෙසින් ම දරා ගන්නෙමි. පිළිණ රකින්නෙමි.\u003c\/span\u003e\u003cbr class=\"html-br\"\u003e\u003cbr class=\"html-br\"\u003e\u003cspan\u003eරන්, ඔබට පිදුනු අපේ මතක හද පුදසුන සදා ඔබගේ ය. ඔබගේ ම ය. එතැන උණුසුම් ය. සුව පහසු ය. අදරැති ය. ඔබට මිස අන් කිසි කෙනෙකුට හිමි නොවනා එතැන අපේ මතක මගේ අවසන් හුස්ම දක්වා ම දීප්තිමත්ව දැල්වෙනු ඇත.\u003c\/span\u003e\u003cbr class=\"html-br\"\u003e\u003cbr class=\"html-br\"\u003e\u003cspan\u003eරන්, මතක මට තබා සතුට සොයා යන්නට මම ඔබ මිටින් හරින්නෙමි. මා හැර නික්ම යන්න. සසරේ ගමනේ කවදා හෝ බවයක අප යළි හමුවන තෙක් අකල් සමුගැනීම් නැති සතුටු බව පුරා සරන්න.\u003c\/span\u003e\u003cbr class=\"html-br\"\u003e\u003cbr class=\"html-br\"\u003e\u003cspan\u003eරූ, ඔබ මගේ ජීවිතයයි. මගේ හද ගැස්මයි. මගේ උණුසුමයි. මගේ ආලෝකයයි. මගේ ආදරයයි. රන්ගේ විශ්වාසයයි. ඔබ මගේ දරුවන්ගේ පියායි.\u003c\/span\u003e\u003cbr class=\"html-br\"\u003e\u003cbr class=\"html-br\"\u003e\u003cspan\u003eරූ, මා දරාගගන්නට පහසු නැති බව මම දනිමි. ඔබ දරා ගන්නේ මා පමණක් නොවේ. මා රන් හා එක්ව ලියූ මතකත්, ඔබ රන් හා එක්ව ලියූ මතකත් ඔබ උසුළා ගත යුතු ය.\u003c\/span\u003e\u003cbr class=\"html-br\"\u003e\u003cbr class=\"html-br\"\u003e\u003cspan\u003eරූ, ඔබ අන් සියල්ල ම දෙවැනි කොට මට ආදරය කරනා බව මම දනිමි. සසර සරණා හැම බවයකදී ම මට ඔබ ඕනෑ ය. මම ඔබේ සංසාර පාදපරිචාරිකාව වී ඔබ පසුපස එන්නෙමි.\u003c\/span\u003e\u003cbr class=\"html-br\"\u003e\u003cbr class=\"html-br\"\u003e\u003cspan\u003eසඳශාක්\u003c\/span\u003e\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e‍\u003c\/span\u003e\u003cspan\u003eයා වරුසවිතාන…..\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56266525376843,"sku":null,"price":16.19,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1457.jpg?v=1767978622","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/sanda-ru-andi-sanda-%e0%b7%83%e0%b6%b3-%e0%b6%bb%e0%b7%96-%e0%b6%87%e0%b6%b3%e0%b7%92-%e0%b7%83%e0%b6%b3-by-waruni-wasawadaththa-deshapriya","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}