Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Ahasama Gugura | අහසම ගුගුරා by Sakuni Hatharasinha

Ahasama Gugura | අහසම ගුගුරා by Sakuni Hatharasinha

Regular price £12.99 GBP
Regular price Sale price £12.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

අහසම ගුගුරා කියන්නේ මගේ අවුරුදු කිහිපයක මහන්සියක්. කාලයකට කලින් ඉඳන් sketch කරපු අහසම ගුගුරා මුලින්ම Facebook එකේ කොටස් වශයෙන් පළකරන්න ගත්තේ 2022 පෙබරවාරි 14 ඉඳන්. ඒ වෙනත් නමකින්. ඒත් ඒ නමට වඩා අහසම ගුගුරා කියන නම හොඳයි කියලා හිතුන නිසා කතාවේ කොටස් 5-6 ක් විතර පළකරලා තියන කොට කතාවේ නම වගේම POV එකත් වෙනස් කළා. ඒ වෙද්දි මේඝයක් සේ... සහ වෙරළු මල් නවකතා විතරක් ලියලා තිබුණ මට ඒ තරම් අත්දැකීමක් තිබුණෙත් නෑ. ශිෂ්‍ය දේශපාලනය ගැන කතාවකට පාඨකයෝ කැමති වෙයිද දන්නේ නැති නිසා මම එකට ශෘංගාරාත්මක කොටස් එකතු කරන්නත් තීරණය කළා. ඒක නම් මගේ දඩබ්බර තීරණයක්.

2022 අප්‍රේල් වෙනකොට ගෝල්ෆේස් අරගලය එක්ක ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරවලට ලොකු අවධානයක් එනකොට අහසම ගුගුරා නවකතාවත් පාඨකයෝ අතරේ මම බලාපොරොත්තු නොවූ තරම් ජනප්‍රිය වෙන්න පටන්ගත්තා. මගේ කතාවකට ඒ වන තෙක් ලැබුණු හොඳම ප්‍රතිචාර හිමිවුණා. ඒ වගේම ඒ කාලේ රටේ තිබ්බ දේශපාලන වාතාවරණයත් එක්ක අහසම ගුගුරා නවකතාව ලිවීම නිසා මට යම් යම් පුද්ගලයන්ගේ සහ කණ්ඩායම්වල තර්ජනවලට පවා මුහුණදෙන්න වුණා.

2023 ඉඳන් අවස්ථා කිහිපයකදී අහසම ගුගුරා නවකතාව පොතක් කරන්න උත්සාහ කළත් යම් යම් හේතු නිසා ඒක ප්‍රමාද වුණා. පොතක් කරන්න ආව සමහර ඉල්ලීම් මට ප්‍රතික්ෂේප කරන්නත් වුණා. 2024-2025 කාලයේ මගේ පෞද්ගලික අධ්‍යාපන සහ රැකියා කටයුතු නිසා මම ලිවීමෙන් ඈත්වෙලා ඉඳලා ආයේ ලියන්න පටන්ගත්තේ ගිය වසරේ මැද භාගයේ ඉඳන්. නොලියා හිටපු කාලයේ අලුත් කතා නොලිව්වට අහසම ගුගුරා නැවත නැවත සංස්කරණය කරමින් කතාව සෑහෙන දුරට වෙනස් කළා.

කිහිප වරක්ම අතහැර දාපු හීනයට මට ආයේ පාර කිව්වේ චේති අක්කා. කතාවේ කිසිම කොටසක් අඩු නොකර, කතාවේ එන මතභේදකාරී කොටස් පවා ඉවත් නොකර, පැවතුණු දේශපාලන තත්ත්වය නිසා Facebook එකේ පළනොකළ කොටස් එක්කම අහසම ගුගුරා සම්පූර්ණ කතාව පොතක් කරන්න චේති අක්කා කැමති වුණේ එකම එක call එකකින්. මම අහස් ප්‍රකාශන එක්ක පොතක් කරපු මුල්ම වතාව. පොත සම්බන්ධව හොඳ මඟපෙන්වීමක් එක්ක, අඩුපාඩු හදාගෙන පොත සංස්කරණය කරගන්න චේති අක්කාගේ ගුරුහරුකම් එක්ක පුළුවන් වුණා. මගේ හීනය මල්ඵල ගැන්වීම වෙනුවෙන් මම චේතනා අක්කාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා 💐

