Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Buddha Neethi Sangrahaya | බුද්ධ නීති සංග්‍රහය By Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero

Buddha Neethi Sangrahaya | බුද්ධ නීති සංග්‍රහය By Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero

Regular price £0.00 GBP
Regular price Sale price £0.00 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

බුදුන් වහන්සේ විසින් ප්‍රකාශිත නීති අතර සුදුප දේශ ම මිස එක දුරුපදේශයකුදු නැත. කෑම පීම, පා සේදීම , මුව සේදීම, නෑම, මල මුත්‍ර පහකිරීම, කෙල ගැසීම ආදී සුලු කරුණු වලදී පිලිපැදිය යුතු උපදෙස් පවා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර තිබේ. එබැවින් බුද්ධ නීතිය සර්වාංග සම්පූර්ණ නීතියක් බව කිව යුතුය. සුපරිශුද්ධ බුද්ධ නීතිය උගෙන එයට අනුව පිලිපදින්නා‍ වූ තැනැත්තා තමාගේ උභය ලෝකාර්ථය ම සිදුකරගන්නේය. පරාර්ථයද සිදු කරන්නේය.

බුද්ධ නීතිය උභය ලෝකාර්ථ සාධක වූ සකලාංග සම්පූර්ණ වූ පාරිශුද්ධ නීතියක් උවද එය එක්තැන් නොවී පාලි සාහිත්‍යයේ විසිරී පවත්නක් වී තිබෙන බැවින් හැමදෙනාටම එයින් ප්‍රයෝජනයක් ගත හැකි වී තිබේ. එබැනිව් බෞද්ධයෝ සුපරිශුද්ධ බුද්ධ නීතිය තිබියදී නීති ශාස්ත්‍රය උගැනීමට හිතෝපදේශ, පංචතන්ත්‍ර ආදී අබෞද්ධ ග්‍රන්ථ භාවිතයට පටන් ගත්හ. බෞද්ධයනට සුපරිශුද්ධ බුද්ධ නීතිය  පහසුවෙන් ඉගැනීමට ක්‍රමයක් නැතිකමේ පාඩුව නොයෙක් වර අපිට පෙනුන බැවින්  බුද්ධ නීති සංග්‍රහය නැමැති ග්‍රන්ථය සම්පාදනය කිරීමට අප සිත නැමිණ.” යැයි කතෘ ස්වාමීන් වහන්සේ විදින් මේ ග්‍රන්ථය හදුන්වා දී ඇත.

බුද්ධනීතිය යනු ලෝක පාලන නීති වන හෙයින් බටහිර නීති, හෝ වෙනයම් නීති ක්‍රමයක් මගින් මෙන් කිසිවෙකුට අසාධාරණයක්, අපහාසයක්, සිත් රිදවීමක් නොවේ. බුද්ධ නීතිය පාරිසරිකය, බුද්ධ නීතිය ස්වයං විනයක්ය. කිසිවෙකු හිරකර නොතබන්නකි. නිවන් මගේ ගමන්කරන්නෙකුට සිය ආත්මය පාලනය කල හැකි මනා මාර්ගෝපදේශයක් මෙමගින් සපයනු  ඇත.

සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට බුද්ධ නීතියට පිවිසෙත්වා …

View full details