Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Saba Minisekuge Kathawak | සැබෑ මිනිසෙකුගේ කතාවක් translated by Dadigama V Rodirigo

Saba Minisekuge Kathawak | සැබෑ මිනිසෙකුගේ කතාවක් translated by Dadigama V Rodirigo

Regular price £8.99 GBP
Regular price Sale price £8.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

"උඹ මොකද බය වෙන්නෙ? සිනමා තරුවක් වෙන්න හදනවද? උඹගෙ ඔය පෙම්වතිය උඹට හැබෑටම පෙම් කරනවනම් තුවාල කැළැල් නිසා එයා බය වෙන එකක් නැහැ. බය වෙනවනම් එයා උඹට හැබෑටම පෙම් කරල නැහැ. එහෙනම් එයාව යන අතක යන්න හරිනව" යැයි කී අලෙක්සි ඔහු සැනසුවේය.

"ගෑණු ජාතිය ඔහොම තමා" කුකුෂ්කින් කීවේය.

"තමුසෙගෙ අම්මත් එහෙමද?" එම කතාව අසා ගෙන සිටි කොමිසාර් ඔහුගෙන් ඇසීය.වාට්‍ටුවේ හැම රෝගියෙක්ම තම සොහොයුරෙකු මෙන් පිළිගෙන ඇති කොමිසාර්, කුකුෂිකින් ඇමතුවේ පිටස්තර කෙනෙකු මෙනි.

ඒ ප්‍රශ්නය නිසා කුකුෂිකින් වෙනස් වූ හැටි දකින විට පවා විශ්වාස කල නොහැකි විය. ඔහුගේ ඇස් රතු විය. මුහුණ කඩදාසි කොලයක් මෙන් සුදුමැලි විය
.
"ඔන්න පේනව නේද? මේ ලෝකෙ හොඳ යහපත් ගැහැණුත් ඉන්නව" කොමිසාර් ශාන්ත ලෙස පැවසීය.

View full details