{"product_id":"sheethagni-agni-ශීතාග්නි-අග්නි-by-thilini-kodithuwakku","title":"Sheethagni 2- Agni | ශීතාග්නි 2 - අග්නි by Thilini  Kodithuwakku","description":"\u003cdiv class=\"elementor-element elementor-element-435077b elementor-widget elementor-widget-wl-single-product-short-description\" data-id=\"435077b\" data-element_type=\"widget\" data-e-type=\"widget\" data-widget_type=\"wl-single-product-short-description.default\"\u003e\n\u003cdiv class=\"elementor-widget-container\"\u003e\n\u003cdiv class=\"woocommerce-product-details__short-description\"\u003e\n\u003cp\u003eඔබ මේ කියවන්නට සූදානම් වන්නේ තවත් එක් නවකතාවක්ද?\u003c\/p\u003e\n\u003cp\u003eනැතිනම්… එතෙක් මෙතෙක් ඔබ සිංහල පොතකින් නොවිඳි ජිවිත අන්දරයක් ද?\u003c\/p\u003e\n\u003cp\u003eවසර හයක් පුරා ලියැවුණු, හැඟීම්, වේදනාවන්, ආදරය, අහිමිවීම් සහ නොවිසඳුණු ප්රශ්න පිරුණු පිටු දෙදහසකට ආසන්න දැවැන්ත කතාවක් බවට පත්ව අද ඔබේ දෑතට පැමිණෙන\u003cbr\u003e“ශීතාග්නි”,\u003cbr\u003eනමෙන් ඔබට පැවසෙන පරිදිම\u003cbr\u003eගිනි සහ සිසිල අතර දෝලනය වන මිනිස් ජීවිතවල කතාවකි.\u003c\/p\u003e\n\u003cp\u003eමෙහි කථානායක දේවක රත්මල්ගොඩ ඇතුළු චරිත ඔබට හමුවන්නේ නවකතාවක චරිත ලෙස පමණක් නොවේ. ඔවුන්ගේ සතුට, වේදනාව, ආදරය, බිය, රහස් සහ තීරණ අතරින් ගමන් කරන ඔබට, හුරුපුරුදු මිනිසෙකුගේ මුහුණක්… ඔබේම ජීවිතයේ මතකයක්… නැතිනම් ඔබ තුළ සැඟවුණු කිසියම් හැඟීමක් හමුවීමට ඉඩ තිබේ.\u003c\/p\u003e\n\u003cp\u003eඑහෙත් කතාව කියවාගෙන යන අතරතුර, ඔබට එක් පැනයක් නැවත නැවතත් මතුවනු ඇත.\u003c\/p\u003e\n\u003cp\u003e“ඇත්තටම මේ හැමදෙයක්ම සිද්ධවුණාද?”\u003cbr\u003e“මේක මේ පොළොවේ සිද්ධ වුණු සත්ය කථාන්තරයක් ද?”\u003c\/p\u003e\n\u003cp\u003eසත්යය කොතැනින් අවසන් වී මනඃකල්පිතය කොතැනින් ආරම්භ වේදැයි සොයාගැනීම ඔබටම භාර කරමි.\u003c\/p\u003e\n\u003cp\u003eපිටුවෙන් පිටුව ඉදිරියට යද්දී, ඔබ එය තුළ ජීවත් වීමට පටන් ගනු ඇත.\u003cbr\u003eකෙනෙකුගේ ආදරයෙන් ඔබද සැනසෙනු ඇත.\u003cbr\u003eකෙනෙකුගේ වේදනාව ඔබව නිහඬ කරනු ඇත.\u003cbr\u003eකෙනෙකුගේ තීරණයක් ඔබව කෝපයට පත් කරනු ඇත.\u003cbr\u003eතවත් කෙනෙකුගේ රහසක් අවසානය දක්වාම ඔබට අනුමාන කිරීමට ඉඩ නොදෙනු ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eඅවසානයේ…\u003cbr\u003eඔබ පොත කියවා නිම කලද කතාව පුරාවට වූ ඔබේ ගමන අවසන් නොවනු ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eමන්ද, “ශීතාග්නි” ඔබට ඉතිරි කරන්නේ අවසානයක් නොවන\u003cbr\u003e“ඇත්ත කුමක්ද?”\u003cbr\u003e“අප විශ්වාස කරන දේ සැබෑද?”\u003cbr\u003e“මනුෂ්ය ජීවිතයක සීමාව කොතැනද?”\u003cbr\u003eයන නොවිසඳුණු ප්රශ්න කිහිපයකි.