ඒ වගේම අහස් ප්‍රකාශන කණ්ඩායමත් මගේ රුචි-අරුචිකම් එක්ක පොත සංස්කරණය කරලා දීම වෙනුවෙන් එරන්දි චතුරංගනී සහ කාවින්ද්‍යා රත්නායක අක්කාටත් බොහොම ස්තූතියි 💐💐

අහසම ගුගුරා පොතක් කරන්න හීන දැකපු දා ඉඳන් පොතේ cover එක කරගන්න බලාපොරොත්තු වුණේ ප්‍රදීප් ප්‍රේමලාල් අයියාගෙන්. හිතපු විදියටම ලස්සන cover එකක් අහසම ගුගුරා වෙනුවෙන් නිර්මාණය කරපු ප්‍රදීප් අයියාටත් බොහොම ස්තූතියි 💐

මගේ පළවෙනි සහ දෙවනි නවකතා පොත් දෙකම මුද්‍රණය කරපු පාරමී ප්‍රින්ටර්ස් ආයතනයෙන්ම අහසම ගුගුරා පොතත් ලස්සන නිමාවකින් මගේ අතට ලැබුනා. ඒ වෙනුවෙන් පාරමී ප්‍රින්ටර්ස් ආයතනයේ රංග හෙට්ටිආරච්චි අයියාටත් බොහොම ස්තූතියි 💐

මගේ පවුලේ අය, හිතවතුන් වගේම ඊයේ (2026.05.17) දින අහස් ප්‍රකාශන හමුවට පැමිණි සියලුදෙනාටත් බොහොම ස්තූතියි 💐 විශේෂයෙන් මම වෙනුවෙන් නොදන්වාම ආව දීප්ති අක්කා, ගගනි අක්කා, චන්දිමා අක්කා, පුෂ්පා ආන්ටි, මහේන් අංකල් වගේම මධුෂිකා රාමනායක අක්කාටත් බොහොම ස්තූතියි 💐 ඒ වගේම ඒ මොහොතේ විශේෂ අවස්ථා ඡායාරූපගත කළ පවිත්‍රා සමරසිංහටත් විශේෂ ස්තූතියක් හිමිවෙන්නම ඕනේ 💐

අවසන් වශයෙන් මගේ ලිවීම් හැමදේකටම මට ලොකු පිටුබලයක් වෙන, ලියන්න බෑ කියන වෙලාවට මාව ධෛර්යමත් කරලා ආයේ මාව track එකට ගේන, මගේ හැම ලිවීමකම අඩුපාඩු පෙන්වලා දෙන, මගේ ලොකුම influencers ලා දෙන්නාවත් අමතක කරන්න බෑ. තියන වැඩ හැමදේම පැත්තකින් තියලා මගේ පොත වෙනුවෙන් දවස් දෙකක්ම කැපකරපු ශාමින්දි විජේසිංහටත්, එන්න ලැබුණේ නැති නිසා තාමත් නහයෙන් අඬන නර්මදා මුතුගලටත් බොහොම ස්තූතියි 💐💐

අහසම ගුගුරා කියවපු, ඒ වෙනුවෙන් අදහස් දක්වපු, පොත ඇණවුම් කරපු සහ ඇණවුම් කරන්න ඉන්න ඔයාලා හැමෝටමත් බොහොම ස්තූතියි 💐

සකුනි හතරසිංහ

View full details