UK Sinhala Poth Kade
Sanda Ru Andi Sanda | සඳ රූ ඇඳි සඳ By Waruni Wasawadaththa Deshapriya
Sanda Ru Andi Sanda | සඳ රූ ඇඳි සඳ By Waruni Wasawadaththa Deshapriya
Couldn't load pickup availability
රන්, ඔබ මටත්, රටටත් එක සමානව ආදරය කළේය. එහි සැකයක් නැත. ඔබ සටන් කළේ රටේ නිදහස උදෙසා ය. ඔබේ ලෙයින් මගේ කුස ජනිත අපේ දරුවාටත්, සුවහසක් දරුවන්ටත් ඒ නිදහස උරුම කරන්නට ය.
රන්, ඔබ මා වැන්දඹුවක් කළේ නැත. ඔබ නික්ම ගියේ මා විරු බිරියක් කොට ය. මා ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් රසල රනුජය වරුසවිතානගේ බිරියයි. මම ඔබ දරා ගත්තේ යම් සේ ද ඔබේ නික්ම යෑමත් එලෙසින් ම දරා ගන්නෙමි. පිළිණ රකින්නෙමි.
රන්, ඔබට පිදුනු අපේ මතක හද පුදසුන සදා ඔබගේ ය. ඔබගේ ම ය. එතැන උණුසුම් ය. සුව පහසු ය. අදරැති ය. ඔබට මිස අන් කිසි කෙනෙකුට හිමි නොවනා එතැන අපේ මතක මගේ අවසන් හුස්ම දක්වා ම දීප්තිමත්ව දැල්වෙනු ඇත.
රන්, මතක මට තබා සතුට සොයා යන්නට මම ඔබ මිටින් හරින්නෙමි. මා හැර නික්ම යන්න. සසරේ ගමනේ කවදා හෝ බවයක අප යළි හමුවන තෙක් අකල් සමුගැනීම් නැති සතුටු බව පුරා සරන්න.
රූ, ඔබ මගේ ජීවිතයයි. මගේ හද ගැස්මයි. මගේ උණුසුමයි. මගේ ආලෝකයයි. මගේ ආදරයයි. රන්ගේ විශ්වාසයයි. ඔබ මගේ දරුවන්ගේ පියායි.
රූ, මා දරාගගන්නට පහසු නැති බව මම දනිමි. ඔබ දරා ගන්නේ මා පමණක් නොවේ. මා රන් හා එක්ව ලියූ මතකත්, ඔබ රන් හා එක්ව ලියූ මතකත් ඔබ උසුළා ගත යුතු ය.
රූ, ඔබ අන් සියල්ල ම දෙවැනි කොට මට ආදරය කරනා බව මම දනිමි. සසර සරණා හැම බවයකදී ම මට ඔබ ඕනෑ ය. මම ඔබේ සංසාර පාදපරිචාරිකාව වී ඔබ පසුපස එන්නෙමි.
සඳශාක්යා වරුසවිතාන…..
Share
