Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Lamuthu Amaya | ළමුතු අමයා by Surath De Mel

Lamuthu Amaya | ළමුතු අමයා by Surath De Mel

Regular price £5.49 GBP
Regular price £7.99 GBP Sale price £5.49 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

ළමුතු අමයා’ ළමා පොතක් නොව ළමයෙකුගේ සැබෑ සිතිවිලි පිළිබඳ උපහාසාත්මක හා යථාර්ථවාදී නවකතාවකි.

“ළමා කතා කියා ජාතිකයක් තියෙනවා නේද? ඒ හැම එකකම තියෙන්නෙ ‘හොඳ ළමයෙක් වෙයන් පුතේ’ කියන පණිවිඩය. මට එකක් කියන්න ඕන. මට අමුතුවෙන් හොඳ වෙන්න උවමනාවක් නෑ. මම කොහොමටත් හොඳයි. වැඩිහිටියන්ගෙ තියෙන ලොකුම ප්රශ්නෙ මොකද්ද දන්නවද? ලොකු වෙනකොට පොඩි කාලේ අමතක වෙන එක.

පොඩිකමේ වාසියක් තමයි වැඩිහිටියෝ බය වෙන දේවලට අපි බව නොවෙන එක. අවාසිය තමයි එයාලා බව නොවන දේවලට අපි බව වෙන එක. ළමයෙක් වුණාම ඕන දෙයක් නොවැටහුණා වගේ ඉන්න පුළුවන්. අවාසනාවකට ගොඩක් ළමයින්ට ඒක වැටහෙන්නෙ නෑ.

වැඩිහිටියෝ බලාගෙන ඉන්නේ එයාලා කියන කරන දේවල් තේරුම් යන තරමට අපි උස්මහත් වෙනකම්. අපේ තරමට ඇවිත් අපිව වටහා ගන්න එයාලා නෙමෙයි උත්සාහ කරන්නේ. මේ පොතේ තියෙනවා මෙතෙක් මානවයා ගැන හෙළි නොවුණු රහස්. විශේෂයෙන්ම ළමයා කියන පොඩි සතා ගැන

View full details