Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Deperamunaka Satan | දෙපෙරමුණක සටන් by Major General Dhammi Hewage

Deperamunaka Satan | දෙපෙරමුණක සටන් by Major General Dhammi Hewage

Regular price £10.49
Regular price £13.99 Sale price £10.49
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

දෙපෙරමුණක සටන් | මේජර් ජෙනරල් ධම්මි හේවගේ

එක්වරම අපගේ පැත්තෙන් 40 මි.මී. රොකට් ලෝන්චරයකින් බෝම්බයක් කලපුවේ ඉදිරියට ලෝන්ච් වී පුපුරා ගියේ පළාතේ තිබූ නිහැඬියාව අවසන් කරමිනි.

''ඒයි කව්ද යකෝ...” මම මිමිනුවේ ආයාසයකින් තොරවමය.

ඒ සමගම ඉදිරියේ සිටි ත්‍රස්තයින්ගේ වෙඩි සටන ආරම්භ වූ අතර එය රයිෆල් උණ්ඩ, මෝටාර්, අරූල් ආදී සෑම වර්ගයකින්ම බැව් ක්ෂණයකින් වැටහුණි. කලපුව එකම මල්වෙඩි සන්දර්ශනයක් බවට පත්වෙත්දි අපගේ කන් පමණක් වතුරෙන් උඩ තබාගෙන (වතුරට වැටී පුපුරන බෝම්බ වලින් කන් ආරක්ෂා කර ගැනීමට) අපේ ප්‍රති ප්‍රහාර ඇරඹුවේ අණකින් තොරවය.

"බුදු අම්මෝ....” ඒ හඬ මමත් ධර්මදාසත් ළඟින්ම සිටි ''චාලි” බලගණයේ සාමාන්‍ය සෙබළ ප්‍රසන්න කුමාරගේය. ඔහු වැටෙද්දීම මම වම් අතින් ඔහුගේ කිහිල්ලට අත දමා වත්තම් කරගත්ගේ අනිත් පැත්තේ සිටි ධර්මදාසගේද සහාය ඇතිවය. දැන් අප තුන්දෙනාට පිටුපසින් කොටුව දක්වා කිසිවකු නැත. සියලු දෙනා තම තමාගේ සටනේ යෙදෙමින් මංඩතිව් දක්වා යමින් සිටී. මා සිතට දැඩි පාලුවක් හා තනි වූ බවක් දැනුණ අතර ෂොට් එකක් වැදුණොත් කලපු වතුර බී වතුරේම මියයන්නට වන බව සිහිපත් විය.

“ධර්මේ ඉක්මනට පනිමු... පුළුවත් තරම් පහත් වෙලා යමං.”

අප දෙදෙනා කෙදිරිගාන ප්‍රසන්න කුමාරද ඇදගෙන ඉදිරියට ගිය ආකාරය විස්තර කිරීමට මතකයක් නැත. කෙසේ හෝ වෙඩි තබමින් සටනේ යෙදෙන කීප දෙනෙකු පසු කරන්නට අප සමත් විය.

 

View full details