{"product_id":"the-white-tiger-dhawala-wyagraya-ධවල-ව්‍යාඝ්‍රයා-translated-by-somacha-wijesooriya","title":"The White Tiger | Dhawala Wyagraya |ධවල ව්‍යාඝ්‍රයා translated by Somacha Wijesooriya","description":"\u003cp\u003e2008 දී මෑන් බුකර් ත්‍යාගය දිනාගත් අරවින්ද් අඩිගාගේ ‘ද වයිට් ටයිගර්’ ආන්දෝලනාත්මක නවකතාවකි.\u003cbr\u003e‘ධවල ව්‍යාඝ්‍රයා’ නමින් එහි සිංහල පරිවර්තනය මුල් වරට 2010 දී නිකුත්වූ අතර එහි නවතම සංස්කරණය දැන් ඔබට\u003cbr\u003eලබාගත හැකිය\u003c\/p\u003e\n\u003cp\u003eඑවකට 34 වැනි වියෙහි පසුවූ අඩිගාගේ කුළුදුල් නවකතාව අන්තර්ජාතික පැසසුමට ලක්වීම සුවිශේෂ කරුණකි. මෑන්\u003cbr\u003eබුකර් ත්‍යාගය දිනාගත් සිව්වැනි ඉන්දීය ජාතිකයා බවට පත්වනේ ද ඔහුය. මින් පෙර සලමන් රුෂ්ඩි, අරුන්දති රෝයි,\u003cbr\u003eහා කිරාන් දේසායි මේ කීර්තිමත් සම්මානයට හිමිකම් කීහ.\u003cbr\u003eනවීන ගෝලීය ආර්ථිකය හමුවේ නාගරික පන්තීන් හා ඉන්දියාවේ නැඟීමද, ඊට සපුරා වෙනස් ග්‍රාමීය පරිසරයක\u003cbr\u003eවෙසෙන ජනයා දිළිඳුකමින් මිරිකී ජීවිතය සෙවීම ද ධවල ව්‍යාඝ්‍රයා කෘතියට තේමාත්මක පසුබිම සපයයි.\u003c\/p\u003e\n\u003cp\u003eමෙහි කතානායකයා වන බාල්රාම් පැවත එන්නේ පීඩිත කුලහීනපන්තියෙනි. ඔහුගේ පියා රික්ෂෝකාරයෙකි. ඉගෙනීමේ දක්ෂතාවයක් තිබුණ ද ඔවුන්ගේ සමාජ පන්තියේ වටිනාකම් අනුව බාල්රාම්ව තේ කඩයක වේටර් වැඩකට\u003cbr\u003eයැවෙයි. එහෙත් ඔහු අවසානයේ බැංගලෝරයේ ප්‍රවාහන සේවාවක් හිමි සල්ලිකාරයකු බවට පත්වෙයි. මේ ඉරණම්\u003cbr\u003eකරණමට හේතුවන්නේ ඔහු රියැදුරෙකු ලෙස වංශවත් පවුලක සේවයට බැඳීමෙන් පසුවය.\u003cbr\u003eඉන්දියාව බලා එන චීන ජනාධිපතිවරයෙකු වූ ජෙබාඕට බාල්රාම් විසින් ලියන ලිපියක් ලෙසින් කතාවට මුල පිරෙයි.\u003cbr\u003eකතාව යටින් දිවෙන්නේ ඉන්දියාවේ දූෂිත සමාජ දේශපලනික තත්වයේ ස්වභාවයයි.\u003cbr\u003eඅඩිගා වරක් ඒ ගැන මෙසේ පවසා තිබේ. “19 වැනි සියවසේදී ෆ්ලෝබෙයා, බල්සැක් හා ඩිකන්ස් ගේ විනිවිදින\u003cbr\u003eවිචාරශීලි ලිවීම් නිසා එංගලන්ත හා ප්‍රංශ සමාජය වඩාත් හොඳ තැනක් බවට පත්වුණා.”\u003c\/p\u003e\n\u003cp\u003eපරිවර්තන කෘති කෙරෙහි නැඹුරුවූ පාඨකයාට කියවීමේ ආස්වාදය ලැබීමට හා ජීවිතය දැකීමට ‘ධවල ව්‍යාඝ්‍රයා’ මහත්\u003cbr\u003eපිටිවහලක් වනු ඇත.\u003c\/p\u003e\n\u003cp\u003e2021 ජනවාරි මස ‘ද වයිට් ටයිගර්’ චිත්‍රපටයේ ඇමෙරිකාවේ දී මුල්වරට තිරගත කිරීමදු සුවිශේෂ කරුණකි. ප්‍රියංකා\u003cbr\u003eචොප්රා ද මෙහි චරිතයක් රඟපායි NETFLIX ඔස්සේ .””The White Tiger”. චිත්‍රපටය දැන් නැරඹිය හැකිය.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57315715711307,"sku":"978-955-671-055-7","price":10.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-7213.jpg?v=1778788768","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/the-white-tiger-dhawala-wyagraya-%e0%b6%b0%e0%b7%80%e0%b6%bd-%e0%b7%80%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%9d%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f-translated-by-somacha-wijesooriya","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}