Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Chai | චායි by Thisarni D Nirmani

Chai | චායි by Thisarni D Nirmani

Regular price £9.99 GBP
Regular price Sale price £9.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

එකෝමත් එක උණුසුම් රටක සීතලම සීතල කඳුකරයක තමා මං ජීවත් වුණේ. කඳුකරය කියන්නේ සීතලට පිස්සු වැටිච්ච මිනිස්සුන්ගේ එහෙම නැත්තම් ඒ සීතලට විතරක් අනුවර්තනය වෙච්චි ජීවින්ගේ අභයභූමිය. ඒ සීතල ඇතුළේ නිළලත් ජීවිත වගේම නිල නොලත් ජීවිතත් තියෙනවා. පාට පාට සමනලයගේ ඉඳලා රෞද්ර වන සතා වෙනකම් හැමෝටම මේ කඳුකරය අයිතියි. කඳුකරය කියන්නෙම රහස් වලින් පිරිච්ච ගුප්ත වංකගිරියක් වගේ තැනකට....

නම කියන්න දන්නේ නැති කඳු දෙකක් මැද්දේ තියෙන පුංචි කන්දක සානුවක ඉඳලා පොළොවේ හැදිච්ච කහ පාට තාරකා මල් දිගේ පියාඹන සුදුපාට සමනලයෙක් දිහා මං බලාගෙන හිටියා. එකම කාල රටාවකට තටු උඩට පහළට ගන්න සමනලයාගේ කහ පාට මැද්දේ සුදු පාට තීරු තිබුණා. මං හිතන්නේ එයා ''මොනාච්” වර්ගයේ සමනලයෙක් කියලා...

මං ඈත කඳුකරය පුරා විහිදුන තේ යාය දිහා ඇස් උස්සලා බැලුවා. ලොකු හුස්මක් ගත්තා. මේ හුලඟ මැද්දෙන් මට තේ ගස්වල සුවඳ වෙනමම අඳුරගන්න පුළුවන්.

තේ ගස්වල හෙවන අස්සේ තේ මල් වල සුවඳේ පැටලිලා තේ දළු වලින් තමා අපි ජීවත් වුනේ. ඒ සුවඳ ආත්මයටම සම්බන්ධයි. තේ එකෙන් එන ඒ කහට රස තමා මගේ ජීවිතේ ජීවත් කෙරෙව්වේ.

View full details