Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Kandyan Wars| Kanda Udarata Satan | කන්ද උඩරට සටන් translated by Premachandra Alwis

Regular price £9.99 GBP
Regular price Sale price £9.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

බ්‍රිතාන්‍යයන් කන්ද උඩ රට ආක්‍රමණය සඳහා දරූ ප්‍රයත්නයේදී ඔවුන් හා කන්ද උඩ රට සිංහලයන් අතර කලක් තිස්සේ පැවතුන් සටන් පිළිබඳ ඓතිහාසික කරුණු අළලා

බ්‍රිතාන්‍යයන් කන්ද උඩ රට ආක්‍රමණය සඳහා දරූ ප්‍රයත්නයේදී ඔවුන් හා කන්ද උඩ රට සිංහලයන් අතර කලක් තිස්සේ පැවතුන් සටන් පිළිබඳ ඓතිහාසික කරුණු අළලා ජෙයාෆ්‍රී පවල් නැමැති ඉංග්‍රීසි ජාතික ලේඛකයා අතින් ඉතා මෑත එකවානුයකැදි KANDYAN WARS යනුවෙන් ලියවුණු ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය “කන්ද උඩ රට සටන්” නමින් අපි මෙසේ ඔබ අතට පත් කරමු. ඉංග්‍රීසි කෘතිය ජෙයාෆ්‍රී  අතින් සම්පාදනය වී ඇත්තේ ඔහු සිදු කළ ඉතා පුළුල් ගවේෂණයක් ප්‍රතිඵලයක් වශයෙන් බව මේ පොත කියැවීමේදී ඔබට වැටහෙනු නිසැකය.

බ්‍රිතාන්‍යයන්ගේ ආක්‍රමණය පිළිබඳ ප්‍රකට ඓතිහාසික කරුණු පාඨකයා වෙත ඉදිරිපත් කිරීමට වඩා ශ්‍රී ලාංකික හා විදේශීය විද්වතුන් ඒ ආක්‍රමණය සම්බන්ධයෙන් යම් යම් අවස්ථාවවලදී පළ කළ මත හා දරූ ආකල්ප පාඨකයා හමුවෙහි තැබීම ඉංග්‍රීසි පොතේ කතුවරයාගේ අභිප්‍රාය වී ඇති බව පැහැදිලිය. ලංකාවේ ආණ්ඩුකාරවරයා හෙබැවූ ප්‍රෙඩ්‍රික් නෝර්ත් හා බ්‍රවුන්රිග් බ්‍රිතාන්‍ය රජය වෙත පවා අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් කන්ද උඩ රට ආක්‍රමණයේ අවශ්‍යතාව අවධාරණය කළ ආකාරයත් “කන්ද උඩ රට ජනතාවට ඔවුන්ගේ පාඩුවේ ඉඩින්ට ඉඩ දිය යුතුය” යන සාමකාමී ආකල්පයක් දැරූ තෝමස් මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා ඔහුගේ දුර කාලය අවසානයේ පෙරළා සිය රට ගිය පසු බ්‍රිතාන්‍ය රජයට පවා එසේ නිර්දේශ කළ ආකාරයත් මෙහි දැක්වෙයි.

සිය ආක්‍රමණයේදී බ්‍රිතාන්‍යයන් කන්ද උඩ රට ප්‍රදේශවල සිදු කළ මිනිස්සු මිනීමැරුම් හා අතිමාත්‍ර දේපල විනාශය කොතරම්ද යන්න වග බ්‍රිතාන්‍යයන්ගේ දහ නව වැනි පාලබල සේනාංකයෙ සෙබළකුගේ ම මුවින් පිට වී ඇති මේ වදන කිහිපයෙන් ම තහවුරු වෙයි: “මා සේවයෙන් මුදා හළ පසු මට උරුම වන ඉරණම මංපහරන්නකු බවට පත් වීම ය. ඒ අනෙකක් නිසා නොව, අපගේ මිනිසුන් අතින් මහනුවරදී සිදු වූ දේ දැකීමෙන් පසු මිනිසෙකුගේ ජීවිතය ඔහුගෙන් පැහැර ගැනීම ඉතා ම පහසුවෙන් කළ හැකි තත්වයට මගේ හිත හැද ගැසීම නිසා ය.”

ත්‍රි පවල් නැමැති ඉංග්‍රීසි ජාතික ලේඛකයා අතින් ඉතා මෑත වකවානුවකදි KANDYAN WARS යනුවෙන් ලියවුණු ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය “කන්ද උඩ රට සටන්” නමින් අපි මෙසේ ඔබ අතට පත් කරමු. ඉංග්‍රීසි කෘතිය ජේ්‍යාත්‍රි පවල් අතින් සම්පාදනය වී ඇත්තේ ඔහු සිදු කළ ඉතා පුළුල් ගවේෂණයක් ප්‍රතිඵලයක් වශයෙන් බව මේ පොත කියැවීමේදී ඔබට වැටහෙනු නිසැකය.

බ්‍රිතාන්‍යයන්ගේ ආක්‍රමණය පිළිබඳ ප්‍රකට ඓතිහාසික කරුණු පාඨකයා වෙත ඉදිරිපත් කිරීමට වඩා ශ්‍රී ලාංකික හා විදේශීය විද්වතුන් ඒ ආක්‍රමණය සම්බන්ධයෙන් යම් යම් අවස්ථාවවලදී පළ කළ මත හා දරූ ආකල්ප පාඨකයා හමුවෙහි තැබීම ඉංග්‍රීසි පොතේ කතුවරයාගේ අභිප්‍රාය වී ඇති බව පැහැදිලිය. ලංකාවේ ආණ්ඩුකාරවරයා හෙබැවූ ප්‍රෙඩ්‍රික් නෝර්ත් හා බ්‍රවුන්රිග් බ්‍රිතාන්‍ය රජය වෙත පවා අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් කන්ද උඩ රට ආක්‍රමණයේ අවශ්‍යතාව අවධාරණය කළ ආකාරයත් “කන්ද උඩ රට ජනතාවට ඔවුන්ගේ පාඩුවේ ඉඩින්ට ඉඩ දිය යුතුය” යන සාමකාමී ආකල්පයක් දැරූ තෝමස් මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා ඔහුගේ දුර කාලය අවසානයේ පෙරළා සිය රට ගිය පසු බ්‍රිතාන්‍ය රජයට පවා එසේ නිර්දේශ කළ ආකාරයත් මෙහි දැක්වෙයි.

සිය ආක්‍රමණයේදී බ්‍රිතාන්‍යයන් කන්ද උඩ රට ප්‍රදේශවල සිදු කළ මිනිස්සු මිනීමැරුම් හා අතිමාත්‍ර දේපල විනාශය කොතරම්ද යන්න වග බ්‍රිතාන්‍යයන්ගේ දහ නව වැනි පාලබල සේනාංකයෙ සෙබළකුගේ ම මුවින් පිට වී ඇති මේ වදන කිහිපයෙන් ම තහවුරු වෙයි: “මා සේවයෙන් මුදා හළ පසු මට උරුම වන ඉරණම මංපහරන්නකු බවට පත් වීම ය. ඒ අනෙකක් නිසා නොව, අපගේ මිනිසුන් අතින් මහනුවරදී සිදු වූ දේ දැකීමෙන් පසු මිනිසෙකුගේ ජීවිතය ඔහුගෙන් පැහැර ගැනීම ඉතා ම පහසුවෙන් කළ හැකි තත්වයට මගේ හිත හැද ගැසීම නිසා ය.”

View full details