\u003c\/p\u003e\n\u003cp\u003eගිනි මෙන් දැවෙන හැඟීම් අතරට…\u003cbr\u003eසිසිල මෙන් හිරිවැටෙන රහස් අතරට…\u003cbr\u003eමනුෂ්යත්වයේ සීමාවන් අතරට…\u003cbr\u003eඔබව කැඳවාගෙන යන්නේ “ශීතාග්නි” යි.\u003c\/p\u003e\n\u003cp\u003eකියවන්න.\u003cbr\u003eදැනෙන්නට ඉඩ දෙන්න.\u003cbr\u003eවිශ්වාස කරන්න.\u003cbr\u003eඉන්පසු…\u003cbr\u003eඇත්ත කුමක්දැයි ඔබම තීරණය කරන්න.\u003c\/p\u003e\n\u003cp\u003eපිටු 1900+ කට අධික වෙළුම් හතරකින්, වර්තමානයේ සාමාන්ය පොතක මිලටත් වඩා අඩු මිලට, ඝන කවර මුද්රණයකින් හැඩවී පැමිණෙන පෙර ඇනවුම් අද සිට ඔබට විවෘතයි.\u003c\/p\u003e\n\u003cp\u003eඇනවුම් කිරිමට පෙර විශේෂයෙන් කියවන්න..\u003cbr\u003e2026 කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනයට සමගාමිව මෙහි මුල් කොටස් දෙක පමණක් නිකුත් වන අතර ඔක්තොම්බර් මස 18 සිට අනෙක් කොටස් ලබා ගත හැක. කොටස් 4 ම එක වර ලබා ගැනිමේදි ශ්රී ලංකාව තුල ඕනැම තැනකට නොමිලේ ප්රවාහන පහසුමක් ලබාදේ. කොළඹ ජ්යාත්න්තර පොත් ප්රදර්ශනයේදි 1,2 පොත් ලබා ගැනිමට බලාපොරොත්තු වන්නේ නම් 3,4 කෘති සඳහා පමණක් පෙර ඇනවුම් සිදුකරන්න.\u003c\/p\u003e\n\u003cp\u003eවෙබ් අඩවිය හරහා සිදුකරන ඇනවුම් සියල්ල ප්රවාහනය කරනුයේ 2026 ඔක්තොම්බර් 10 වෙනිදා සිට වන අතර පොත් කට්ටලයම වෙනුවෙන් පෙර ඇනවුම් ලබා දී ඇත්නම්, එම ඇනවුම් ඔක්තෝම්බර් 18 දිනෙන් පසුව, 3,4 කෘති නිකුත් වීමෙන් අනතුරුව සිදු කරනු ලැබේ.\u003c\/p\u003e\n\u003cp\u003eදැනුවත් කිරිමයි. – ඔබ මෙතෙක් සිංහල නවකතාවකින්, මේ රස විඳ නොමැති වගට පොරොන්දු විය හැක.\u003cbr\u003eඝන කවරයකින් සැරසුණු, අවම මිලකට උපරිම රසයක් සොයන ඔබට මේ පොත් කට්ටලය කිසිසේත්ම මග හැරිය නොහැකි වනු ඇත.\u003c\/p\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"elementor-element elementor-element-b3b762c elementor-widget elementor-widget-wl-single-product-price\" data-id=\"b3b762c\" data-element_type=\"widget\" data-e-type=\"widget\" data-widget_type=\"wl-single-product-price.default\"\u003e\n\u003cdiv class=\"elementor-widget-container\"\u003e\n\u003cp class=\"price\"\u003e \u003c\/p\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":59167410192715,"sku":"9786246743666","price":14.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/Photoroom_20261107_130836.jpg?v=1794058187","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/sheethagni-agni-%e0%b7%81%e0%b7%93%e0%b6%ad%e0%b7%8f%e0%b6%9c%e0%b7%8a%e0%b6%b1%e0%b7%92-%e0%b6%85%e0%b6%9c%e0%b7%8a%e0%b6%b1%e0%b7%92-by-thilini-kodithuwakku","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}