UK Sinhala Poth Kade
Abhidharmaye Mulika Karunu | අභිධර්මයේ මූලික කරුණු by Most Ven. Rerukane Chandrawimala
Abhidharmaye Mulika Karunu | අභිධර්මයේ මූලික කරුණු by Most Ven. Rerukane Chandrawimala
Couldn't load pickup availability
අභිධර්මයේ මූලික කරුණු යන මේ පොත අප විසින් සම්පාදනය කරන ලද්දේ මෙයින්ම අභිධර්මය ඉගැන්වීමට නොවේ. පරමාර්ථ ධර්ම අති ශූක්ෂම බැවින් දුරවබෝධය. එබැවින් මෙම පොත කියැවීමෙන් හා ගුරුන්ගෙන් ඇසීමෙන්ද ඒ ධර්මය උගන්නා තැනැත්තාට නොයෙක් විට වැරදි හැගීම් ඇතිවෙයි. වැරදි හැගීම් ඇතිවීමයයි කියනුයේ පරමාර්ථ ධර්ම වැරදි ලෙස තේරුම් ගැනීමයි. මෙකල අභිධර්මය උගෙනගෙන සිටින අය අතරද බොහෝදෙනා ඇතැම් කරුණු වරදවා තේරුම් ගෙන සිටින බවඔවුන්ගේ කතා වලින්ද ඇතැම් ලියවිලි වලින්ද අපට පෙනුනි. අපට මෙම මොත ලිවීමේ අදහස පහල වූයේද එහෙයිනි. ” – කතෘහිමියන් විසින් තැබූ සටහන ඇසුරිනි.
මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය. ඔබට නිවන් මග ජයගන්නට මනා මාර්ගෝපදේශයක් ලබාදෙන මෙම ග්රන්ථරත්නය කියවා අවබෝධ කරගන්න.
Share
