UK Sinhala Poth Kade
Pawuru Binda | පවුරු බිඳ by Randika Kadawatharachchi
Pawuru Binda | පවුරු බිඳ by Randika Kadawatharachchi
Couldn't load pickup availability
මම ගෙයින් එළියට විත් කිරිහට්ටිය ගෙන, කමිසය ඇඟලා ගතිමි. ගේ පිටුපසින් කුඹුක් ලිඳ පැත්තට හැරුණෙමි. ලොකු අක්කාගේ විලාපය තාම ඇසෙයි. ඉඩමට උඩින් වෙනදා නැති හිරු එළියක් පතිත වෙයි. මම කන්ද දෙස බලුවෙමි.
දෙවියනේ.. ගෝරකා ගහ!
අතු දසත විහිදා මුළු ගමේම රජකම්කළ ගෝරකා ගස සිහසුන හැරදා මහ පොළොව සිපගෙන ඇත. අසීමාන්තිකව මා ආදරයකළ යමක්වේද ඒ මේ ගෝරකා ගසයි. මගේ ජීවිතයේ දුක් කඳුළු, බඩගින්න දරා සිටින්නට මට දිරිදුන් මගේ හිතවතාය. මම ගෝරකා ගස දෙස නොබලාම කුඹුක් ලිඳ ළඟට ගියෙමි.
මගේ ඇසින් වැටුණු කඳුළු බිඳු දෙකක් කුඹුක් ලිඳට වැටී කඳුළු බිඳුවල බරට කුඹුක් ලිඳ බොරවී පිටාර ගලන්නට විය. විමලාවතී නැන්දාගේ ගෙට පියනගින පඩිපෙළ දිගේ ගොක්කොළ වැල් එල්ලා ඇත.
"මේ මොකද මේ..?"
මම කිරි හට්ටියත් තුරුළු කරගෙන ගෙමිදුලට දිවවෙමි. මිදුලේ ගම්මු පිරිසක් ගොක්කොළවලින් මල් වඩමක් තනමින් සිටියෝය. මං එක පිම්මට ගේ තුළට දිවවෙමි.
විමලාවතී නැන්දා මඳ සිනාවකින් මුව සරසාගෙන ගේ මැද නිදා උන්නාය.
Share
