Skip to product information
1 of 2

UK සිංහල පොත් කඩේ

Melin Madure Palikawa | මෙලින් මැදුරේ පාලිකාව by Victoria Halt | Translated by I. K . Jinadasa

Melin Madure Palikawa | මෙලින් මැදුරේ පාලිකාව by Victoria Halt | Translated by I. K . Jinadasa

Regular price £7.99
Regular price Sale price £7.99
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

තමන්ටම කියා ජීවන මාර්ගයක් නොමැති කුලකාන්තාවකට විවාහයක් කරගන්නටත් නොහැකි නම් කළ හැකි එකම දේ වංශවත් ධනවත් සිටු මැදුරක පාලිකාවක් වශයෙන් හෝ සහචාරිකාවක් වශයෙන් රැකියාවකට යෑම යැයි ඇඩ්ලේඩ් නැන්දා මාර්තා ලී ට කීවාය.
ඒ අනුව ඇය කොන්වෝල්හි මවුන්ට් මෙලින් මැදුරට ආවේ මව නැති, පියාගේ ආදරයක් නැති හිතුවක්කාර කෙල්ලක් බලාගැනීමටය. දැරියගේ මව අන් පුරුෂයෙකු සමග පැන යන්නට උත්සහ කරද්දී මහා දුම්රිය අනතුරකින් දෙදෙනාම පිළිස්සී මිය ගියේ යැයි ප්රසිද්ධව තිබුනද, එසේ මිය ගියේ ඇලිස් යැයි ගමේ බොහෝ දෙනෙක් විශ්වාස කළේ නැත.
ඒත් ඇලිස් ඔබ කොහේද ? මාර්තා ලී ට මේ සිදුවන්නේ කුමක්ද ?

View full details