UK Sinhala Poth Kade
Gamperaliya | ගම්පෙරළිය by Martin Wickramasinghe
Gamperaliya | ගම්පෙරළිය by Martin Wickramasinghe
Couldn't load pickup availability
සේවකයා මිනී කාමරයෙහි දොර හැර ඉවතට වී තමා අතෙහි වූ පහන, කාමරයෙහි උස් කොට තනන ලද පිල් කඩ උඩ තිබුණ මළ කඳන් දෙක දෙසට හැරෙවුවේ ය. ගෝනි දෙකක් තුළ දමන ලද කෙසෙල් කැන් දෙකක් සේ දළ රෙදි කඩ දෙකක් ඔතන ලද මළ කඳන් දෙකෙහි මුහුණු ද හිස් ද පහන් එළිය නිසා නන්දාට පෙනිණ. එයින් එක මළ කඳක බුරුසුවක කළු අශ්ව කෙඳි සිහි කරවන දළ රවුළකින් ද වැසුණ මුහුණ නන්දා වහා හැඳින ගත්තා ය. ඒ මළකඳ හැඳින ගත් ඇගේ දෙනෙතින් කඳුළු ගැලූ නමුත් ඈ තම හද තුළ වූ තියුණු වේදනාව හා කම්පනය ද දැක්වෙන අනිත් පිටත්තර ලකුණකුදු නොකොට බිත්තියට අත ගසා ගත්තා ය.
"දොස්තරට වැරදිලා, අපේ මහත්තයා කොළඹ නැති නම් දියතලාවේ සනීපෙන් ඇති" යි රියකරු සිනාසෙමින් කීවේ ය.
"ඔව්- අපි යං"
නන්දා තව වරක් මළකඳෙහි මුහුණ බලා කරබා ගෙන දෙනෙතට නැඟුණු කඳුළු පිස දැමුවා ය.
ගම්පෙරළිය ඉතා උසස් මට්ටමින් රසවිදිය හැකි ගද්‍ය කාව්‍යක් ලෙස හැදින් විය හැකි.ගම්පෙරළිය විවිධ මට්ටමින් රසවිදිය හැකි සංකේත භාවිතය නිසා සංකීර්ණ කලාත්මක ලක්ෂණ ගැබ් වූ උසස් ගද්‍ය කාව්‍යක් ඇත තත්වයට පත්වේ.කලාත්මක අයුරින් සංවිධානාත්මක ලෙස සංකේත භාවිතය නවකතාවට හදුන්වා දීමට වික්‍රමසිංහ සිංහලයෙන් ගත් පළමු උත්සාහය සාර්ථක වී ඇත.
Share
