UK සිංහල පොත් කඩේ
Awasan Sebala | අවසන් සෙබළා by Sujith Chaminda Edirisinghe
Awasan Sebala | අවසන් සෙබළා by Sujith Chaminda Edirisinghe
Couldn't load pickup availability
පුෂ්ප කුමාර නම් සැරයන්වරයා අණදෙන නිලධාරී හමුවේ කිසියම් ඉල්ලීමක් සිදු කළේය. ඔහු පසු දින ඇරඹීමට නියමිතක්රියා න්විතයේ මුලින්ම පස් බැම්ම තරණය කරන ඛණ්ඩයේ තීරණාත්මකම කාර්යභාරය සිදුකරන පුද්ගලයා විය.
“මට සර් එක්ක සිගරට් එකක් බොන්න ආසයි.”
සැරයන්වරයාගේ එම අනපේක්ෂිත ඉල්ලීම හමුවේ එහි සිටි සියලු දෙනා තුළ ඇති කළේ තිගැස්මකි. විශේෂයෙන්ම අණදෙන නිලධාරී ඉදිරිපිට දුම්වැටියක් පානය කිරීමට එහි සිටින නිලධාරීන් පවා ඉදිරිපත් නොවන තත්වයක් තුළ සැරයන්වරයාගේ එවැනි හැසිරීමක් ඔහුට තරම් නොවන බව සැමගේ අදහස විය. එසේම, එය අණදෙන නිලධාර්ගේ නිසැක උදහසට ද ලක්විය හැකි බැව් ඔවුහු සිතූහ. නමුත්, සිදුවූයේ අනෙකකි. සැරයන්වරයාගේ එම ඉල්ලීමට අණ දෙන නිලධාරී දැක්වූයේ නිහතමානී අනුකූලතාවයකි. හෙතෙම තමා සන්තකයේ වූ සිගරැට් පැකට්ටුව වහාම ඔහු වෙතදිගු කළේය. ඒ සමඟම එහි සිටි සෙසු පිරිසට ද සිගරැට්ටුව බැගින් ලබාදුන් ඔහු තමන් සතුව තිබූ ගිනිපෙට්ටියකින්ම සැරයන්වරයාගේ සිගරැට්ටුව දල්වා ලන්නට ද කටයුතු කළේය.
මෙවන් මොහොතක ඔහුගේ වම හැසිරීම පිළිබඳ අණදෙන නිලධාරී තුළ ඇති කළේ ව්යාකූලත්වයකි. ඉදිරි ක්රියාන්විතයේ පවතින නිසැක අවදානමේ තරම ඔහු හොඳින් දැන සිටියේය. සැරයන්වරයා තම ජීවිතය පිළිබඳ කිසියම් අවිනිශ්චිත පණිවුඩයක් ඒ හරහා ලබා දෙන්නේ දැයි ඔහුට සිතිණ. එබැවින් තවදුරටත් ඔහුව එම කටයුත්තට යොදවන්නට තරම් හිතක් අණදෙන නිළධාරී හට නොවීය. නමුත් ඒවන විට ක්රියාන්විතය සඳහා අවසන් නියෝග නිකුත්කර තිබූ පසුබිමක වම සැරයන්වරයා වෙනුවට වෙනත් අයකු ආදේශ කිරීමටද ඔහුට හැකියාවක් නොවීය.
එදින උදෑසන සිදුවූ ඉහත සිදුවීම පිළිබඳ මතක අණදෙන නිලධාරීන්ගේ සිත බලවත් සේ පෙළන්නට විය. ඒ වන විට ක් රියා න්විතය අවස න්ව ගතවී තිබුණේ හෝරාවකටත් අඩු කාලයකි. ස ට නෙහි ජයග්රහණය හ මුදා භ ට පිරිස වෙත හිමිව තිබුණ ද සමස්ථයක් ලෙස ඒ වෙනුවෙන් ගෙවූ වන්දිය සුළු පටු නොවීය. වෙ ඩි බෙ හෙත් සුවඳ මුසු වූ ගිනි ගැහුණු භූමියේ තැන තැන වැටී ඇති උණුසුම් රු ධි ර බිඳු ස ට නෙහි බිහිසුණු බව මැනවින් පෙන්නුම් කළේය. අණ දෙන නිලධාරී තම දෙපා අබිමුව වැහි කබායකින් එතු යමක් සෙමෙන් විවර කරන්නට වූයේය. සැරයන් පුෂ්ප කුමාරගේ අ ස ම්පූ ර්ණ සි රු රු කො ටස් එහි විය. පෙරදා තමා සමග ඔහු ඉරූ සිගරුට්ටුවේ සුවඳ ඒ මොහොතේ ද ඔහුගේ නැහැපුඩු අතරට දැනී නොදැනී යන්නට විය.
Share

