UK Sinhala Poth Kade
Asamasama Jeewithayak | අසමසම ජීවිතයක් by Saman Kaluarachchi
Asamasama Jeewithayak | අසමසම ජීවිතයක් by Saman Kaluarachchi
Couldn't load pickup availability
“ඔබේ ජීවිතයේ වටිනාම දින දෙකක් පවතී. පළමුවැන්න ඔබ ඉපදුනු දිනයයි. දෙවැන්න නම් ඔබ ඉපදුනේ ඇයි ද යන්න ඔබ වටහා ගත් දිනයයි” (“The two most important days in your life are the day you are born and the day you find out why”) ලෝක ප්රකට ඇමරිකානු ලේඛක මාර්ක්ට්වේන් කීවේය.
ජීවිතයේ අවසාන භාගයේ දී බොහෝ දෙනා පසුතැවිලි වන කරුණු කාරණා කිහිපයක් තිබේ.
ජීවිත කාලයෙන් සෑහෙන කොටසක් රාජකාරිය පමණක්ම වැය නොකළා නම්!
මගේ සැබෑ හැඟීම් (feelings) පිට කරන්නට තරම් ධෛර්යයක් මට තිබුණා නම්!
අනුන්ගේ සිහින පසුපස හඹා නොයා එනම් අනුන් තමන් වෙතින් බලාපොරොත්තු වූ කරුණු කාරණා ඉටු කරන්නට කාලය මිඩංගු නොකර තමන්ගේ සැබෑ ජීවිතය සොයා ගෙන යන්නට තරම් (true to myself) ධෛර්යයක් තිබුණා නම්!
මිතුරන් සමග මීට වඩා සම්බන්ධතාවක් පවත්වා ගෙන යන්නට තිබුණා නම්!
ජීවිතය සතුටින් තබා ගන්නට මීට වඩා මහන්සි වුණා නම්!
මතු යම් දිනයක දී බොහෝ දෙනෙකුට ඔබ මතකයක් පමණක්ම වනු ඇත්තේය. ඒ මතකය ආදරණීය මතකයක් බවට පත් කරගන්නට උත්සාහ ගන්න.
එවන් ආදරණීය මතකයක් ඉතිරි කළ හැකි වන්නේ යහපත් මිනිසෙකු ඔබ තුළින් නිර්මාණය කර ගැනීමෙනි.
මෙම කෘතිය ඊට අත්වැලක් සපයන්නේය.
ළමා කාලයේදී ඔබ සිහින දුටු වැඩිහිටියා ඔබම වන්න!
BE THE ADULT YOU NEEDED AS A CHILD
Share
