Skip to product information
1 of 2

UK සිංහල පොත් කඩේ

Gedara Yana Atharamaga | ගෙදර යන අතරමග | Little House | by Ganga Niroshani Suduvalikanda

Gedara Yana Atharamaga | ගෙදර යන අතරමග | Little House | by Ganga Niroshani Suduvalikanda

Regular price £4.99 GBP
Regular price Sale price £4.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

1894 වසරේදී ලෝරා ඉන්ගල්ස් සහ වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සහ ඔවුන්ගේ කුඩා දියණිය රෝස් සමඟ දකුණු ඩකෝටාවේ, ඩි ස්මෙට් නගරයේ ජීවත් වූ නිවස අතහැර දමා මිසුරියේ මෑන්ස්ෆීල්ඩ් ප්රදේශයේ පදිංචියට ගියාය. අවුරුදු හතක් පුරා වර්ෂාව ලැබී තිබුණේ ඉතා අල්ප වශයෙන් වූ අතර අස්වැන්නක් අස්වැන්නක් ගානේ නිසරු වී ගොස් තැනිතලා දූවිලි ගොඩවල් බවට පත්වී තිබිණි. වයිල්ඩර් පවුල ඔවුන්ගේ බඩුමුට්ටු ගැල පටවා ගෙන, නෑදෑ හිතවතුන්ගෙන් සමුගෙන, මිසුරියේ අලුත් ජීවිතය පටන් ගැනීමේ බලාපොරොත්තුවෙන් ගමන් ආරම්භ කළහ.

ලෝරා ඒ ගමන් විස්තර දිනපොතක ලීවාය. මේ, ජීවිතයේ ඉතිරි කාලය පුරා සදාකාලික සතුටු ලබා දෙනු ඇති අලුත් නිවසක් සොයා දින 45ක කාලයක් තිස්සේ සැතපුම් 650ක දුරක් ගෙවා ගිය ඒ ගමනේදී ඈ ලියූ දින සටහන් පෙළයි

View full details