නැනී - කතෘ මනෝහාරී ජයලත්
Share
"නැනී එයාට වසියක් දීල වගේ.මේ ළමයට නැනී තමයි ලෝකෙම..මානසික ලෙඩක් හැදෙයි!!" "අක්කේ..ඕගොල්ල කරන මේ වැඩෙන්නේ ළමයෙකුට පිස්සු හැදෙන්නේ.පොඩි එකා නැනීට ආදරේ නම් ඉතිං මොකෝ?අපි පොඩි කාලෙත් ඔහොම්මයි.මතකද මචං... කාටද වැඩියෙම්ම ආදරේ අහනවා..අම්මට අම්මට අම්මට! වෙන එකක් කිව්වොත් අපායේ යයි වගේ..පොඩි කාලේ ඉදන්, බහතෝරන කාලේ ඉදන් ළමයෙකුට ඇත්ත කියන්න දෙන්නෑ.ලොකු මිනිස්සු සන්තෝස කරන උත්තර දෙන්න බල කරනවා.එහෙම තමා කුහකයෝ බෝ කරන්නේ සමාජෙට. අම්මට, බාප්පට, ලොකු අක්කට තමා වැඩියෙම්ම ආදරේ වෙන්ඩ ඕනේ කියල නීතියක් තියෙනවද? ළමයා ආදරේ වෙන්නෙ එයාට හොදටම එන්ටර්ටේන් කරන එක්කෙනාටනේ.ඒකනේ ඔය සමහර ළමයි බල්ලට පූසට ආදරේ වෙන්නෙ..
නැනී -
අංක 123 පිටුවෙන්..